දරුවන්ෙග් පරිගණක චින්තනය හා ඩිජිටල් කුසලතා වර්ධනයට


21 වැනි සියවස ජය ගැනීමට නම් නිර්මාණශීලීත්වය, පරිගණක චින්තනය හා කේතීකරණය (coding) මෙන්ම ඩිජිටල් කුසලතා සහ නව නිපැයුම් මානසිකත්වයක් දරුවන්ට අත්‍යවශ්‍ය වේ. සිංගප්පූරුවේ මූලස්ථානය පිහිටි Create Lab එවැනි කුසලතා වර්ධනය කරගැනීමට අත්‍යවශ්‍ය මෙවලම් හා පහසුකම් සපයන ආයතනයකි. 


ඔක්ස්ෆර්ඩ්, එම්.අයි.ටී සහ සිංගප්පූරුවේ ඉහළම විශ්වවිද්‍යාල වල උගතුන්ගේ  සම්පත් දායකත්වයෙන් හා විශේෂඥ දැනුමෙන් සමන්විත, Create Lab ශාඛාවන් දැන් මෙරට දරුවන් වෙනුවෙන් කොළඹ 04, ඡායා මාවතේ අංක 23/1 දරන ස්ථානයේ හා One Gallface ගොඩනැගිල්ලේ විවෘතව පවතී. එහිදී කේතීකරණ හා රොබෝ නිර්මාණ වැඩමුළු, සිංගප්පූරුවේ ප්‍රමුඛතම පරිගණක චින්තන පොහොසත් කිරීමේ වැඩසටහන් අවුරුදු 5 සිට 12 දක්වා ළමුන් සඳහා සංවිධානය වේ. කේතීකරණය සන්නිවේදන මෙවලමක් ලෙස හෝ කාර්යයන් ක්‍රියාත්මක කිරීමට පරිගණකයට අණ කරන භාෂාව ලෙස හඳුන්වාදිය හැකිය. යෙදුම් (APPs), වෙබ්අඩවි (Web) සහ වෙනත් ඩිජිටල් මෙවලම් ඇතුළුව සියලුම මෘදුකාංග නිර්මාණය කිරීමේ මූලික අංගය එයයි. කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා පරිගණකයට උපදෙස් දීමට මෙම හැකියාව ඇති විට උපාංග තුළ අතත්‍ය ලෝකයන් (Virtual worlds ) නිර්මාණය කිරීමේ හැකියාව ලැබේ. පරිකල්පනයෙන් හා විශ්ලේෂණාත්මක චින්තනයෙන් සන්නද්ධ වූ මෙය අසීමිත හැකියාවන්ගෙන් යුත් ලෝකයකට දරුවන් විවෘත කරයි.

“දිනෙන් දින ඩිජිටල්කරණය වූ ලෝකයක, සාර්ථකත්වය කරා ළඟා වන කුසලතා යනු කෙනෙකුට සිතීමට, නිර්මාණය කිරීමට, සංවේදනය කිරීමට සහ ගැටලු විසඳීමට ඇති හැකියාවයි. පරිගණක ක්‍රමලේඛනය (Computer programming) සහ කේතීකරණ (Coding) කුසලතා යනු ළමුන් තුළ දැනටමත් පවතින මෙම හැකියාවන් උත්තේජනය කිරීමට සහ ගෙන ඒමට හැකි ප්‍රබල මෙවලම් වේ. හුදෙක් පරිභෝජනය කරනවාට වඩා නිර්මාණය කිරීමට තාක්‍ෂණය භාවිත කිරීමට ළමයින් බලගැන්වීම අපට කළ හැකි හොඳම දෙයයි ” යනුවෙන් Create Lab සම-නිර්මාතෘ / ප්‍රධාන විධායක නිලධාරී තිලාන් වික්‍රමසිංහ මහතා පවසයි.

Create Lab වැඩසටහන් සැලසුම් කර ඇත්තේ පුද්ගලාරෝපිත ප්‍රවේශයක් තුළින් හැකියාවන් ගවේෂණය කිරීමට සහ කුසලතා ලබා ගැනීමට ළමයින් දිරිමත් කිරීම සඳහාය. Create Lab හි ලබා දී ඇති ඉගෙනුම් පරිසරය තුළ රඟදැක්වීම( role-playing), කතන්දර කීම, චිත්‍ර සහ සංගීතය ඇතුළත් වන අතර එමගින් ඔවුන්ගේ පරිගණක වැඩසටහන් සහ දෘඪාංග(Hardware) හරහා විසඳුම් සංවර්ධනය කිරීමෙන් එදිනෙදා ගැටලු විසඳීමට දරුවන්ට අභියෝග කරයි.

ශ්‍රී ලංකාවේ Create Lab ආරම්භ කර ඇති කාර්යයන් පිළිබඳව අදහස් දක්වමින් Create Lab හි අධ්‍යක්ෂ මිෂෙල් පින්ටෝ  මහත්මිය මෙසේ පැවසීය. 
“අපගේ ප්‍රධාන වැඩසටහනක් වන පරිගණක චින්තනය පිළිබඳ හඳුන්වාදීම (ICT101) ප්‍රබල පරිගණක චින්තකයන් බවට පත්වීමට සිසුන් පොලඹවනු ඇත. අපගේ වැඩමුළු අතරතුර සිසුන්ට තමන්ගේම පරිගණක ක්‍රීඩා, ඩිජිටල් චිත්‍ර, වැඩසටහන් රොබෝවරු සහ දෘඪාංග සංවර්ධනය කළ හැකියි. අපගේ අවධානය යොමු වී ඇත්තේ අත්හදා බැලීම්, ගැටලු විසඳීම, රටා හඳුනා ගැනීම සහ ඔවුන්ගේ පරිකල්පනය භාවිත කිරීමට දරුවන් පෙලඹවීමයි. 

Create Lab වෙත පිවිසෙන දරුවන් නවීනතම මෘදුකාංග හා දෘඪාංග විසඳුම්වලට නිරාවරණය කෙරේ.  Create Lab ආයතනය මෙම වැඩසටහන් සම්පාදනය කිරීම සඳහා සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය (NUS), ගූගල් (Google), සොෆ්ට්බෑන්ක්( SoftBank) සහ සිංගප්පූරුවේ රජයට අනුබද්ධ ආයතනයක් වන (Infocomm & Media Development Authority of Singapore) සමග සහයෝගයෙන් කටයුතු කරයි. 
පන්ති කාමරයෙන් පිටත ළමයින්ට ඔවුන්ගේ වැඩකටයුතු පවුලේ අය හා මිතුරන් සමග බෙදා ගැනීමට සහ ඔවුන්ගේ ප්‍රවේශයන් වැඩිදියුණු කිරීමට ඉඩ දීම සඳහා නොමිලේ Cloud මත පදනම් වූ පහසුකම්ද සලස්වා දී ඇත.

 “අපගේ වැඩමුළු මඟින් ළමයින්ට හොඳින් සන්නිවේදනය කිරීමට සහ කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමට දිරිගන්වනු ලබනවා. මෙය ඔවුන්ගේ අධ්‍යයන ජීවිතයට මෙන්ම සැබෑ ලෝකයේද උපකාරී වනු ඇත. ”යැයි Create Lab සම-නිර්මාතෘ /සභාපති ධ_ව් වොහ්රා සඳහන් කරයි.

ගැහැනු ළමයින්ගේ කේතීකරණ හා පරිගණක කුසලතා වර්ධනය කර ගැනීම දිරිගැන්වීමේ වැදගත්කම පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ “පරිගණක විද්‍යා ලෝකයට ගැහැනු ළමයින් සහ කාන්තාවන් ඇතුළත් කර ගැනීම සීමා කරන චක්‍රය අප විසින් බිඳ දැමිය යුතුයි. මෙම කුසලතා අනාගතයේදී සාර්ථක වීමට අත්‍යවශ්‍ය මෙවලම් වනු ඇති අතර, පිරිමි ළමයින් හා ගැහැනු ළමයින් කුඩා කල සිටම ඔවුන්ගේ ඩිජිටල් දැනුම වර්ධනය කර ගැනීම ආරම්භ කළ යුතුයි* යනුවෙනි.

විශේෂ ස්තූතිය
Create Lab Lanka (Pvt) Ltd හි ඉගැන්නුම් හා මෙහෙයුම් කළමනාකරු ෂිබ්ලි සර්ධාර් මහතාට 

 

 

 



Recommended Articles