ආයතනවල කළමනාකාරීත්වය තුළ සේවය කරන සුළු පරිමාණ ව්‍යාපාරවල නිරත හෝ එවැන්නක සේවය කරන කාන්තාවන්ගේ කුසලතා වර්ධනය සහ ඔවුන්ට අවශ්‍ය පුහුණු අවස්ථා හිමිකරදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව මේ හා එක්ව කටයුතු කරයි. ඔස්ට්‍රේලියානු රජයේ සහයෝගයෙන් යුතුව ඔවුන් %වෘත්තිය කාන්තා වැඩසටහනේ^ එක් අංශයක් ලෙස මෙම ව්‍යාපෘතිය දියත් කරයි.
මෙම සම්මානය සඳහා නාමයෝජනා බාර ගැනීම ජුනි 15වැනිදා දක්වා සිදුකෙරෙන අතර, සම්මාන උළෙල අගෝස්තු මස 07 වැනිදා කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. පසුගිය වර්ෂයේද විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කාන්තාවන් 100ට ආසන්න සංඛ්‍යාවකට මෙම සම්මානය හිමි වූ අතර, මෙහි වැඩිදුර තොරතුරු www.womeninmanagementawards.org වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය. ඒ ඔස්සේද මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබේ. පුද්ගලික අංශයේ ශ්‍රම බලකාය පිළිබඳ දත්ත ලබා ගැනීම සඳහා මෙවර සම්මාන නාමයෝජනා ක්‍රියාවලියට නව අංගයක් එක් කිරීමටද සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ. එමගින් කාන්තා නායකත්වය ඇතුළු විවිධ අංශවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට සමාගම්වලට ඉඩ ප්‍රස්ථාව ලැබේ.
මෙහි මෙවර විනිශ්චය මණ්ඩලය turner investment L.P. සමාගමේ මෙරට අධ්‍යක්ෂ ආචාර්ය රොහාන්ත අතුකෝරළ, ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් කළමනාකාර අමීනා අරිෆ්, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් අමරසිංහ, මාස් හොල්ඩින්ස් සමාගමේ නීති අංශයේ සමූහ අධ්‍යක්ෂ රජිතා ජයසූරිය, ප්‍රවීණ මාධ්‍යවේදී නිස්තාර් කසීම්, සන් මැච් සමාගමේ විධායක අධ්‍යක්ෂ/ ප්‍රධාන අලෙවි නිලධාරී ගෞරි රාජන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ දිල්රුක්ෂි ජයස් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වේ.
මෙම අවස්ථාවට සම්මාන උළෙලේ විනිශ්ච මණ්ඩලයේ සභාපති ආචාර්ය රොහාන්ත අතුකෝරළ, කාන්තා කළමනාකරණ ආයතනයේ නිර්මාතෘ හා සභාපති ආචාර්ය සුලෝචනා සිගේරා, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ශ්‍රී ලංකා හා මාලදිවයින් ප්‍රධාන කළමනාකාර අමීනා අරීෆ් ආදී මහත්ම මහත්මීහු රැසක් සහභාගි වූහ.
එහිදී අදහස් දැක් වූ කාන්තා කළමනාකරණ ආයතනයේ සභාපති සුලෝචනා සිගේරා මහත්මිය,
ලංකාවේ සම්මාන කියන එක අද හතු පිපෙනවා හා සමානයි. හැම මාසේම වගේ සම්මාන උළෙලවල් තිබෙනවා. අපි මෙය ආරම්භ කරනකොට වුණත් සම්මාන උළෙලවත් තිබුණා. නමුත් කාන්තාවන්ට සම්මාන උළෙලවත් තිබුණෙ වෙනස් විදිහට. ඒ නිසා 2011 අපට මෙය ආරම්භ කරන විට ලොකු අභියෝගයක් වුණා. තරුණ පිරිසක් එකතුවෙලා කාන්තා සංගමයක් පිහිටුවන එක හරි ප්‍රශ්නයක් වෙලා තිබුණා. මේ කරන්න යන්නේ මොනවද කියලා ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණේ.
නමුත් 2011දී සම්මාන 05කින් ආරම්භ කරපු පසුගිය වර්ෂය වන විට අපි එය සම්මාන 50ක් දක්වා සීමා කළා. අද වන විට ලංකාවේ කාන්තාවන් වෙනුවෙන් සන්නාමයක් දීලා තියෙනවා. අපි ලෝකයෙන් දේවල් ගන්නවා වගේම අපි අපේම දෙයක් මේ ඔස්සේ ලෝකයට පුදකළා* යැයි පැවසුවාය.