ප්‍රබල හඬක් ඇති කුඩා යුවතිය සිනීඩ්


ඇයගේ උස අඩි තුනයි අඟල් 5ක් වුවද ඇයගේ හඬ වඩාත් ප්‍රබලව අවදි කරයි. නමින් සිනීඩ් බුර්ක් වන ඇය තාමත් පසුවන්නේ 27 වැනි වියේය. මානව හිමිකම් පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි ඇය පසුගිය වසරේ ලෝක බලවතුන් එක්වන  'Davos' සමුළුවට සහභාගි වූවාය.

එහිදී ඇය කුරු භාවයෙන් උපත ලබන අය වෙනුවෙන සිය හඬ එක්කරමින් පවසා සිටියේ කුරුභාවය සහිතව උපදින අයව සර්කස් ආදී සංදර්ශන සඳහා යොදාගන්නා අයවලුන් බවට සමාජය පත්කරගෙන ඇති බවයි.

ඇය මේ වන විට විලාසිතා ක්ෂේත්‍රයේ නව්‍යතා උත්පාදනය වෙනුවෙන් ශ්‍රමදායකත්වය දක්වන අතරම ග්‍රන්ථ කර්තෘවරියක ලෙසද කටයුතු කරයි.



Recommended Articles