Micro Universal Travel Adapter
බොහෝ දෙනෙකු ට්‍රැවල් ඇඩැප්ටරයක් සම්බන්ධයෙන් උනන්දු වන්නේ රටින් පිට සංචාරයක යෙදෙන මොහොතකදී පමණි. ඒද තමන්ගේ ලැප්ටොප් උපාංගයන් හෝ වෙනත් එවැනි උපාංගයන් සමගින් සංචාරයේ නිරත වන්නේ නම් පමණි. ට්‍රැවල් ඇඩැප්ටරයක් ලෙසින් හැඳින්වෙන්නේ විවිධාකාරයේ විදුලි කෙවෙනි වලට සවි කළ හැකි විවිධ පේනු ගණනාවක් සංයුක්ත කළ එක් පේනු ඇඩැප්ටරයක් ලෙසින් හැඳින්විය හැක.
එවිට ඔබ සිටිනා ස්ථානයේ ඇති විදුලි කෙවෙනියට සරිලන පේනුව ඇඩැප්ටරයෙන් තෝරා සවි කිරීමට ඔබට පිළිවන. එවිට ඇඩැප්ටරයේ ඇති කෙවෙනියට ඔබේ උපාංගයේ විදුලි පේනුව පහසුවෙන්ම සවි කිරීමට හැකියාව ලැබෙනු ඇත. දැන් ඔබට පැහැදිලි විය යුතු කරුණ වන්නේ විවිධාකාරයේ විදුලි පේනු ගණනාවක් සංයුක්ත කිරීමේදී ට්‍රැවල් ඇඩැප්ටරයක් අතිශයින්ම හැඩිදැඩි වනු ඇති බවයි.
මෙසේ ට්‍රැවල් ඇඩැප්ටරයක් ප්‍රමාණයෙන් විශාල වනවාත් සමගින්ම, එහි ජංගම භාවය ගැටළු සහගත වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
කෙසේ වුවත් හඳුන්වාදෙන මයික්‍රෝ යුනිවර්සල් ට්‍රැවල් ඇඩැප්ටරය රටවල් 150ක භාවිත වන විවිධාකාරයේ විදුලි කෙවෙනි වලට ගැළපෙන පේනුවලින් සන්නද්ධව සිටී. එනමුත් එය විශේෂත්වයක් නොවේ. මෙහි විශේෂත්වය වන්නේ, මෙය වෙළෙඳ පොළේ ඇති වෙනත් ට්‍රැවල් ඇඩැප්ටරයන් සියල්ලටම වඩා ප්‍රමාණයෙන් හුරුබුහුටි සහ කුඩා වීමයි.
ඔබ සාමාන්‍යයෙන් සංචාරය කරනා ඕනෑම රටක ඔබට මුණගැසෙනා විදුලි පේනුවකට ඔබේ උපාංගයන් ආරක්ෂාකාරීව සවි කිරීමට සහාය ලබාදෙන මෙම ඇඩැප්ටරය පළලින්, උසින් සහ දිගින් ගත් විට සෙන්ටිමීටර 6 x 3.1 x 2.6 ප්‍රමාණයේ වේ. වෙනත් ලෙසකින් පවසන්නේ නම් මෙය ඉතාම පහසුවෙන් කලිසම් සාක්කුවක වුවත් දමාගෙන යෑමට හැකිවේ.
මෙම මයික්‍රෝ යුනිවර්සල් ට්‍රැවල් ඇඩැප්ටරය තුළ සංයුක්ත කොට ඇති විදුලි පේනු ප්‍රමාණය අඩු නොකරගනිමින් මෙතරම් හුරුබුහුටි ප්‍රමාණයකට නිෂ්පාදනය කිරීමට හැකිවී ඇත්තේ එහි ඇති දක්ෂ සැලසුමත් සමගිනි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, මෙහි ඇති පැතලි පේනු කූරු සහ රවුම් පේනු කූරු එකම තැනක තැන්පත් කර ඇත.
එසේම ඇඩැප්ටරය ඇතුළත තැන්පත් කොට ඇති පේනු ඉහළට මතුකිරීමට සහ ඒවා මනා ලෙසින් අගුලු දැමීමට ඇඩැප්ටරය දෙපැත්තේම සුපුරුදු පරිදි අල්ලු තිබෙනා අතර, මෙහි ඇම්පියර් 6.3 ක ප්‍රමාණයේ ෆියුසයක්ද ස්ථාපනය කොට ඇත්තේ විදුලි බලය ඒකාකාරී නොවන අවස්ථාවක ඔබේ උපාංගයන්ට හානි සිදු නොවීමටයි.