ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 23 වන ඉරිදා
නවතම NVIDIA ග්‍රැෆික් ප්‍රොසෙසරයකින් බලගැන්වෙන Razer සමාගමේ නවතම Razer Blade ගේමින්ග් ලැප්ටොප් උපාංගය යනු සැබැවින්ම වඩාත් ප්‍රබල පරිගණක ක්‍රීඩා සඳහාම සැකසුණු ලැප්ටොප් උපාංගයකි. එය වඩාත් හුරුබුහුටි ජංගම කේසිනයක් ඇතුළත තැන්පත් කර නිර්මාණය කළ ජවසම්පන්න යන්ත්‍රයක් යැයි කීම සාවද්‍ය නොවේ.
මෙහි නවතම NVIDIA® GeForce® GTX 1060 ග්‍රැෆික් ප්‍රොසෙසරයක් සහ 7th Gen Intel® Core™ i7 Quad Core මධ්‍යම සැකසුම් ඒකකයක් තිබේ. සුපැහැදිලි දසුන් මවනා අඟල් 14ක තිරය සහ අඟල් 0.7ක සිහින් නිමාව සමගින් මෙය හැඩිදැඩි ගේමින්ග් පරිගණකයකින් වෙනස්ව, වඩාත් ජංගම පරිගණකයක් දෙසට නැඹුරු වී ඇත. මෙහි බලගැන්වුම් ඇඩැප්ටරය පවා ඔබට සිතාගත නොහැකි තරමේ හුරුබුහුටි නිමාවකින් සැකසී ඇත. එසේම 16GB DDR4 dual-channel රැම් මතකයක් සමගින් 1TB දක්වා වූ SSD මතකයක්ද මෙහි තිබේ. මෙය ධාවනය වන්නේ Windows 10 (64-bit) මෙහෙයුම් පද්ධතිය මතින් වන අතර, Thunderbolt™ 3 (USB-C) සම්බන්ධතාවයද මෙහි තිබීම සුවිශේෂි කරුණකි. එමගින් ඔබට අවශ්‍ය නම්, මෙය වඩාත් බලැති ඩෙක්ස්ටොප් පරිගණකයක් බවට පරිවර්තනය කිරීමද පහසු කටයුත්තකි.
popular news
ගණේමුල්ලේ සංජීවගේ ඉතිහසය ගැන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිගේ සටහන
තවත් ගෙවීන් දෙදෙනෙක් රජයට වී දෙති
මිල දෙකකට පාන් අලෙවි කරයි
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩික්කරුගේ ගමන් බෑගයේ ජීව අත් බෝම්බයක්
නි.ඇමති වටගල ‘බූරුවා‘ ලෙස ඇමතීම ගැන කැබිනට් ප්‍රකාශක ප්‍රතිචාර දක්වයි
අලුත්කඩේ අධිකරණයේ වෙඩික්කරුගේ නීතිඥ හඳුනුම්පත ගැන පැහැදිලි කිරීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd