වර්තමානයේදී ස්මාට්ෆෝන් උපාංග අප අතීතයේ භාවිත කළ බොහෝ උපාංගයන්ගේ තැන ගනිමින් තිබේයැයි කීම වැරදි නොවේ. විශේෂයෙන්ම ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීමට බොහෝ දෙනෙකු උනන්දු නොවන්නේ වත්මන් ස්මාට්ෆෝන් උපාංගයන් සමගින් එන කැමරාවන් තුළ නවීන ඩිජිටල් කැමරාවන් තරමටම හැකියාවන් සහ ප්‍රබලත්වයක් අඩංගු වන නිසාවෙනි.
කෙසෙ නමුත් ඇක්ෂන් කැමරා සම්බන්ධයෙන් එසේ කිව හැකි නොවේ. යම් කිසි වේගවත් ක්‍රියාදාමයක් වෙත සම්බන්ධ වී ඇති මොහොතේම එය පටිගත කිරීමේ හැකියාව සහිත ඇක්ෂන් කැමරාවක් ස්කයි ඩයිවින්ග්, වයිට් වෝටර් රාෆ්ටින්ග් හෝ සර්ෆින්ග් වැනි ක්‍රීඩාවක සිට සයිකල් පැදීම, වේගවත් රිය ධාවනය මෙන්ම කඳු නැගීම, පා ගමන් වැනි ක්‍රියාකාරකම් සඳහා පවා භාවිතා කිරීමේ හැකියාව තිබේ.
ඔබේ ස්මාට්ෆෝනය මෙවැනි ඇක්ෂන් කැමරාවක් ලෙසින් භාවිතා කළ නොහැකිද? මෙය බොහෝ දෙනෙකුගේ සිතට නැඟී ඇති ගැටලුවක් විය හැක. විශේෂයෙන්ම සාමාන්‍ය කැමරාවක් ලෙසින් ස්මාට්ෆෝන් කැමරාව භාවිතා කළ හැකි නම්, ඇක්ෂන් කැමරාවක් ලෙසින්ද ස්මාට්ෆෝන් කැමරාව භාවිත කිරීමේ අපහසුවක් නැත. කෙසේ නමුත් ගැටළුව වන්නේ සාමාන්‍ය ස්මාට්ෆෝනයක් ඇක්ෂන් කැමරාවක් ලෙසින් හැඬලයකට හෝ වෙනත් එවැනි උපාංගයක් වෙතට සම්බන්ධ කිරීමේ හැකියාව නොමැති වීමත්, විශේෂයෙන්ම මෙවැනි ක්‍රියාදාමයන් තුළ ස්මාට්ෆෝනයේ වේගවත් සෙලවීම නිසා කැමරාවක් ලෙසින් එයින් පළක් නොමැති වීමත් වේ. හඳුන්වා දෙන FlowMotion One උපාංගය වැදගත් වන්නේ එතැනදී වේ.
බැලූ බැල්මට සෙල්ෆී ස්ටික් එකක් ලෙසින් පෙනෙනා මෙම FlowMotion One උපාංගයට ගිම්බලයක් ආධාරයෙන් ඊට සවිකරනා ස්මාට්ෆෝනය ස්ථායී කොට තැබීමේ හැකියාව ඇත. ගිම්බලයක් යනු කැමරාවක් හෝ වෙනත් එවැනි උපාංගයක් කෙතරම් සෙලවීම්, පැද්දීම්, හැරීම් මධ්‍යයේ වුවත් පොළවට සමාන්තරව තබනා යාන්ත්රණයකි. කෙසේ වුවත් මෙවැනි වෙනත් උපාංගයන්ගෙන් FlowMotion One වෙනස් වන්නේ ඔබට මෙම ස්මාට්ෆෝනය හා සවිවන ගිම්බලය දඬුවෙන් ඉවත් කොට යතුරු පැදියක හැන්ඩ්ල් එකට හෝ හෙල්මටයකට හෝ වෙනත් එවැනි ඇක්ෂන් කැමරාවක් සවි කිරීම අවශ්‍ය වන දෙයකට සවි කළ හැකි වීම සමගිනි.
මෙසේ කිරීමට හැකියාව ලැබෙන්නේ මෙහි ඇති බැටරිය FlowMotion One හැඬලය නොව ඩොක් එක තුළ ස්ථාපිත කර තිබීම සමගිනි. එසේම මෙහි සම්මත කැමරා මවුන්ට් එකක් හෝ ගෝප්‍රෝ මවුන්ට් එකක් නැතිනම් ට්‍රයිපෝඩ් එකක් සවි කළ හැකි බේස් එකක් ඇති අතර, එය ඔබට කැමති අයුරකින් වෙනස් කර ගැනීමටද හැක.
මෙම FlowMotion One උපාංගයේ හැඬලය සෙල්ෆි ස්ටික් එකක මෙන්ම අවශ්‍ය නම් දිගු කිරීමටද හැකියාව ඇති අතර, හැකිළූ විට සම්පූර්ණ උපාංගයම සාක්කුවක දමාගෙන යා හැකි තරමට කුඩා වේ. එසේම මෙහි බැටරිය එක් වරක් චාර්ජ් කළ පසුව පුරා පැය තුනක් ඇක්ෂන් කැමරාවක් ලෙසින් ඔබේ සමාට්ෆෝනය භාවිත කිරීමට අවශ්‍ය ස්ථායීකරණය කිරීම ලබාදීමට මෙය සමත් වනු ඇත.