පසුගියදා ගූගල් සතුව පැවති මෝටරෝලා දුරකථන සමාගම යළිත් අලෙවි වන අතර, එහි නව හිමිකරුවා වූයේ Lenovo සමාගමයි. ඒ ඇමරිකානු ඩොලර් බිලියන 2.91 ක මුදලකටයි. එයින් Google සමාගමට කෙතරම් මුදලක් පාඩුවුණාද?
2011 වසරේදී එනම් මීට වර්ෂ දෙකහමාරකට ඉහතදී Google සමාගම විසින් Motorola මිලට ගත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක මුදලකටය. ඒ හරහා ඍජුවම Googleහට ඇමරිකානු ඩොලර් බිලියන 9.6ක නඩුවක් සිදුව ඇති බව සහතිකය. ඒ ඔබට පෙනෙන ආකාරයයි. නමුත් Google සමාගම Motorola වෙතින් ලබාගත් ප්රයෝජන සහ ඔවුන්ගේ දැනුම් ආයෝජනයන් සමග බලන විට Google හි පාඩුව තවත් පහළට වැටේ. ඒ අනුව දැනට ගණනය කර ඇති පාඩුව ඇ.ඩො. බිලියන 3.2 කි. ඒ කෙසේ වුවද පාඩුවන මුදලට සරිලන තාක්ෂණයන් Google විසින් Motorola ගෙන් උකහාගෙන ඇති බවත් පැවසෙනවා.