මෙම වසරේ නිකුත් වන බවට නිල දැනුම්දීම් සිදුකර ඇති ස්මාට්ෆෝන් අතර Asus Zenfone AR උපාංගය ඉතා ඉහළින් වැජඹෙන්නේ එහි අඩංගු නව තාක්ෂණය නිසාම බව කිව යුතුවේ. ද්විත්ව සිම්පත් ඇතුළු කළ හැකි ලෙස නිමාවී ඇති මෙම ස්මාට්ෆෝනය Super AMOLED capacitive touch screen තිරයකින් සන්නද්ධ වන අතර, එහි තිර ප්‍රමාණය අඟල් 5.7 ක් වේ. එයට Corning Gorilla Glass 4 තිර ආරක්ෂණ වීදුරුවකින් ආරක්ෂාව ලැබේ.
මෙය Android OS, v7.0 (Nougat) මෙහෙයුම් පද්ධතිය මගින් බලගැන්වෙන අතර, Snapdragon 821 චිප පද්ධතියකින්ද, Quad-core ප්‍රොසෙසරයකින්ද සමන්විත වේ. මෙම Asus Zenfone AR ස්මාට්ෆෝනයට ගිගාබයිට් 256ක් දක්වා වූ මතක ධාරිතා චිප ඇතුළු කොට බාහිර මතකය ඉහළ දැමීමට හැකියාව ඇති අතර, අභ්‍යන්තර මතක ධාරිතාව අනුව සහ රැම් මතකය අනුව එය සංස්කරණ කිහිපයකින් නිකුත් වෙයි. ඒ අනුව 32/64/128/256 GB ලෙසින්ද 4/8 GB RAM ලෙසින්ද එය විවිධ සංස්කරණවලට බිඳෙනු ඇත.
මෙහි ප්‍රධාන කැමරාව 23 MP විභේදනයකින් යුතුව (f/2.0), අඟල් 1/2.6 සෙන්සර ප්‍රමාණය, 1 µm pixel size, OIS (4-axis), 3x zoom, phase detection autofocus, depth and motion tracking sensors වැනි හැකියාවන් සමගින්ද, geo-tagging, touch focus, face detection, HDR, panorama වැනි විශේෂාංගයන් සමගින්ද නිකුත් වෙයි. එහි 2160p@30fps ගුණාත්මක බවකින් වීඩියෝ කිරීමේ හැකියාව ඇත. ඉදිරිපස ද්විතියික කැමරාව 8 MP (f/2.0) විභේදනයකින් යුක්ත වන අතර, එයටද 1080p ගුණාත්මක බවකින් වීඩියෝ පටිගත කිරීමේ හැකියාව පවතී.
මෙම දෘඩාංග හැකියාවන්ට අමතරව මෙහි ශ්‍රව්‍ය ප්‍රතිදාන තාක්ෂණය අතින් බැලූ විටද Asus Zenfone AR ස්මාට්ෆෝනය සැලකිය යුතු මට්ටමෙන් ඉහළින් ඇති බව පැවසිය හැක. එසේම Fingerprint (front-mounted), accelerometer, gyro, proximity, compass වැනි සෙන්සරයන්ද මෙයට අනුයුක්තය. මීට අමතරව ගූගල් සමාගම මෙය නිෂ්පාදනයට ඍජු මැදිහත්වීමක් කර තිබීමද උපාංගයේ වැඩි ආකර්ෂණයට හේතුවක් වී ඇත.