පූර්ව ළමා සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමෙන් අනාගතයේ සාර්ථක මිනිසෙක් බිහිකළ හැකිය යන්න පෙරදැරි කරගෙන අවුරුදු 2 ½ වැඩි දරුවන් පෙරපාසල් වෙත යැවීම දෙමවුපියන් විසින් සිදුකළ යුතුව තිබේ. නමුත් සිදුවන්නේ පාසල් අධ්‍යාපනය වෙත යොමු කිරීමට පෙර හෝඩිය කියන්නට ලියන්නට හුරු කරන පෙර පාසලකට හෝ මොන්ටිසෝරියකට දරුවන්ව ඇතුළත් කිරීමයි.
පෙරපාසල් අධ්‍යාපනය සඳහා නිෂ්චිත වූ ක්‍රමවේදයක් හෝ ප්‍රතිපත්තියක්වත් නොමැති වටපිටාවක සිදුවන්නේ මෙය වුවද පෙර පාසලකට හෝ මොන්ටිසෝරියකට දරුවන් ඇතුළත් කිරීමේදී දෙමවුපියන් වශයෙන් එහි ඉගැන්වීම් ක්‍රමවේදය පිළිබඳව යම්කිසි විපරමක් කිරීම වටී. මෙහිදී විශේෂයෙන් ලොවක් පිළිගත් ක්‍රමවේදයක් ඔස්සේ මෙම ඉගැන්වීම් සිදුවෙයි නම් එය ඔබේ දරුවාගේ අනාගතය සුබදායී කිරීමට හේතුවනු ඇත.
මේ මොන්ටිසෝරි අධ්‍යාපනය හඳුන්වාදුන් මාරියෝ මොන්ටිසෝරිගේ සංකල්පයන්ට අනුව ක්‍රියාත්මක කරන ඇමෙරිකන් මොන්ටිසෝරි, චයිල්ඩ් කෙයා(ර්) ඇන්ඩ් ටීචර් ට්‍රේනින්ග් ස්කූල් ආයතනයේ නවතම ශාඛාව නුවරදී විවෘත කිරීම හා මුල් ළමාවිය සංවර්ධනය කිරීම පිළිබඳ පවතින තත්ත්වයන් පිළිබඳ ආචාරිනී පුෂ්පා අලුත්ගමගේ මහත්මිය සමග සිදුකළ සංවාදයකි. ළමයෙක්ට සතුටින් ඉගෙන ගන්න අවශ්‍ය වටපිටාවක් ඒ. එම්. අයි. මොන්ටිසෝරියක තිබෙනවා
මොන්ටිසෝරි කියන එකත් එක්ක ඒ. එම්. අයි. කියන අකුරු තුන එක්ව තිබෙණු දැකගත හැකියි. මේ ඒ.එම්. අයි. කියන එකේ තේරුම තමයි ඇමෙරිකන් මොන්ටිසෝරි ඉන්ස්ටිටියුට් නැත්නම් ඇමෙරිකානු මොන්ටිසෝරි ආයතනයේ ක්‍රියාත්මක ඉගැන්වුම් ක්‍රමවේද අනුගමනය කරනවා කියන එක. මාරියෝ මොන්ටිසෝරි මැතිනිය විසින් ලෝකයට හඳුන්වාදුන් ක්‍රමවේදයක් තමයි මෙහි අඩංගු වෙන්නේ. මාරියෝ මොන්ටිසෝරි මැතිනිය විසින් හඳුන්වා දුන් හෑන්ඩ්ස් ඔන් මැටීරියල්ස් නැතිනම් අතගා බලා ඉගෙන ගැනීමේ ක්‍රමවේදය මෙහි ඉගැන්වීම් සඳහා බහුලව යොදා ගන්නවා. ඒ කියන්නේ මේ ක්‍රමවේදයට ඉගෙන ගනිද්දී ළමයෙක් 01 ඉගෙන ගන්නා විට වැලි කඩදාසියකින් මේ අංක කපලා ළමයාට එය ස්පර්ෂයෙන් හඳුනාගන්නට දෙන ගමන් 01 කියන එකේ ප්‍රමාණය අපි ළමයාට පෙන්වනවා. අත නැත්නම් අතේ ස්පර්ෂය සමග මොළයේ ක්‍රියාකාරීත්වය එකට සිදුවන දෙයක්. ඉතින් පැන්සලකින් ලියනවාට වඩා අංකය අතගාලා ප්‍රමාණවලින් අංකය හඳුනාගත්තම එය දරුවකුගේ මතකයට එකතු වෙනවා. මේ ක්‍රමය සින්දුවක් කියලා, පින්තූර ටිකක් පාට කරලා, අකුරු ලියලා ගෙදර එනවාට වඩා ක්‍රියාකාරකම්වලට දරුවාව යොමු කරන ක්‍රමයක්. මේ ක්‍රමය ළමයෙක් සතුටින් ඉගෙන ගැනීම මූලික අරමුණ කරගෙන තිබෙනවා. මේ ක්‍රමය තුළ ළමයෙක්ට අපි යමක් කරන්න වෙලාවක් දෙනවා. එසේ නැතිව අපි කාලසටහනකට අනුව වැඩ කරන්නේ නැහැ. ළමයෙක්ට ආශාවෙන් සතුටින් ඉගෙන ගන්න අවශ්‍ය වටපිටාවක් තමය ඒ. එම්. අයි. මොන්ටිසෝරියක තිබෙන්නේ.මේ ක්‍රමවේදය තුළ රාක්ක හා බඩු මුට්ටු ලේබල් කිරීමක් සිදු කරනවා. ඒ අනුව ළමයා ඉගෙනගන්නවා අදාළ බඩු රාක්කයේ කොතැන තැබිය යුතුද කියන එක පිළිබඳව.
ඒ වගේම ඒ. එම්. අයි. සංකල්පය තුළ ආරම්භ කරන මොන්ටිසෝරියක හෑන්ඩ්ස් ඔන් මැටීරියල් ඉගැන්වීම් උපකරණ 392ක් තිබෙනවා. මෙය ලෝකය පුරා ක්‍රියාත්මක සාර්ථක ක්‍රමවේදයක්. ඩෙස් පුටු පුරවන්නේ නැතිව ළමයින්ට ඉඩකඩ ඇති තැනක නිදහසේ වැඩ කරන්නට හැකි ඔවුන්ගේ උසට රාක්ක, සින්ක් , කොමඩ් ආදිය සහිත ළමා මිතුරු පරිසරයක් තමයි මොන්ටිසෝරියක තිබිය යුත්තේ. මෙය ලෝකෙම පිළිගත්ත දෙයක්. මම අවුරුදු 22ක් මේ ක්ෂේත්රයේ සිටින කෙනෙක්. මම ඇමෙරිකාවේ තමයි මොන්ටිසෝරි ඩිප්ලෝමාව කළේ. ඒ වගේම මම විශේෂ අවශ්‍යතා මනෝ විද්‍යාව, ළදරු ආරක්ෂණ ඩිප්ලෝමාව යන ඒවත් හදාරලා තිබෙනවා. අපි ඩිප්ලෝමා කරලා හරි විදිහට තමයි ළමයින් සම්බන්ධ මෙම කාර්යයන්හි නිරත වෙන්නේ. අපේ රටේ නම් මොන්ටිසෝරියක් දාන්නේ ගෙදරක ගරාජයක ඉඩක් තිබ්බොත් එතන ඩෙස් පුටු ටිකක් දාලයි. මොන්ටිසෝරියක් දානව නම් හරි විදිහකට ඒ. එම්. අයි. උපකරණ අඩුම තරමේ 175ක්වත් තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ඒ. එම්. අයි. ක්‍රමවේදයට අනුව මොන්ටිසෝරියක් හදන්න මෙරට මුදලින් ලක්ෂ 25ක්වත් වැය වෙනවා. අපේ මොන්ටිසෝරියේ තිබෙන වෙනස තමයි ලෝකය පිළිගත් ඒ. එම්. අයි. ක්‍රමවේදයටම අනුව එම උපකරණවලින් ළමයින්ට ඉගැන්වීම් සිදුකිරීම.
හෑන්ඩ්ස් ඔන් මෙටීරියල්ස් 392ක් එක්ක මෙරට ආරම්භ කළ එකම මොන්ටිසෝරිය මෙයයි
දැනට අපේ මොන්ටිසෝරියක් කොළඹ කොල්ලුපිටියේ පවත්වාගෙන යනවා. හෑන්ඩ්ස් ඔන් මෙටීරියල්ස් 392ක් එක්ක මෙරට ආරම්භකළ එකම මොන්ටිසෝරිය මෙයයි. අපේ නව ශාඛාව පසුගිය දිනක නුවර විලියම් ගොපල්ලව මාවතේ විවෘත කෙරුණා. අපේ රටේ අම්මලා මොන්ටිසෝරියක් කියන්නේ මොකක්ද කියලා අඳුරන්නේ නැහැ. ඔවුන් හිතන්නේ එය ඉස්කෝලේ යන්න කලින් අකුරු ඉගෙනගන්න යවන්න ඕන තැනක් විදිහටයි. එහෙම නොවෙයි. අපි ළමයින්ට උගන්වන්නේ ලෝකයට යන්නයි. අපේ ඉගැන්වීම් ක්‍රමවේදයේ ළමයෙකුට හැන්ද ගෑරුප්පුව හසුරුවන ආකාරය, කෝප්පයකින් කෝප්පයකට වතුර වක්කරන ආකාරය, කපන කොටන දේවල්, සපත්තු ලේස් දාගන්න, බොත්තමක් දාගන්න වගේ දේවල් කියාදෙන කොටසකුත් තියෙනවා. විශේෂම දේ අපි ඉස්කෝලේ යන්න නොවෙයි ලෝකෙට යන්නයි පුරුදු කරන්නේ. අකුරු ලියන්න දීලා තව ගෙදර වැඩටත් අකුරු ලියන්න දෙනවා වගේ දේවල් නෙවෙයි මෙහිදී සිදුවන්නේ. ළමයි ඒ නිසා මේ පරිසරයට ප්‍රිය කරනවා වගේම රැඳෙන්න ආසා කරනවා.
අපි ළමයින්ට අකුරු උගන්වනවා. ඒ ඔවුන්ට අකුරු ස්පර්ශ කරන්න දීලා. %ඇ^ ශබ්දය ලෙස ගත්තොත් අපි එය ළමයට වැලිකඩදාසියේ ස්පර්ශ කරන්නට දීලා ඇ ශබ්දයට අදාළ බඩු පෙන්වනවා. එවිට ළමයාට එම අකුර ගැනත් ශබ්දය ගැනත් හොඳ වැටහීමක් ලැබෙනවා. ඒ වගේම ළමයාට තමන්ගේ එදිනෙදා ජීවිතයේදී කරන දේවල් වන ඇඳුමක් තනිව ඇඳගන්න, සපත්තු දාන්න වගේ දේවල් මෙහිදී හුරු කරනවා. ලංකාවේ බොහෝවිට කරන්නේ කොපි කරන එක. ඒ. එම්. අයි. කියන අකුරු තුන බෝඩ් එකේ විතරක් දාලා උපකරණ දෙක තුනක් තියාගෙන හිටියට ඒ. එම්. අයි. ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
කෙනෙක්ට පුළුවන් නම් මේ උපකරණ අරගෙන ඉගැන්වීම් ක්‍රමවේදය හරියට ක්‍රියාත්මක කරන්නට, ඒ තුළ ඉගෙන ගන්න දරුවන් ඕනෑම පාසලක ඉදිරියෙන් සිටිනවා. අපි ළමයෙකුව විවිධ අංශවලින් පුහුණු කරනවා. මේ ක්‍රමවේදය තුළ ඉවුම්පිහුම් තිබෙනවා. අපි ඒ තුළ ළමයෙකුට හැන්දක්, පිහියක්, ගෑරුප්පුවක් හසුරුවන හැටි කියලා දෙනවා. කෑම කන්නේ කොහොමද? යන්න පුරුදු කරනවා. අපි මොන්ටිසෝරියක අකුරු උගන්වලා පණ්ඩිතයෙක් පාසලට යවන්නේ නැහැ. ඒ වෙනුවට අපි අම්මාගෙන් ඉවත්වෙන දරුවා පිටත ලෝකයත් සමග ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක, ස්වාධීන වෙන එක ළමයෙකුට හුරු කරනවා. සමහර මොන්ටිසෝරිවල කරන්නේ පොත් පුරවන එක. අපේ ළමයි කරන්නේ අකුරු හඳුනාගන්න එක. ඒක වඩාත් සාර්ථක ඉගැන්වීමක්.
ළමයෙකුව ලෝකයට හරි විදිහට යවන්න නම් අපි සුදුසුකම් ඇති අය වෙන්න ඕන
අපි අපේ ආයතනය තුළ ගුරුවරු පුහුණු කිරීමත් සිදුකරනවා. ඒ සමග විශේෂ අවශ්‍යතා ඇති දරුවන් රැක බලා ගැනීම ඔවුන්ට අධ්‍යාපනය ලබාදීම සඳහාත් ඉගැන්වීම් කරනවා. මෙතැනදී විශේෂ අවශ්‍යතා ලෙස සලකන්නේ වෙනත්ම දෙයක්. ඒ කියන්නේ බබෙක් ඉන්නවා නම් පාසල් යන්න බෑ කියලා හැමදාම අඬන එයාට මොකක්හරි විශේෂ ගැටලුවක් තිබෙනවා. ඒ වගේම බබෙක් ඉන්නවා නම් ඇඳුමෙම මුත්‍රා කරගන්න එයාටත් විශේෂ අවශ්‍යතාවක් තිබෙනවා. මොන්ටිසෝරි ගුරුවරයෙක්, විශේෂ අවශ්‍යතා ඇති ළමයෙකුට උගන්වන ආකාරය, ළමා මනෝවිද්‍යාව යන දෙකත් එක්ක මොන්ටිසෝරි පාඨමාලාවක් හදාරන එක ඉතාමත් වැදගත්. අපිට එයින් ළමයෙකුගේ අනාගතය තීරණය කරන්න පුළුවන්. ළමයෙකුව ලෝකයට හරි විදිහට යවන්න නම් අපි සුදුසුකම් ඇති අය වෙන්න ඕන. ඒ වගේම එයට මාසයක දෙකක ගුරු පුහුණුවක් ලබාගෙන මදි. අඩුම තරමේ
අවුරුද්දකවත් ඩිප්ලෝමා පුහුණුවක් අවශ්‍යයි.
රජයෙන් පූර්ව ළමාවිය අධ්‍යාපනය පිළිබඳව ලංකාවටම පොදු විධිමත් ක්‍රමවේදයක් හෝ ප්‍රතිපත්තියක් සකස් කරනවා නම් ඉතා හොඳයි. මම හරිම ආසයි අපේ රටේ එහෙම ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා නම්. සිංගප්පූරුවේ මීට අවුරුදු 03කට පමණ පෙර සියලුම රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කළේ පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කරලයි. ඒ ඔවුන් එහි වටිනාකම අවබෝධ කරගෙන සිටිය නිසයි. අපේ ළමයින් වෙනුවෙන් විධිමත් ක්‍රමවේද සකසලා ඒවා ක්‍රියාත්මක කරන්න අපිට අපේ රටේ සම්පත් ඕනෑතරම් තිබෙනවා. නමුත් අපිට අවශ්‍ය දේවල් ගේන්න වෙලා තියෙන්නේ පිටරටින්. අපේ රටේ බොහෝ දෙමවුපියන් බලන්නේ පාර අයිනේ නැත්නම් ඔෆිස් යද්දී ලේසියෙන් ළමයව බස්සලා යන්න පුළුවන් මොන්ටිසෝරියක්. ඒවායේ තිබෙන පහසුකම්වත් ඉගැන්වීම් ක්රමවේදවත්, ගුරුවරුන්ට සුදුසුකම් තියෙනවාද කියලාවත් දෙමවුපියන් සොයන්නේ නැහැ. අවුරුදු 2 ½ සිට ළමුන් අපි මොන්ටිසෝරියට ඇතුළත් කරගන්නවා. ඔවුන්ගේ වයසට අනුව ක්‍රම ක්‍රමයෙන් හඳුන්වාදෙන ඉගැනුම් ක්‍රම තිබෙන නිසා දරුවා කම්මැලි නැතිව අපේ මොන්ටිසෝරියේ ඉගෙන ගන්නවා.
ජූලි මාසයේ සිට අපි මොන්ටිසෝරිය සඳහා ළමුන් බඳවා ගැනීම් සිදුකරනවා. අපේ ආයතනයේ ළමුන් 12 දෙනෙකුට එක් ගුරුවරියක් සිටිනවා. ඔවුන් සැම දෙනාම අවුරුද්දකට වැඩි කාලයක් පවත්වන ඩිප්ලෝමා පාඨමාලාවන්ට සහභාගි වූ අයයි. මම මාසේ දෙකේ පුහුණුව ලබපු කිසිම අයෙක් බඳවා ගන්නේ නැහැ. ඒ වගේම මොන්ටිසෝරි ගුරු පුහුණු පාඨමාලාවන් ආරම්භ කරලා තිබෙනවා. පාඨමාලාව මෙහෙයවන්නේ මම විසින්මයි. අපි ලබාදෙන සහතිකය ලෝකයේ ඕනෑම රටකින් පිළිගන්න සහතිකයක්. මේ නිසා අපේ ඒ. එම්. අයි. සහතිකය ලබාගත් ගුරුවරුන් බොහෝ පිරිසක් විදෙස්ගතව මොන්ටිසෝරි ගුරුවරු ලෙස සේවය කරනවා.
0773575145
- නදීශානි පතිරණ