පරිගණක භාවිතා කරන සෑම දෙනෙකුටම HDR ගුණාත්මක භාවයේ මොනිටරයන් අවශ්‍ය නොවනු ඇත. ඉහළ ගුණාත්මක භාවයකින්, දීප්තිමත් වර්ණ ලබාදෙන තිරයක් භාවිතා කරමින් නවතම වීඩියෝ ක්‍රීඩාවන් අත්හදා බලන, නවතම චිත්‍රපට නරඹන පරිශීලකයන් හටද වර්ණ බිලියනයක ගුණාත්මක භාවයක් අවශ්‍ය නොවනු ඇත.
එසේ නමුත් ග්‍රැෆික් හෝ සජීවීකරණ නිර්මාණ ශිල්පීන් ඇතුළු, සියුම් වර්ණ වෙනස්කම් පවා ග්‍රහණය කරගැනීම අවශ්‍ය වන වෘත්තියක නිරත වන්නෙකු හට අනිවාර්යයෙන්ම මෙවැනි ඉහළ මට්ටමක HDR මොනිටරයක් අවශ්‍ය වනු ඇත.
ඩෙල් සමාගම මගින් ප්‍රථම වතාවට හඳුන්වාදෙන UltraSharp 27 4K HDR මොනිටරයේ සුවිශේෂීත්වය වන්නේ මෙය වර්ණ බිලියන 1.07 ක ගැඹුරු වර්ණ පරාසයකින් යුක්ත වීමයි. මෙය Adobe RGB, sRGB, REC 709 වර්ණාවලීන් 100%ක්ම ආවරණය කරනා අතර, DCI-P3 වර්ණාවලිය 97.7%ක් ආවරණය කරනු ඇත.
එසේම REC2020 වර්ණාවලිය 76.9 ක්ද මෙයින් ආවරණය වේ. එම නිසා ඉහළ මට්ටමේ ග්‍රැෆික් හා වීඩියෝ නිර්මාණකරණයට මෙන්ම තත්‍යාසන්න යතාර්ථය සම්බන්ධ වැඩකටයුතු සඳහාද මනා සහයක් ලැබෙනු ඇත. එසේම මෙය HDR10 සම්මතයන් සඳහා සම්පූර්ණයෙන්ම සහාය දක්වයි.
මෙම මොනිටරය ඔබගේ වර්ක්ස්ටේෂන් පරිගණකය සමගින් මෙන්ම වෙනත් ඕනෑම පරිගණක උපාංගයක් සමගින් පහසුවෙන් භාවිතා කිරීමට හැකියාව ලැබෙනා අතර, නිෂ්පාදකයන් කියන්නේ පෙර නොවූ විරූ ලෙසින් සුපැහැදිලි වර්ණයන් සහ ඉහළ මට්ටමේ දෘෂ්‍ය ප්‍රතිදානයක් මෙයින් ලැබෙනු ඇති බවයි. එසේම පරිශීලකයාට අවශ්‍ය පරිදි වර්ණ ක්‍රමාංකනය කිරීමේ හැකියාව හා අවශ්‍ය පරාමිතීන්ට අනුව වර්ණ සීරු මාරු කිරීමේ හැකියාවන්ද මෙහි තිබේ.