වසර 159ක NSW ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළ ඇලෙක්ස්


5472

 

නිව් සවුත් වෙල්ස් ක්‍රිකට් මණ්ඩලයට ඡන්දයේ තේරි පත්වූ පළමු කාන්තාව ලෙස හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා ඇලෙක්ස් බ්ලැක්වෙල් පත්ව තිබේ.

වසර 159ක් පුරා පැතිර යන නිව් සවුත් වෙල්ස් ක්‍රිකට් මණ්ඩලයේ අවස්ථා දෙකකදී කාන්තාවක් කටයුතු කළත් ඔවුන් ඡන්දයේ පත්වූ සාමාජිකයන් නොවේ.

ඇලෙක්ස් අධ්‍යක්ෂවරියක් ලෙස පත්කරගෙන ඇත්තේ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේම ඡන්දයෙනි. ඇලෙක්ස් පසුගිය පෙබරවාරි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් අතර ඒ වන විට ඇය ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් තරග 251කට ක්‍රීඩා කර තිබුණි.

නව තනතුරට පත්වුවත් ඇය සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කරමිනි කාන්තා බිග් බෑෂ් ලීග තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය.

 



Recommended Articles