ඇය මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ධනවර්ධන ගුරුගේ මහතාගේ දියණිය වශයෙන් හඳුන්වා දෙනවාට වඩා kore international ආයතනයේ හිමිකාරිනිය හා ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස හඳුන්වා දීමට අපි කැමැත්තෙමු. සිඟිති පුතුන් දෙදෙනෙකුගේ මවක් වුවත් තමන්ගේ ව්‍යාපාර කටයුතු ජාත්‍යන්තරය කරා රැගෙන ගිය ඇය, අනාගත බලාපොරොත්තු පිළිබඳ දක්වන්නේ වෙනස්ම අදහසකි.
මම නිල්මි ගුරුගේ දිසානායක. ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ධනවර්ධන ගුරුගේ මගේ තාත්තා. මම රැකියාවක් කරන්න ඕන කියල හිතලා ව්‍යාපාරයක් පටන් ගත්තේ නැහැ. මම මුලින්ම කළේ මගේ තාත්තා ළඟ වැඩ කරපු එක. තාත්තගෙන් මම දේපළ වෙළෙඳාම පිළිබඳ බොහෝ දේවල් ඉගෙන ගත්තා. ගුරුගේ දේපළ සමාගමේ තාත්තා මට රැකියාවක් ලබාදුන්නේ අධ්‍යක්ෂිකාවක් වගේ කටයුතු කරන්න නෙවෙයි. ඒ නිසා මට ආයතනයක සේවය කරන්නේ කොහොමද කියන experience එක හොඳින් ලැබුණා. මම රැකියාවක් ලෙස තාත්තා ළඟ වැඩ කරද්දී ඉගෙන ගන්න අවධානය යොමු කළේ Fashion Designing පැත්තයි.
විවාහ වෙලා මාසයකට පසු මම ගැබිනියක් බව දැනගත්තා. එය මට මගේ ඉගෙනීම් කටයුතුවලටවත්, Fashion Designing වලටවත් බාධාවක් කරගත්තේ නැහැ. ගර්භිණී බව මගේ Fashion Designing වලට සැබවින්ම ආශිර්වාදයක් වුණා. මොකද කාන්තාවකගේ සිරුරේ සිදුවන වෙනස්කම් පිළිබඳ මට දැනුමක් ලබන්න හැකියාවක් ලැබුණා. දරු ප්‍රසූතියෙන් පසු මම ගොඩක් මහත්වුණ නිසා මම Food and Nutrition සම්බන්ධයෙන් ඩිප්ලෝමාවක් හැදෑරුවා. ඒ වගේම Exercise පිළිබඳව මම යම් හැදෑරීමක් කළා. මම පාසල් යන කාලයේ ක්‍රීඩා කටයුතු රැසක නියැළී සිටිය කෙනෙක්. මම Workout කරන්න පටන් අරන් දැන් අවුරුදු 13ක් පමණ වෙනවා. ඉතින් මම ගර්භිණී කාලයේ දරු ප්‍රසූතිය දක්වාම හැමදාම ව්‍යායාම් කළා.
අපේ සමාජයේ බොහෝ මවුවරුන් හිතන්නේ ගර්භිණී කාලයේ මහන්සි වෙන්න හොඳ නැහැ, ළමයි තමයි ජීවිතේ වගේ දේවල්. නමුත් හැම කාන්තාවක්ම තමන් ගැන අවධානයක් යොමු කළ යුතුයි. මම කොයිතරම් කාර්යබහුල වුණත් ව්‍යායාම් කටයුතු සඳහා කාලය වෙන් කරනවා.
kore international නමින් මම මගේ ව්‍යාපාරයක් ආරම්භකර තිබෙනවා. මේ ව්‍යාපාරය හරහා මම Gym Active Ware නිෂ්පාදනය කරනවා. ඒ කටයුතු අතරතුර මම බිරිඳක් විදිහට මවක් විදිහට මට පැවරෙන යුතුකම් හා වගකීම් ඉටුකරනවා. මගේ ලොකු පුතාට අවුරුදු 05යි. ඔහු ඉතාම ස්වාධීනව කටයුතු කරනවා. මගේ දරුවෝ නිතරම කියන්නේ මම වගේ වෙන්න කැමතියි කියලා. එයාලා දකිනවා එයාලගේ අම්මා ව්‍යායාම් කරනවා, ගෙදර වැඩකටයුතු කරනවා, කාර්යාලයේ වැඩ කරනවා වගේම ගෙදර හිටියත් ලිපිගොනුවල වැඩ බලනවා.
ලංකාවේ කාන්තාවන් මවුවරුන් වුණාට පස්සේ තමාව අතඇරලා දාන එක හරිම අපරාධයක්. සැමියා හා බිරිඳ කියන දෙන්නා සතුටෙන් ජීවත් වෙනවා නම්, ඒ සම්බන්ධතාවය හරි විදිහට පවත්වාගෙන යනවා නම්, ඔවුන් දෙදෙනා ජීවිතය සතුටින් ගත කරනවා. ඔවුන් සතුටින් ජීවත් වෙනවා නම් අනිවාර්යෙන් ඔවුන්ගේ දරුවන් සතුටින් ජීවත් වෙනවා. මට කොයිතරම් සල්ලි තිබුණත් මගේ දරුවන්ට සේවකයෝ ඉඳලා නැහැ. මගේ උදවුවට ඉන්නේ අම්මා. කාර්යබහුල කාන්තාවකට ළමයිනුත් බලාගෙන කටයුතු කරන එක අමාරුයි. මටත් කේන්ති යන අවස්ථා තිබෙනවා. නමුත් කාන්තාවන්ට මේ කටයුතු සමබරව කරන්න හැකියාවක් තිබෙනවා. ගැහැනු අපි පිරිමින්ට වඩා ශක්තිමත්. අපිට මිනිස්සුන්ව හදන්න පුළුවන්. පුත්තු දෙන්නම අම්මා වගේ වෙන්න ඕන කියන එක ඇහෙන එකම මට අමුතුම හැඟීමක්.
මම හිතනවා ගම් මට්ටමේ ජීවත් වන කාන්තාවක් වුණත් ගෙදර ඉඳගෙන හරි යමක් කරන්න අවශ්‍යයි කියලා. මම මගේ ගෙදර ඉඳගෙනමයි මගේ Designing වැඩ කරන්නේ. කාටහරි කියන්න පුළුවන් මට යානවාහන සැපපහසුකම් තියෙනවානේ කියලා. නමුත් මට හැම වෙලාවෙම මේ දේවල් භුක්තිවිඳින්න ලැබෙන්නේ නැහැ. මට කොහේ හරි මගේ වැඩකට යන්න වෙනවා නම් මම පාරේ වාහනයක යන අවස්ථාත් තිබෙනවා. කොයිතරම් ධනයක් තිබුණත් හැමදේටම පුරුදු වෙන්න කියන දේ මට මගේ තාත්තයි ඉගැන්නුවේ. අනිත් අයගේ මට්ටමට වැටිලා වැඩ කරන්න මගේ තාත්තා ඉගැන්නුවා. තාත්තා කෙනෙක් තමන්ගේ දුවව ඒ වගේ හදන එක ඉතාම හොඳ දෙයක් විදිහටයි මම දකින්නේ. විශේෂයෙන් ගැහැනු ළමයි ඉන්න අම්මලා, තාත්තලා තමන්ගේ දියණියන් පොඩි කාලේ ඉඳලම හොඳ පෞරුෂ ශක්තියක් ඇතිව හදාවඩා ගන්න අවශ්‍යයි. උපරිමයෙන් දියණියන්ට අධ්‍යාපනය ලබාදිය යුතුයි. එහෙම වුණොත් තමයි ගෙදර ඉඳන් හරි යමක් උපයා ගන්න හෝ තමන්ගේ සැමියාට සහයෝගය දෙන්න හරි හැකියාවක් තිබෙන්නේ.
මම ඉගෙනගත් දෙයින් අද මම ක්‍රමයෙන් ඉදිරියට යනවා. මම Active Ware වලින් පටන්ගත්ත ව්‍යාපාරය දැන් Evening Ware දක්වා ගමන්කර තිබෙනවා. මම මගේ ඇඟලුම් විදේශයන්ට අපනයනය කරනවා. ඒ වගේම ලංකාවේ ක්‍රීඩකයන්ගේ ඇඳුම් සඳහා අනුග්‍රහය දක්වනවා. මගේ ලොකු හීනයක් තිබෙනවා ලංකාවේ Fashion Designing වලට ආසාවක් දක්වන ඩවුන්සින්ඩ්‍රෝම් ළමුන්ව එකතු කරගෙන Runner way එකක් කරන්න. ඒ වගේම ගම්වල Sports Exercise වලින් ඉදිරියට එන්න කැමති අයට අතදෙන්න මම දැනටම කටයුතු කරනවා.
ව්‍යාපාර කටයුතුවලට කාන්තාවක් යොමු වුණාම කටයුතු කරගෙන යන්න අමාරුයි. විශේෂයෙන් ලංකාවේ සමාජයේ ව්‍යාපාර කටයුතු කරන්න කාන්තාවකට අමාරුයි. වර්තමානයේ කාන්තාවන් ව්‍යාපාරික හා වෘත්තීමය ක්ෂේත්රවලින් ඉදිරියට ඇවිත් ඉන්නවා. අපිට අකමැති දේවලට අකමැත්ත සෘජුව ප්‍රකාශ කරන්න පුළුවන් නම් මේ කටයුතු කරගෙන යන්න අපහසු නැහැ.
මම ඉගෙන ගන්න එක කවදාවත් නතර කරන්නේ නැහැ. Gemology පැත්තෙන් ඉගෙන ගන්න එක තමයි මගේ ඉදිරි අරමුණ. ඒ වගේම Fashion Designing වලින් ඉහළටම යන්න මම ඉගෙන ගන්නවා. ඒ වගේම මගේ හීනය තමයි Health and Nutrition පැත්තෙන් හා ඩවුන්සින්ඩ්‍රෝම් ළමයින්ට, අලුත මවු පදවිය ලැබූ මවුවරුන් මානසික පීඩනයෙන් මිදිලා කොහොමද ජීවත් වෙන්නේ කියන දේ පිළිබඳ කියලා දෙන්න පහසුකම් ඇති මධ්‍යස්ථානයක් ඉදිකිරීම. මම තවදුරටත් ඒ වෙනුවෙන් දැනටම වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා.
මට මේ හැමදේටම උදවු කරන සැමියෙක් ඉන්නවා. ඒ අතින් මම හරිම වාසනාවන්තයි. නමුත් මම කියන්න ඕන ඔහුගේ අදහස්වලට අනුව නෙවෙයි මම මගේ දේවල් පටන්ගත්තේ. මම ඉගෙන ගත්ත දේවල් අපතේ දාන්නවත්, මගේ හැකියාවන් අපතේ දාන්නවත් අවශ්‍ය නැති නිසයි මම මේවා පටන් ගත්තේ. ඔහු මට හැම වෙලාවෙම උදවු කරනවා. හැම පිරිමියෙක්ම තමන්ගේ බිරිඳගේ කටයුතු වෙනුවෙන් උදවු කරන්න ඕන කියලා මම හිතනවා. තාත්තා කෙනෙක්ට තමන්ගේ දුවගේ අනාගතය වෙනුවෙන් යම් දෙයක් කරන්න පුළුවන් වගේම පිරිමියෙක් විදිහට තමන්ගේ බිරිඳගේ කටයුතුවලටත් දායකත්වය හා උදවු ලබාදීම සිදුකළ යුතුයි.
අපි මේ ලෝකෙට එද්දි අපේ දෙමාපියන් මේ මේ අය විය යුතුයි කියලා අපිට තෝරගන්න බැහැ. ඉතින් අපේ අනාගතය කොතැනද තියෙන්න ඕන කියන දේ අපි විසින්ම තීරණය කරගන්න අවශ්‍යයි. තමන්ට තිබෙන දෙයින් සෑහීමකට පත්වෙන්න ඕන. ලංකාවේ ගැහැනු අයට කියන්න තියෙන්නේ සාම්ප්‍රදායික ගැහැනියගේ චරිතය තුළ අපේ වගකීම් හා යුතුකම් පවුලකට ඉටුකරනවා කියන්නේ අපි හරිම වටිනා පුද්ගලයෙක්. ඉතින් අපි අපේ වටිනාකම හඳුනාගන්න ඕන. ඒ වටිනාකම අපේ සැමියාට, දරුවන්ට දැනෙන්න ඕන. අම්මා කෙනෙක්, බිරිඳක් වෙනවා කියන්නේ සුළුපටු දෙයක් නොවෙයි. දරුවෙක් කුසේ දරාගෙන හිටියත් තමන්ට ඉගෙන ගන්න අවශ්‍ය නම් ඒවා නවත්වන්න එපා. ඒ වගේම රැකියාවක් කරනවා නම් පියවරෙන් පියවර ඉහළට යන්න අවශ්‍ය සුදුසුකම් හදාගන්න.
නදීශානි පතිරණ/ ඡායාරූප සරසි නෙත්මිණී