වෛද්‍ය පසුබ්මක් මුල් කරගනිමින් මෙරට පිහිටු වූ ප්‍රථම සුවතා මධ්‍යස්ථානය


සාම්ප්‍රදායික කායවර්ධන හෝ ව්‍යායාම් මධ්‍යස්ථානයකින් ඔබ්බට ගොස් සියලු පහසුකම් සහිත සුවතා මධ්‍යස්ථානයක සේවාවන් ලබාගැනීමට හැකි ආකාරයෙන් මෙරට පිහිටු වූ විශාලතම මධ්‍යස්ථානය ලෙස BODY DOC හැඳින්විය හැකිය. මීට වසර දෙකකට පමණ පෙර බිහිවූ Body Doc fitness & wellness pavilion වෙත  පිවිසෙමු.


මාලඹේ ප්‍රදේශයේ පිහිටි මෙම සුවතා මධ්‍යස්ථානය  වෛද්‍ය තනුකි ඉඩම්ගොඩගේ (Medical exercise specialist) විසින් පිහිටුවන ලද්දේ කොළඹ නගරයෙන් බැහැරව ජීවත්වන පුද්ගලයන්ට සුවිශේෂී අත්දැකීමක් ලබාදීමේ අදිටනිණි. මේ ඇය ඒ පිළිබඳ දැක්වූ අදහස්ය.

මේ Gym එක ලංකාවේ වෛද්‍ය පසුබිමක් මුල් කොටගෙන ඉදිකළ ප්‍රථම සුවතා මධ්‍යස්ථානය වගේම ලංකාවේ විශාලතම සුවතා මධ්‍යස්ථානය ලෙසත් හඳුන්වා දෙන්නට පුළුවන්. අපේ මධ්‍යස්ථානයේ පෝෂණවේදීන්, ක්‍රීඩා වෛද්‍යවරුන්, භෞත චිකිත්සකවරුන් වගේම වෙනත් විශේෂඥ වෛද්‍ය සේවාවන්ද ලබාගන්න පුළුවන්. ඒ වගේම අපේ ආයතනයේ සාමාජිකත්වය ලබාගන්නා අයට ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයද ඉහළ දමාගත හැකියි. මොකද කියනවා නම් අපි බෝ නොවන රෝග වළක්වා ගැනීම හා පාලනය කිරීම ව්‍යායාම් මගින් හා ආහාර පාලනයෙන් සිදුකිරීම පිළිබඳ අවධානය යොමු කරනවා. ඒ වගේම මානසික ආතතිමය තත්ත්වයන්ගෙන් මිදීමටත් ව්‍යායාම ඉතාමත් අවශ්‍ය බව පරීක්ෂණවලින් සොයාගෙන තිබෙනවා. පිළිකා රෝගීන්ට පවා දැන් ව්‍යායාම නිර්දේශ කරනවා. ඒ නිසයි මම වෛද්‍ය පසුබිමක් සහිත සුවතා මධ්‍යස්ථානයක් ලෙස මෙය ඉදිකරනු ලැබුවේ. මෙම මධ්‍යස්ථානයට පැමිණෙන පාරිභෝගිකයන්ට අපි පළමුව වෛද්‍ය හමුවක් වෙන් කරනවා. ඉන්පසු ඔවුන්ට ව්‍යායාම සැලැස්මක් හදලාඑම සැලැස්ම ඔවුන් අනුගමනය කරනවාද යන්න අපි සොයා බලනවා. අපේ මධ්‍යස්ථානයෙන් ලංකා පෞද්ගලික රෝහලේ රසායනාගාර පහසුකම්, වෛද්‍යවරුන් චැනල් කිරීමේ පහසුකම්, බාහිර රෝගී ප්‍රතිකාර ඒකකයක් වගේම වෙනත් වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගැනීමේ පහසුකම්ද අතිරේකව ලබා දී තිබෙනවා.

ඒ වගේම Personal Training, Weight Management, Medical Clinic, Cross fit studio, Yoga & Zumba, Swimming Pool, Sauna & Jaccuzi, Pool Lounge, Badminton, Table tennis යන පහසුකම්ද මෙම මධ්‍යස්ථානයෙන් ලබාගන්න පුළුවන්. ඒ වගේම මෙම ආයතන පරිශ්‍රයේ Ramani Fernando salons, Albero Cafe, sothys spa ශාඛාවන්ද පිහිටා තිබෙනවා. එසේම මෙම ගොඩනැගිල්ලේ roof top එක උත්සව සඳහා භාවිත කළ හැකි පරිදි සකස් කර තිබෙනවා. මේ සියලු සේවාවන් එකම වහලක් යටින් ලබාගැනීමට සැලැස්වීම තමයි අපේ විශේෂත්වය. 

කාර්යාලයට යන ගමන් හෝ කාර්යාලයේ සිට නිවසට යන අතරතුර සුවතා මධ්‍යස්ථානයට පිවිස තමන්ගේ ව්‍යායාම් කටයුතු කිරීමේ පහසුව සඳහා උදෑසන 5.00 සිට රාත්‍රී 11.00 දක්වා විවෘතව පවතිනවා. මෙහි සාමාජිකත්වය වසරක් සඳහා, මාස 6ක් සඳහා වැනි කාල පරිච්ඡේදයන් අනුව ලබාගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමන්ගේ වටිනා බඩු බාහිරාදිය තැබීම සඳහා luxury lockers පහසුකම් ලබාදී තිබෙනවා. අපි සහතිකලත් හා පුහුණුව ලැබූ පුහුණුකරුවන් පමණයි බඳවා ගන්නේ. සුම්බා, බැඩ්මින්ටන් වගේ දේවල් සඳහා අපි කණ්ඩායම් පහසුකම් ලබාදෙන අතරම, හිප්හොප් වැනි නර්තනයන් පුහුණු කිරීමේ කටයුතුද සිදුකරනු ලබනවා. කාන්තාවන් වෙනුවෙන් පවත්වන කණ්ඩායම් සැසි සඳහා කාන්තා පුහුණුකරුවන් යොදවා තිබෙනවා. ඒ වගේම මෙයට පැමිණෙන සියලුදෙනාට ඉඩ පහසුකම් සහිතව රථවාහන ගාල් කිරීමේ පහසුකම් ලබා දී තිබෙනවා. ඉදිරියේදී අපි පිළිකා රෝගීන් වෙනුවෙන් ව්‍යායාම් මාලාවක් හඳුන්වා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. අපි දැනටමත් නොමිලේ වෛද්‍ය කඳවුරු පවත්වනවා. ඒ වගේම අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග වැලඳුණ පුද්ගලයන්ගේ ජීවිතය වෙනස් කිරීම වෙනුවෙන් ව්‍යායාම හඳුන්වා දීමට අදහසක් පවතිනවා.

නදීශානි පතිරණ ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු



Recommended Articles