ශාරීරික සුවතාවය සැබෑ අවධානයක් දිනා ඇති වර්තමානයේදී, ශාරීරික සුවතාවය පවත්වා ගැනීම සඳහා ඩිජිටල් උපාංගයන් වහල් කොට ගැනීමද එක් අතකින් උත්ප්රාසය දනවන්නක් වී තිබේ. මන්දයත් මිනිසාට සෑම සියලු දෙයක්ම පහසු කරවා, ඒ නයින් මිනිසාව අලස කරවීමට උපයෝගී වූ තාක්ෂණයම දැන් ශරීර සුවතාවය සඳහාද උපයෝගී වන බැවිනි. කෙසේ වෙතත් මෙය තාක්ෂණයේ වරදක් නොව, තම ජීවන රටාවන් නිසි ලෙසින් සකසා ගැනීමට අපොහොසත් වූ මිනිසාගේම වරදක් ලෙසින් දැකීම සාධාරණ වේ.
ශරීර සුවතාවය සඳහා සහායකයින් ලෙසින් ක්‍රියාත්මක වන අතේ පළඳින ස්මාට් උපාංගයන් මේ වනවිට කෙතරම් ජනප්‍රිය වී ඇතිදැයි පවසන්නේ නම්, ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ පවා මෙවැනි ස්මාට් අතේ පළඳින උපාංගයන් තෝරාගැනීම සඳහා විවිධ සන්නාමයන් රාශියක් යටතේ විවිධ මාදිලි රැසකින් පවතී. එසේම මේවායේ මිල ගණන්ද ඒවායේ හැකියාවන්ට සාපේක්ෂව ඉතා අඩු මුදලක සිට ඉහළ පෙළේ ස්මාට්ෆෝන් වල මිලට සමාන ඉහළ මිල ගණන් දක්වා පරාසයක පවතී. එසේම මෙවැනි වඩාත් දියුණු ස්මාට් ශරීර සුවතා සහායකයන් සම්පූර්ණ මෙහෙයුම් පද්ධතීන් හරහා පාලනය වන, ඉහළ හැකියාවන් ප්‍රමාණයක් සහිත උපාංග වේ. එලෙසින්ම මේවා වඩ වඩාත් අත් ඔරලෝසු වල හැඩයට සහ නිමාවට සමාන ලෙසින් නිර්මාණය කිරීමට නිෂ්පාදකයින් උත්සුක වන්නේ, ඒවායේ විලාසිතාමය ගුණයද සලකා බලමිනි.
මෙම වසරේ අවධානයට ලක්වුණු, ප්‍රමාද වීම් ගණනාවකට පසුව නිකුත් වුණු Misfit Vapor උපාංගයද මේ සඳහා කදිම උදාහරණයකි. මෙය නමින් Misfit වූවත්, සැබවින්ම ඔබේ ඇඳුම් අල්මාරියට මනාව ගැලපෙන අත් ඔරලෝසුවක් ලෙසින් මෙය නිමැවීමට නිෂ්පාදකයින් උත්සුකව තිබෙනා බව බැලූ බැල්මටම පෙනී යන කාරණාවයි.
වෙළෙඳපොළේ දක්නට ලැබෙනා බොහෝ ස්මාට්වොච් උපාංගයන් නැතිනම් ස්පෝර්ට්ස් අත් ඔරලෝසුවක ප්‍රමාණයට වඩා විශාල නොවන මෙම Misfit Vapor උපාංගයේ පෙනුම ඉහළ පෙළේ ස්පෝර්ට්ස් අත් ඔරලෝසුවක් වැනිම වේ. මෙහි අඟල් 1.39 ක AMOLED තිරයක් තිබෙනා අතර, එහි 326 ppi ප්‍රමාණයේ තිර විභේදනයක්ද තිබේ. මෙහි මිලිමීටර 44 ක තරමේ සිහින් බඳ සේද නිමාවකින් යුතුව මළ නොකන වානේ වලින් නිර්මිතව ඇත. ඒ නිසාවෙන්ම මෙය කලින්ද සඳහන් කළ පරිදි මිලාධික සුඛෝපභෝගී ස්පෝට්ස් ඔරලෝසුවක පෙනුම ගෙන තිබේ.
සාමාන්‍යයෙන් ස්මාට් වොච් උපාංගයක් හා කටයුතු කිරීමේදී එහි ස්පර්ෂ තිරය ඔස්සේ විධානයන් ලබාදීම සාපේක්ෂව කරදරකාරී වන්නේ ස්මාට් වොච් උපාංගයක තිරයේ ප්‍රමාණය කුඩා වීම නිසායි. එනමුත් මෙම Misfit Vapor උපාංගයේ ඩයලය වටා ඇති රවුම ස්පර්ෂ සංවේදී වන අතර, ඒ මගින් ඔබට විධානයන් ලබාදිය හැක. එහිදී ඔබේ ඈඟිලි වලින් තිරය අවහිර වීමක්ද සිදුනොවනු ඇත. මෙහි ගිගා බයිට් 4 ක මතක ධාරිතාවක්ද ඇත. එසේම හෘද ස්පන්දනය මැන බලනා සංවේදකයක සිට ශරීර සුවතාවය අධීක්ෂණය සඳහා අවශ්‍ය වෙනත් සම්මත සංවේදකයන්ද පිහිටුවා ඇත.
මෙය ධාවනය අවන්නේ Android Wear 2.0 මෙහෙයුම් පද්ධතිය මතිනි. ඒ නිසාම මෙහි ඔබට ප්‍රයෝජනවත් බොහෝ යෙදුම් තිබෙනා අතර, එම යෙදුම් ඔබේ ශරීර සුවතා ක්‍රියාකාරීත්වය අවශ්‍ය මෙවලම් වල සිට, පණිවුඩ යැවීමේ යෙදුම්, සංගීත වාදනය් කිරීමේ යෙදුම් මෙන්ම වීඩියෝ ක්‍රීඩා යෙදුම් දක්වා වෙනස් වේ. මීට අමතරව ඔබට මෙම Misfit Vapor උපාංගය හරහා Google Assistant වර්චුවල් සහකරු සමගින් සම්බන්ධතාවය පවත්වා ගැනීමටද හැකියාව තිබේ. කෙසේ වුවත් මෙවැනි උපාංගයක් Google Assistant හරහා ඵල ලබාගැනීමට නොයෙකුත් උපා මං අනාගතයේදී සොයාගනු ඇතැයි අපට විශ්වාසය තැබිය හැක.
මෙහි නිමාව සලකා බැලූවිට දීර්ඝ කාලීන පැවැත්මට මෙන්ම විලාසිතාවට ප්‍රමුඛත්වය ලබාදී මෙය නිර්මාණය කර ඇති බව දැකිය හැක. මෙය jet black, gold tone, silver tone හා rose gold tone යන වර්ණ සතරින් යුතුව වෙළෙඳපොළට පැමිණෙනු ඇත. එසේම මෙහි මිලද මධ්‍යම ශක්‍යතා ස්මාට්ෆෝනයකට වඩා වැඩි නොවනු ඇත. එනම් සමස්තයක් ලෙසින් ගත් විට Misfit Vapor යනු වෙළෙඳපොලේ ඇති ගෙවන මිලට ඉහළ වටිනාකමක් ලබාදෙන ස්මාට් ශරීර සුවතා සහායකයෙකු සහ ස්මාට් වොච් උපාංගයක් බව පැවසීමට හැක.