වසවිස ඇති කෘත්‍රිම රසකාරක පිළිබඳ ඔබ දැනුවත්ද ?


පාරිභෝගිකයෙකු වශයෙන් කටයුතු කිරීමේදී අපට මුහුණපෑමට සිදුවන්නා වූ පාරිභෝගික ගැටලු රාශියකි. ඒ අතරින් අප අනුභවයට ගන්නා වූ අාහාරවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය පිළිබඳව වාර්තා වූ ගැටලුව සුවිශේෂී වේ. මීට පෙරද අප, ආහාර තෝරා ගැනීමේදී වසවිසෙන් තොර ආහාර ඔබේ දෛනික ජීවිතයට එක්කර ගැනීමේදී සැලකිලිමත් විය යුතු ආකාරය පිළිබඳ දැනුවත් කළෙමු. මේ එහි දෙවැනි පරිච්ඡේදයයි.

විවිධ රසායනික ද්‍රව්‍ය 3,000ක් පමණ භාවිත වේ 

වෙළෙඳ පොළේ ඇති සකස් කළ ආහාර නිෂ්පාදනය කිරීමේදී විවිධ රසායනික ද්‍රව්‍යයන් 3000ක් පමණ භාවිත කරයි. ආහාරයේ පෙනුම, නැවුම් බව, රසය, වර්ණය, සහ වසර ගණනාවක් ආහාරය කල් තබා ගැනීම ආදී කරුණු සඳහා යොදන රසායනික ද්‍රව්‍යයන් කෘතිම ආහාර ආකලන ද්‍රව්‍යය ලෙසින් හැඳින්වේ. 

කඩ කෑමට ඇබ්බැහි වීමෙන් දිනකට රසායනික ද්‍රව්‍ය 150ක් පමණ ශරීරගත වේ

 මෙම රසායනික ද්‍රව්‍යයන්වලට අපගේ ශරීරය තුළදී සිදුකරන්නට යම් නිශ්චිත කටයුත්තක් නොමැති නිසා ආගන්තුක සහ හානිකර ද්‍රව්‍ය ලෙස සලකා ශරීරයේ අක්මාව, සමේ මේද ස්තරය සහ මොළය වැනි ඉන්ද්‍රියන් තුළ ගබඩා කර ගනී. සිරුර තුළ තැන්පත් වන මෙම රසායනික ද්‍රව්‍යයන් මගින් කල් යෑමේදී සිරුරට යම් යම් අහිතකර බලපෑම් ඇතිවිය හැකිය. කඩ කෑමවලට ඇබ්බැහි වූ ළමයෙකුට දිනකට එවැනි රසායනික ද්‍රව්‍ය 150ක් පමණ ශරීරගත වන බවට සොයා ගෙන තිබේ. මේ අනුව වසරක් තුළ රසායනික ද්‍රව්‍ය 54,000ක් පමණ එවැනි දරුවෙකු ශරීරගත කරගනී.

වඳකාරකයන් වන රසකාරක (රස ප්‍රවර්ධනය)

ජපානයේ අජිනමොටෝ සමාගම විසින් මුලින්ම නිෂ්පාදනය කර ඇති මොනො සෝඩියම් ග්ලූටමේට් නැතිනම් MSG. (E අංක 620 සිට 637 දක්වා ග්ලූටමේට් කාණ්ඩයේ ආහාර රසකාරකයන්ය.)

අහිතකර ප්‍රතිඵල

මෙම කෘත්‍රිම රසකාරක මොළයේ ක්‍රියාකාරීත්වයට සහ ලිංගික බෙලහීනතාවට, මදසරුභාවයට, වඳභාවයට සහ ලිංගික බෙලහීනතාවට හේතු වේ. MSG සඳහා ප්‍රමුඛ ලෙස ඇබ්බැහි විය හැකි අතර, මේවා අඩංගු ආහාර අනුභව කරන කුඩා දරුවන්ට වෙනත් ස්වාභාවික ආහාරවල රස සුවඳ නොදැනී යනු ඇත.

කෘත්‍රිම ආහාර කල් තබා ගැනීමේ ද්‍රව්‍ය

සිසිල් බීම, ජෑම්, කෝඩියල් වර්ග සඳහා සුලබව අඩංගු බෙන්සෝඒප් කාණ්ඩයේ (E 210-2019) සහ සල්ෆර් කාණ්ඩයේ (E 220-226) රසායනික ද්‍රව්‍ය.

අහිතකර ප්‍රතිඵල

1.ඇදුම රෝගය සෑදීමට හේතු වේ.
2. කුඩා ළමයින් තුළ නොසන්සුන්කම් සහ අධික්‍රියාකාරීත්වය සඳහා හේතු වේ.
3. මේවා අධිකව ශරීරගත වීමෙන්, කරකැවිල්ල, හිසරදය, සම මත පලු ඇතිවීම, පපුවේ හිර ගතිය, කම්පනය සහ මරණය පවා ඇති විය හැකිය.
4.බෙන්සොඒජ් කාණ්ඩයේ ආහාර, ආකලන උෂ්ණත්වය සහ විටමින් සී හමුවේ බෙන්සීන් නිදහස් කරන බවට සොයාගෙන තිබේ. එය පිළිකාකාරකයකි. 

BHA/BHT (බියුටිලේටසි හයිඩ්‍රොක්සි ඇනිසෝල් සහ බියුටිලේටසි හයිඩ්‍රොක්සි ටොලුවීන්) (E 320/321)

ආහාරයට ගන්නා තෙල් වර්ග, මාගරින් වර්ග, චීස් තැවරුම්, මයෝනයිස් වර්ග, සුප් කැට, සුප් පවුඩර්, බදින ලද පොටැටෝ චිප්ස්, සොසේජස් වර්ග, ස්නැක්ස් වර්ග, මේදමය තැවරුම් වැනි ආහාරවලද, ළදරු තෙල්, ලෝෂන් වර්ග, ලිප්ස්ටික්, අයි ෂැඩෝ වර්ග, ෂේවින් ක්‍රීම් වර්ග තුළ අඩංගු BHA/BHI යනු තෙල් සහිත ආහාර මුඩු නොවී කල්තබා ගැනීම සඳහා භාවිත කරන කෘත්‍රිම ප්‍රති ඔක්සිකාරකයන්ය.

අහිතකර ප්‍රතිඵල

මේවා රුධිරයට විෂ සහිතය. 
අක්මාව සහ වකුගඩුවලට හානි කළ හැකිය.
ළමයින් තුළ අසාමාන්‍ය හැසිරීම් සහ අධික්‍රියාකාරීත්වය ඇතිවීම. 
ඇදුම රෝගය සහ වෙනත් ආසාත්මිකතා රෝග උත්සන්න වීම.

දරුඵල අහිමි කරන කෘත්‍රිම පැණි රසකාරක

සැකරින් (Saccharin – E954), ඇසෙසල්ෆේට් කේ. (Acesulfame K-E950), අස්පාටේම් (Asparame-E951) යනු සීනි වෙනුවට භාවිත කරන නමුත් සීනි මෙන් 100-200ක ගුණයකින් පැණි රසයක් ගෙන දෙන රසායනික ද්‍රව්‍යයන්ය.

අහිතකර ප්‍රතිඵල

1.කෘතිම පැණි රසකාරකයන් පිළිකාකාරකයන් වීම.
 2.මන්ද මානසික ආබාධ වර්ධනය.
3. ස්නායු ආබාධ ඇති වීම.
4. කාන්තාවන්ගේ ඔසප් චක්‍ර‘යේ අක්‍රමිකතා ඇතිවීම. 
5.පිරිමින්ගේ ලිංගික බෙලහීනතාවය ඇතිවීම. 
6.මදසරුභාවයට හේතුවීම. 

ඇස්පාටේම් යම් ආහාරයක් තුළ අඩංගු කර තිබේ නම් වයස අවුරුදු 12ට අඩු ළමුන්ට ලබා නොදිය යුතුය.යනුවෙන් ලේබලය මත සඳහන් කළ යුතුය. 

වසවිස ඇති කෘත්‍රිම සුගන්ධකාරක, රසකාරක

කෘතිම සුගන්ධකාරක - වැනිලා. ස්ට්‍රෝ‘බෙරි, ඇපල්, අන්නාසි, චොකලට් රසකාරක ආදී දේ. මෙම රසකාරක සහ සුවඳකාරක තැනීම සඳහා විවිධ අනුපාතයන්ට මිශ්‍රකළ ඇල්කොහොල්, ග්ලිසරෝල්, ප්‍රොපිලීන්, ග්ලයිකෝල් වැනි ද්‍රව්‍යයන් භාවිත කෙරේ.  මේවාද ශරීර සෞඛ්‍යයට අන්තරාදායක විය හැකිය.

අඩංගු ආහාර චොකලට් කේක්, චොකලට් බිස්කට්, චොකලට් අයිස්ක්‍රීම්, වැනි චොකලට් නිෂ්පාදන සඳහා භාවිත කරන කෘතිම චොකලට් එසන්ස් නිෂ්පාදනය කිරීමටද විවිධ රසායනික ද්‍රව්‍ය 400ක් පමණ භාවිත කරයි.

ජීවිතයේ වර්ණ මකාදමන ආහාර වර්ණක

කෘත්‍රිම ආහාර වර්ණක බොහොමයක් සාදනු ලබන්නේ ගල් අඟුරු තාර මගිනි.

අහිතකර ප්‍රතිඵල

1.මෙම කෘතිම වර්ණක මගින් ඇදුම, කැස්ස සෙම වැඩි වීම. 
2.සම මත පලු ඇතිවීම 
3.නිතර භාවිතයෙන් පිළිකා හටගැනීම වැනි අවදානම් ඇතිවීම. 
ටාර්සීන් නමැති ආහාර වර්ණකය (කහ වර්ණය සඳහා ලංකාව තුළ බහුලව භාවිතා කෙරේ)
ඇස්ප්‍රීන් ඖෂධය සඳහා ආසාත්මිකතාවය දක්වන අයට මාරාන්තික වීම. ළමයින්ගේ මොළයේ සිදුවන අසාමාන්‍යතා, (AD HD) මන්ද මානසිකත්වය සඳහාද හේතුවිය හැකි බවත් සොයා ගෙන තිබේ. බ්‍රිතාන්‍ය‘යේ ක්‍රියාත්මක නීතියට අනුව යම් ආහාරයක කෘත්‍රිම ආහාර වර්ණක අඩං‘ගු වන්නේ නම් ළමයින් තුළ හැසිරීමේ සහ ක්‍රියාකාරීත්වයේ අනපේක්ෂිත අතුරු ආබාධ ඇතිවිය හැකිය^. යනුවෙන් ලේබලයේ සඳහන් කර තිබීම අනිවාර්යය වේ. 

කෘත්‍රිම කැරමල් වර්ණක (E 150)

පිළිකා සහ ලියුකේමියාව සඳහා හේතු විය හැකි මෙහි ලිමිඛසෝල් සංයෝග තිබිය හැකිය. සෝස් වර්ගවල, කෝලා බීම සහ බියර් වැනි බීම වර්ග තුළ මෙම සංයෝග තිබිය හැකිය.

රන්දි චතුරිකා

natural-vs-artificial-flavors

 



Recommended Articles