ගෘහ අලංකරණය යනු වෙනමම අධ්‍යයනය කළ යුතු විෂයකි. එනමුත් ඔබට ඔබේ නිවස තුළ ගැලපෙන අන්දමින්, එක් තේමාවකට ගෘහ භාණ්ඩ, විසිතුරු භාණ්ඩ, චිත්‍ර තැන්පත් කිරීම සඳහා හොඳ නිර්මාණශීලීත්වයක් සහ ගෘහාලංකරණය සම්බන්ධ අදහසක් තිබීම සෑහේ. හඳුන්වා දෙන Design Home ඇන්ඩ්‍රොයිඩ් යෙදුම එක් අතකින් ඔබට ගෘහ අලංකරණය සම්බන්ධයෙන් අත්පොත් තැබීමට වටිනා යෙදුමක් ලෙසින් හඳුනා ගැනීමට හැකිවනු ඇති අතර, අනෙක් අතින් ගෘහ අලංකරණය තේමා වූ විනෝදය සපයන ක්‍රීඩාවක් ලෙසින්ද සිතිය හැක.
මෙහිදී ඔබට විවිධ පරිසරයන් තුළ, විවිධ ගෘහ නිර්මාණ ශිල්ප ක්රමයන්ට අනුව නිර්මාණය කළ නිවෙස් සහ ඒවායේ කෙටි විස්තරයන් සමගින්, එම නිවසක යම් කාමරයක් හෝ සාලයක් හෝ එවැනි එක් අවකාශයක් අභ්‍යන්තර අලංකරණය සඳහා ලබාදේ. මෙහිදී විවිධාකාරයේ ගෘහ භාණ්ඩ සහ විසිතුරු භාණ්ඩ තැන්පත් කළ යුතු ස්ථානයන් සම්බන්ධයෙන් ඔබට අදහසක් යෙදුම මගින් ලබාදෙන අතර, ඔබ කළ යුත්තේ ඔබට ලබාගත හැකි ගෘහභාණ්ඩ හා විසිතුරු භාණ්ඩ යොදාගනිමින් මනා සංගතභාවයක් සහ තේමාවක් ඇති අයුරින් ඒවා තැන්පත් කිරීමයි. මෙහිදී ඔබට නිවස තනා ඇති ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමය, එහි පිටත වර්ණය, එය පිහිටා ඇති පරිසරය යනාදී සියලුම කරුණු කාරණා සැලකිල්ලට ගැනීමට සිදුවනු ඇත.
goo.gl/mNiMb3