නොයෙකුත් සංස්කරණ නිකුත් වෙමින් ජෙලිබීන්ගෙන් කිට්කැට්ටත්, එයින් ලොලිපොප් සහ මාෂ්මෙලෝ තෙක් ඉදිරියට පැමිණියද ස්මාට්ෆෝන් යනු එක් අංශයකින් සැමදා ජරාජය වන උපාංගයකි. එය ඇන්ඩ්‍රොයිඩ්ට පමණක් නොව සෑම සියලු තරගකාරී සමාගම් මුහුණදෙන අර්බුදයකි. එහෙත් පසුගියදා අසන්නට ලැබුණේ එයට සුබදායී පිළිතුරකි. එය යම් යෙදුමක් හරහා ඔබගේ උපාංගයේ බැටරි ඛාදනය කරන යෙදුම් ගෙනහැර දැක්වීමක් හෝ අතරමගදී බලගැන්වීමට හැකි තවත් එක් පවර් බෑන්ක් එකක් හෝ නොවන සාර්ථක විසඳුමකි.
K10000 යන නමින් වෙළෙඳපොළට එන මෙම උපාංගය Oukitel නම් සමාගමේ නිෂ්පාදනයකි. පැයකට මිලිඇම්පියර් 10,000ක බලයක් ජනනය කරන මෙම උපාංගය සාමාන්‍ය ලිතියම් අයන් ඝනයේම බැටරියකින් සන්නද්ධ වීමද සුවිශේෂය.
දැනට වෙළෙඳපොළෙහි පවතින බොහෝ උපාංග පැයකට මිලිඇම්පියර් 2000 සීමාවේ බැටරි අගයක් දක්වන අතර(ඇතැම් සුළුතරයක් උපාංග පැයකට මිලිඇම්පියර් 3000 ඉක්මවයි) බොහෝවිට දිනකට දෙවරක්වත් යළි බලගැන්වීමේ අවශ්‍යතාව පැනනගින බව නොරහසකි. නිෂ්පාදකයන් පවසන අන්දමට මෙම බැටරි ජවයත් සමග මෙම උපාංගයේ ආයු කාලය දින පහළොවක් තරම් දීර්ඝ වනු ඇතැයි සඳහන් වේ.
එතරම් අධිබල බැටරියක් සහිත උපාංගයක් දැඩි බරකින් යුක්ත වීමට ඉඩ ඇතද මෙම උපාංගයේ බර ලෙස සඳහන් වන්නේ ග්‍රෑම් 192කි. එසේම ඉහළ අගයක් ගනු ඇතැයි සැලකෙන අනෙක් දර්ශකය වන මිලද ඇමෙරිකානු ඩොලර් 240ක් ලෙස(ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 34,000) දැක්වෙයි.