අද රැකියා අවස්ථා බහුලව පිටරට ඇති ක්ෂේත්රය තොරතුරු අංශය යැයි සඳහන් කළ හැකිය. දිනෙන් දින විවිධ ඉසවු ඔස්සේ නව මංපෙත් විවර වී විකාශනය වන තොරතුරු තාක්ෂණ අංශය සඳහා ශ්‍රී ලංකාවේ වසරකට පිරවීමට ඇති රැකියා අවස්ථා ගණන 10,000 සිට 15,000ක පමණ ඇතැයිද සඳහන් කළ හැකිය.අද දවසේ තොරතුරු තාක්ෂණ අංශයෙහි දැනුම ලබාගන්නා පිරිසගේ හෙට දවසේ අනාගතය කෙසේ විය හැකිද?, ඒ පිළිබඳ සහ තොරතුරු තාක්ෂණය ගැන ඔබ දැනගත යුතුම කරුණු රැසක් පිළිබඳ ඔබව දැනුවත් කිරීමට දිවයිනේ මෙම අංශයේ දැනුම ලබාදෙන ප්‍රකට ආයතනයක් වන ඊ- සොෆ්ට් (Esoft) ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ, සභාපති සහ අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක්වූ වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතා අප 'අද' සමග සම්බන්ධ කරගත්තෙමු.
Q අද ලංකාවේ තොරතුරු තාක්ෂණය තිබෙන්නේ මොන වගේ තැනකද?
තොරතුරු තාක්ෂණය යනු අද රැකියා අවස්ථා සඳහා බෙහෙවින් විවර වූ අංශයක්, වැටුප් ප්‍රමාණය ගැන කතා කළොත් , ඉහළම වැටුප් ස්ථරයක සිට මධ්‍යස්ථ වැටුපක් ලබාගත හැකි අංශයක්. දැනුම සහ ප්‍රා‘යෝගිකත්වය දෙස බැලුවොත්, අපි උපරිම තැනට තවම පැමිණ නැහැ. නමුත් ඊයෙට වඩා අද දවස ශීඝ්‍ර දියුණුවක් ලබා තිබෙනවා. හෙට දවසෙන් ශ්‍රී ලංකා භූමිය එහි උච්චතම ස්ථාවරයට ගමන් කරයි.
Q මේ රැකියා සඳහා වූ අවකාශය නිසාද, මවුපියන් දරුවන් වඩාත් මේ ක්ෂේත්රයට යොමු කරවීමට උනන්දු වන්නේ? එය දරුවන්ට කරන බලපෑමක් නෙවෙයිද?
කොහෙත්ම නැහැ. ළමයාට පීඩනයක් වන්නේ ළමයා අකමැති දෙයකට යොමු කළ විටයි. ඒ නිසා දක්ෂතාව හඳුනාගෙන ළමයින්ව මෙහෙයවීම ඉතා වැදගත්. අද මේ ක්ෂේත්රය තම පසුම්බිය විශාල ලෙස සරු කරවන අංශයක් බවට පත්වෙලා. රැකියා අවස්ථාත් බොහොමයි.
මෑතකදී ඔබ ආයතනය උපාධි ප්‍රදානෝත්සවයක් පැවැත්වුවා. මෙලෙසින් වසරක් පාසා තොරතුරු තාක්ෂණ අංශයේ දැනුම ලබාදෙන තවත් බොහෝ ආයතන තිබෙනවා. මේ සියලු අංශ වෙතින් සමාජගත වන පිරිසට මොන වගේ රැකියාද විවර වී තිබෙන්නේ?
අපි මෙවර උපාධි ප්රදානෝත්සවය පැවැත්වූවේ පස්වැනි වතාවටයි. මෙවර පශ්චාත් උපාධි සහ උපාධි ලැබූ පන්සීයකට වඩා වැඩි පිරිසකට උපාධි ප්රදානය කෙරුණා. මේ උපාධි අපි පිරිනමන්නේ බ්‍රිතාන්‍යයේ පිළිගත් සරසවි ආයතන වෙතින්. ව්‍යාපාර කළමනාකරණය, තොරතුරු තාක්ෂණය, පරිගණක ජාල නිර්මාණය කරන අංශ මෙන්ම මෘදුකාංග අංශයේ සහ ඉංජිනේරු ආදී මේ වගේ අංශ කිහිපයකින් උසස් අධ්‍යාපනය ලද පිරිසක් මෙහිදී උපාධි ලැබුවා.
මෙහිදී උපාධි ලබා පිටවන පිරිස තමුන්ගේ අභිප්‍රාය පරිදි රැකියා සඳහා යොමු ෙවනවා. විදෙස්ගතවන පිරිස හැර ලංකාවේ රැකියාවේ නිරත වන පිරිස අතර සැසඳීමක් කළොත් ලබන වැටුප ඉතා වෙනස් වෙන්න පුළුවන්. නමුත් විදෙස්ගත නොවී මෙහිදීම ඉතා හොඳ වැටුප් ස්ථරයකට යා හැකි අංශ බොහෝමයි. යමෙකුට රැකියාවක් කරලා ගෙයක් දොරක් හදාගෙන වාහනයක් ගැනීමට විශ්‍රාම වයස දක්වා වැඩකිරීමට සිදුවේ නම් ඒ අංශය එතරම් ආකර්ෂණීය වන්නේ නැහැ. නමුත් මෙම තොරතුරු තාක්ෂණ අංශයේ රැකියාවලදී වයස අවුරුදු තිහ, තිස්පහ වෙද්දී ඔය කියන අභිප්රායන් සපුරාගත හැකි අවකාශය තිබෙනවා. ලංකාවේ මේ තිබෙන නිදහස, අවකාශය තමුන් උපන් පරිසරය සහ සියල්ල ගත්තාම ලංකා භූමියේදී උපයන මුදල හා විදේශයකදී උපයන මුදල එක හා සමාන විය හැකියි.
Q ශ්‍රී ලංකාවේ බොහෝ වැඩිහිටියන්ට පරිගණක දැනුමක් නැහැ. නමුත් ඔවුන් දරුවන්ව මේ ක්ෂේත්රයට යොමු කරවීමේදී මොන විදිහේ පිළිගැනීමක්ද අනුගමනය කළ යුත්තේ?
දරුවා පරිගණක ක්ෂේත්රයට අවතීර්ණ වන්නට මවුපියන් හා සකච්ඡා කළ යුතුයි. යා හැකි දුර ගැන දන්නෙ දරුවන් බව සැබෑව. එසේ වුවත් මවුපියන් හට මේ ක්ෂේත්රය පිළිබඳව දැනුමක් නොතිබෙන්නට පුළුවන්. එය ප්‍රශ්නයක් නොවෙයි. මවුපියන්ට එහිදී ඇත්තේ රැකවරණය පිළිබඳව වූ අවධානය හා දරුවා නිසි ලෙස හැසිරවීමයි.
දරුවා තම අරමුණෙන් තොර වෙනත් දෙයකට මනස යොදවනවා නම් මවුපියන් ඒ ගැන අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි. තොරතුරු තාක්ෂණයට පමණක්ම නොවෙයි ඕනෑම අංශයක උසස් අධ්‍යාපනයේ යෙදෙන දරුවා ගැන අවධානය යොමු කළ යුත්තේ ඒ විදිහටයි. අපිට මේ දැනුම නැහැයි කියා වැඩිහිටියන් දරුවන් ඒ ක්ෂේත්රයට යොමු කරවීමේදී අනිසි බියක් ගතයුතු නැහැ.
Q මෙහිදී රැකියා උත්පාදනය වන්නේ කුමන ආකාරයෙන්ද?
දෙවිදිහකට රැකියා උත්පාදනය වීම සිදුවනවා. අද වනවිට තොරතුරු තාක්ෂණයෙහි මෘදුකාංග, දෘඪාංග, පරිගණක ජාල යනු වෙනම කර්මාන්තයක්. මෙම කර්මාන්තය දිනෙන් දින දියුණු වෙනවා. එහි නිමාවක් නැහැ. මේ වනවිට ඉදිරි වසර දෙක ඇතුළත නව සමාගම් දහසක් ඇති කරවීමට දැන් සාකච්ඡා වෙනවා. එය සැසඳීමේදී එක් ආයතනයකට විසිදෙනෙක් රැකියා සඳහා යොමු වුවහොත් එතැනම විසිදහසකට රැකියා අවස්ථා විවර වෙනවා.
අපි ඒ හැර අනික් අංශය ගැන කතා කළොත් අද රජයේ හෝ පෞද්ගලික අංශයේ ඕනෑම ආයතනයක පරිගණක අංශය ඉතා පුළුල් වෙලා. මේ නිසා ලැබෙන සේවාව වේගවත් වෙලා. මේ සෑම ක්ෂේත්රයකම නවීකරණය කරන්න අවශ්‍යතාව ඉහළ අගයක් ගන්නවා. වෛද්‍ය විද්‍යාව, වාණිජ අංශ, පරිපාලන අංශ ආදී ඕනෑම අංශයකට අද නැතුවම බැරි තත්ත්වයට තොරතුර තාක්ෂණය පත්වී හමාරයි. නමුත් වසරකට ඒ රැකියා වෙනුවෙන් දසදහසක සිට පහළොස්දහස දක්වා පුරප්පාඩු පවතිනවා.
මෙලෙසින් රැකියා උත්පාදනය වීමේ ඉහළම අවකාශයක් ඇති අංශය මේ තොරතුරු තාක්ෂණ අංශයයි.
රැකියා අංශය එලෙසින් බහුල වුවත්, ඉල්ලුම වැඩි වුවත්, අද සමාජයට තිබෙන ප්‍රශ්නයත් මේ තාක්ෂණයම නේද, මොන වෙලාවේ බැලුවත් එක්කෙනෙක් ටැබ් එකේ නැතිනම් ෆෝන් එකේ, ලැප් එකේ මේ නිසා මිනිසා සෞන්දර්යයෙන් ඈත්වෙලා කියලා හිතෙන්නේ නැද්ද?
පරිගණකය සහ ජංගම දුරකථනය යනු දෙකක් . දුරකථනයට ඇබ්බැහිවීම යනු තරුණ පරපුර එයාලගේ ඉලක්කවලට යෑමේදී ඇතිවන බාධාවක් වෙන්න පුළුවන්. නමුත් ජංගම දුරකථනයට අවශ්‍ය මෘදුකාංග හදන්න උත්සාහ ගන්න පුළුවන්. ඒ වගේ නිරන්තරයෙන් නව දේ සොයා යෑමේ අවකාශය මේ ක්ෂේත්රය සතුව පවතිනවා. ඕනෑම ක්ෂේත්රයකට අලුතින් යන කෙනෙකුට එකවර දෙයක් කළ නොහැකියි. අද මෙම අංශයේ පශ්චාත් උපාධි දක්වා ඉගෙනුම ලැබූ පිරිස් බොහෝමයි.
උපාධියෙන් පසුව පශ්චාත් උපාධි ලබන පිරිස 50%දක්වා වර්ධනය වෙලා. එය අනෙක් ක්ෂේත්රවල දක්නට නොලැබෙන තරම් ප්‍රවණතාවක්. ඒ නිසා අපේක්ෂිත අරමුණක් ඇති අයට යා හැකි දුර බොහෝමයි. අපි කරන්නේ ඒ මාවත විවර කරදීමේ කර්තව්‍යයයි.
Q ලංකාවේ තව කොපමණ දුරකට මෙම අංශය ව්‍යාප්ත කළ යුතුව තිබෙනවාද?
වත්මනෙහි සියලුම මෘදුකාංග පෙළේ සමාගම් ගතහොත්, ඒ සියල්ල තිබෙන්නේ කොළඹ. ඉතා සීමිත ප්‍රමාණයක් නුවර තිබෙන්නට පුළුවන්. එහෙත් එය එලෙසින් සීමා විය යුතු නැහැ. මෙය රට පුරා ව්‍යාප්ත කළ යුතු අවශ්‍යතාවක් බවට අද පත්ව තිබෙනවා. මේ වෙළෙඳ පොළ සොයා ගැනීම සිදුවන්නේත් තාක්ෂණය වෙතින් . ඒ නිසා ඒ වෙනුවෙන් වූ මෘදුකාංග නිර්මාණයට පවා පෙළඹෙන්න පුළුවන්. ඒ අවශ්‍යතාව සමාජජාලා, මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත කරවන විදිහ ගැන සිතන්න පුළුවන්.
මෘදුකාංග හදන කාර්යය කොළඹ හා නුවරටම සීමා විය යුතු නැහැ. එය රටපුරා ඕනෑම තැනක සිට කළ හැකියි. අද රටේ අන්තර්ජාල පහසුකම් හරි ඉහළයි. ඒ නිසා ලංකාවේ ඕනෑම කොනක ඉමක සිට මෙම අංශයේ නව සොයාගැනීම්, ව්‍යාපෘති, නිර්මාණය වගේම ආයතනයක් බිහිකිරීමේ අවකාශය තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ අරමුණ සහ ඉලක්කය පමණයි.
Q මෘදුකාංග ගැන විතරමද අප අවධානය යොමු කළ යුත්තේ. ලංකාවේ දෘඪාංග කර්මාන්තය දියුණු කරන්න බැරිද?
අමුද්‍රව්‍ය මත පදනම්ව එය සිදුවන නිසා නිෂ්පාදන ක්‍රියාවලියේදී එය අපට දරාගත නොහැකි වේවි. ඒ නිසා දෘඪාංග අංශය ගැන වැඩිදෙනා අවධානය යොමු කරන්නෙ නැහැ. නමුත් පරිගණකයක්ම නොව නව නිමැවුමක් (ගැජට් එකක්) හදනවා නම්, එය මෘදුකාංග, දෘඪාංග යන සම්මිශ්‍රණයෙන් සමන්විත වෙනවා.
එහිදී Iot කියන සංකල්පය අප සතුයි. මේ තාක්ෂණය නිසා තමාගේ කරන කියන කටයුතු ඉතා ක්‍රමවත් වෙනවා. සැලසුම් වෙනවා. ඒ නිසා අපට නිෂ්පාදනයක්ම නිර්මාණය කළ යුතු නැහැ. ඒ නිෂ්පාදනයට අවශ්‍ය අමතර සේවා ලබා ගැනීමේ උපාංග නිපදවන්න පුළුවන්. එහි විශේෂිත ගුණාංග තිබේ නම් එයට වෙළෙඳ පොළ ජයගත හැකියි. එලෙසින් අරමුණු, සිතුවිලි සහ තමාගේ ඉලක්කය ගැන සිතා කටයුතු කිරීම වැදගත්. අපි මේ ශ්‍රී ලාංකේය සමාජයට සපුරාලන්නේ ඒ වගකීමයි. මෙම අංශය ගැන උනන්දු වන එහෙත් වියදම් කිරීමට අපහසුතා ඇති දක්ෂයන් උදෙසා තමයි අපි 'Leap' සංකල්පය ගෙනාවේ. වෙනත් විදිහකට කියනවා නම් එය 'Learn Earn And Pay' යනුවෙන් හඳුන්වන්න පුළුවන්.
- සඳුන් ගමගේ