අවසානයට ඇපල් සමාගම මගින් නිකුත් කරනු ලැබූ අයිෆෝනය, පරිශීලකයින්ගේ අපේක්ෂාවන්ගේ මට්ටමට ලඟා වීමට සමත් නොවුණු අතර, එහි තිබූ විශේෂතාවයන්ද ඇපල් ලෝලීන්ගේ මන්දොළ සපුරාලීමට සමත් වූයේ නැහැ. එනිසා බොහෝ දෙනෙකු බලාපොරොත්තු වන්නේ මීලඟ අයිෆෝනය ලෝකය තුළ දැඩි විප්ලවකාරී වෙනසක් ඇති කරනු ඇති බවයි.
වර්තමාන ඇපල් ප්‍රධානියා වුනු ටිම් කුක් ඕග්මන්ටඩ් රියැලිටි හෙවත් වැඩිවර්ධනය කරනු ලැබූ යතාර්ථය සම්බන්ධයෙන් දක්වන උනන්දුවත් සමගම, ඔහු වර්චුවල් රියැලිටි තාක්ෂණයට වඩා ඕග්මන්ටඩ් රියැලිටි තාක්ෂණය පිළිබඳ කරන්නා වූ නොයෙකුත් ප්‍රකාශයන් නිසා මීලඟ අයිෆෝනයේ කැමරාව සමග බද්ධව, පරිශීලකයින් හට ඕග්මන්ටඩ් රියැලිටි අත්දැකීමක් ලබාගැනීමට අවශ්‍ය අංගෝපාංගයන් සහ හැකියාවන් පැමිණෙනු ඇතැයි ඇපල් ලෝලීන් විශ්වාසය තබා සිටී.
ඇපල් ප්‍රධානි ටිම් කුක් පවසන්නෙ ඕග්මන්ටඩ් රියැලිටි යනු වර්තමානයේ එක්තරා ආකාරයට 'මැජික්' ස්වභාවයකින් ලෝකය දකින දෙයක් වූවත්, අනාගතයේදී එය අප දිනකට ආහාර වේල් තුනක් අනුභව කරන තරම් සාමාන්‍ය දෙයක් වනු ඇති බවයි. එසේම මේ අතරේ ඇසෙන වෙනත් පුවතක් වන්නේ, මෙවැනි ව්‍යාපෘතියකට අවශ්‍යම කරන පිරිස්ද සම්බන්ධ කර ගනිමින්, ගූග්ල් සමාගම සිය ගූග්ල් ග්ලාස් ව්‍යාපෘතිය නැවතුණු තැනින් ඉදිරියට ගෙනයෑමට කටයුතු සූදානම් කරමින් සිටිනා බවයි.
සැබවින්ම ලෝකය පුරා මේ වනවිට විශ්වාස කරනා දෙය වන්නේ තත්‍යාසන්න යතාර්ථය හෙවත් වර්චුවල් රියැලිටියටද වඩා මිනිසාගේ එදිනෙදා කටයුතු සඳහා මනා සහායක් වනු ඇත්තේ ඔග්මෙන්ටඩ් රියැලිටිය හෙවත් වැඩිදියුණු කළ යතාර්ථය වනු ඇති බවයි. එනිසා ඇපල් සමාගමද ඒ සම්බන්ධයෙන් දැනටමත් අවධානය යොමු කර නැතිනම්, නුදුරු අනාගතයේදී හෝ සිත යොමු කරනු ඇතැයි යන්න අපේක්ෂා කළ හැකි දෙයක්.