සුපිරි වෙළෙඳසැල්වලට මත්පැන් අලෙවි කිරීමට අවස්ථාව ලබාදීම හේතුවෙන් මෙරට කාන්තාවන් මත්පැනට හුරුවූ බව ශ්‍රී ලංකා අමද්‍යප මහා සංගමයේ නියෝජ්‍ය සභාපතිනි මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය සඳහන් කළාය.
අද (29 දා) කොළඹදී පැවැති වැඩමුළුවකදී ඇය මේ බව සඳහන් කළාය.
බාර්වලට, වයින් ස්ටෝස්වලට ගොස් පිරිමින් මත්පැන් මිලදී ගෙන මත්පැන් භාවිතා කළ බවත්, එහෙත් කාන්තාවන් එම ස්ථානවලට නොයන අතර, එසේ තිබියදී සුපිරි වෙළෙඳ සැල්වලට මත්පැන් අලෙවි කිරීමට අවස්ථාව ලබාදීම හේතුවෙන් කාන්තාවන්ට පහසුවෙන් මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව හිමිවූ බවත් ඇය මෙහිදී සඳහන් කළාය.
පන්සල්, කෝවිල්, පාසල් ආසන්යේම මත්පැන් අලෙවිසැල් විවෘත කර තිබෙන බවත්, මේ නිසා මෙවැනි ස්ථානවලට ආසන්නව මත්පැන් අලෙවිහල් පවත්වාගෙන යෑමට ඉඩ ලබා නොදිය යුතු බවත් අනුලා විජේසුන්දර මහත්මිය ප්‍රකාශ කළාය.
මත්පැන්, මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්ත වෙමින් තිබෙන බවත්, එය ඉතාමත් භයානක තත්ත්වයක් බවත් ඒ මහත්මිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.