වසරේ ‌මේ දක්වා ළමා අපයෝජන පැමිණිලි 8746 ක්


2018 ජනවාරි සිට මේ දක්වා කාලය තුළ ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට ළමා අපයෝජනය පිළිබඳ පැමිණිලි 8,746ක් ලැබී ඇත.

එම අධිකාරියේ නීති බලාත්මක කිරීමේ අංශයේ සහකාර අධ්‍යක්ෂිකා යසාලි අබේසුන්දර මහත්මිය කෙළඹදී පැවත්වූ මාධ්‍ය හමුවකදී පැවසූවේ එම අපයෝජන පැමිණිලි අතරින් 2,198ක් කායික හිංසන බවයි.

එසේම අපයෝජනය කිරීම් පිළිබඳ සිද්ධි 273ක් හා ලිංගික හිංසන 511ක් පිළිබඳ පැමිණිලි ලැබී ඇත.

 



Recommended Articles