බිබි රසල් යනු ලොව ප්රමුඛ පෙළේ විලාසිතා නිර්මාණ ශිල්පිනියක් මෙන්ම නිරූපිකාවක්ද වේ. ඇය බංග්ලාදේශයේ උපත ලබා තම සංස්කෘතියේ වූ සුවිශේෂීත්වය ජාත්‍යන්තරයට ගෙන යමින්, අද වන විට විලාසිතා නිර්මාණ උපදේශිකාවක ලෙසද කටයුතු කරමින්, ලොව ප්රමුඛ පෙළේ විලාසිතා සති නියෝජනය කරමින් සිය දැනුම බෙදා දීම සිදු කරයි.
ඇය ගැන මීට පෙර නමින් දැන තිබුණද ඇයව හැබැහින් දැක ගන්න ලැබුණේ මේ දිනවල කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන විලාසිතා සතියක් වන %Colombo fashion week^ හරහාය. එහි පැමිණ සිටි සියල්ලන්ගෙන්ම ඇය වෙන් කර හඳුනා ගැනීමට හැකි වූයේ ඇගේ පෙනුම මෙන්ම ඇගේ විලාසිතාවන් නිසාවෙනි.
බංග්ලාදේශයටම විශේෂ වූ සාරියකින් සහ උපැස් යුවළකින් සැරසී සිටි ඇය ඇත්තෙන්ම ප්‍රියමනාප කාන්තාවකි. සිය හීන පසුපස හඹායමින් කොපමණ කඩා වැටීම් සිදු වුවද ඒ හීන හැබෑ කර ගනිමින් ජීවිතය දිනූ කාන්තාවක් ලෙස ඇයව හැඳින්වීමට පුළුවන. ඇයටද ඇගේ ගමන සම්බන්ධව සුවිශේෂී කතාවක් නැතුවා නොවේ. ඒ නිසාම ඇයව අප හා සම්බන්ධ කර ගැනීමට %අද^ අප පසුබට වූයේ නැත. මේ ඇගේ කතාවයි.
“ මම උපත ලබන්නේ බංග්ලාදේශයේ චිතාගොන්වල. මම පවුලේ තුන්වෙනියා. ඇත්තෙන්ම මම කුඩා අවධියේ පටන් ඇඳුම් පැලඳුම්වලට දැක්වූයේ මහත් උනන්දුවක්. මම කුඩා අවධියේ පටන් මගේ මව මට මසාදෙන ඇඳුම් සම්බන්ධව නම් මගේ කැමැත්තක් තිබුණේ නැහැ. මට නිතරම අවශ්‍ය වූයේ වෙනස් විදියකට අඳින්න. මගේ තාත්තා මගේ මේ ආසාව තේරුම් ගත්තා. ඒ නිසාම මට අවුරුදු 10දී මහන්න මැෂිමක් අරන් දුන්නා. මම තනිවම එය හසුරවන්න පුරුදු වුණා. මට හිතෙන විදියට රෙදි කපලා එක එක විදියට ඇඳුම් මහලා මම ඒවා ඇඳගෙන ඉන්නවා.ඇත්තෙන්ම එය මට ලොකු සතුටක් ගෙන ආවා.
මට අවුරුදු 16දී පමණ මගේ තාත්තා විලාසිතාකරණය සම්බන්ධ පොතක් මට ගෙනවිත් දුන්නා. එය ප්‍රසිද්ධ විලාසිතා නිර්මාණ ශිල්පියෙකු වන Coco Chanel විසින් ලෝක විලාසිතාකරණය සම්බන්ධව ලියූ පොතක්. ඒ පොත හරහා මට ඒ වන විට ලෝකයේ පැවැති විලාසිතාවන් හඳුනා ගන්නට පුළුවන් වූණා. ඒ සමග මට ආසාවක් ඇති වූවා විලාසිතාකරණය සම්බන්ධව ඉගෙන ගන්න. ඒ නිසාම මම %Home Economic College වෙත ඇතුළත් වෙනවා. මට එහිදී සිද්ධිකා කබීර් යන පෝෂණවේදියා සහ හොස්නා බානු යන ගුරු මහත්මිය මුණගැසුණා. ඔවුන් සෑමවිටම මාව දිරිමත් කළා මගේ සිහිනය සැබෑ කර ගන්න.
ඒ වන විට මගේ ලොකු ආශාවක් තිබුණා %London College of Fashion හි අධ්‍යාපනය හදාරන්න. නමුත් මට ඒ සඳහා අවසර ලැබුණේ මාස 6කට පසුවයි. මොකද මම ඒ වන විට සාමාන්‍ය පෙළවත් උසස් පෙළවත් සිදුකර තිබුණේ නැහැ. විලාසිතා නිර්මාණකරණය සම්බන්ධ ඒ වන විට අධ්‍යාපනයක් හෝ දැනුමක් නොතිබුණු නිසා මාව ප්‍රතික්ෂේප වුණා. නමුත් ඒ ප්‍රතික්ෂේප වුණ එක මොහොතකවත් මම මගේ උත්සාහය අතහැරියේ නැහැ. හැමදාම මම ඒ පාසල වෙත දුරකථන ඇමතුම්දී මට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළා. ඉන් පසුව මාව සම්මුඛ පරීක්ෂණ සඳහා තෝරාගත් බවට පවසමින් ලියුමක් ලැබුණා. ඒ සඳහා 60 දෙනෙක් පමණ කැඳවා තිබුණා. මට ලොකු විශ්වාසයක් තිබුණෙ නැහැ මට අවස්ථාවක් ලැබෙයි කියලා. මට සම්මුඛ පරීක්ෂණය සඳහා වේලාව දී තිබුණේ උදෑසන 11.30ට පමණ. නමුත් මම එතැනට උදෑසන 10ට ගියා. මට දී තිබූ වේලාවට විනාඩි 10කට කලින් මාව පරීක්ෂණය සඳහා කැඳවූවා. ඇත්තෙන්ම ඒ නිසා මම තිගැස්සුණා. මම එවිට ඔවුන්ගෙන් ඇසුවා මොන වගේ ප්‍රශ්නද අසන්නේ කියා. එවිට ඔවුන් පැවසුවේ අසන සියල්ලටම උත්තර දෙන්න. පරීක්ෂණයට ප්‍රථමයෙන් ඒ සම්බන්ධව ඔබට කිසිවක් පවසන්න බැහැ කියායි.
ඒ පරීක්ෂණයේදී මගෙන් ඇහුව පළවෙනි ප්රශ්නය තමයි බංග්ලාදේශය යන්න කීමට යෙදෙන අක්ෂර ෙමානවද කියා. ඒ ප්‍රශ්නයට මට පිළිතුරු දෙන්න හැකි වුණා. ඒ වගේම වර්ණ , හැඩතල සම්බන්ධ මූලික ප්‍රශ්න මගෙන් ඇසුවා. ඒ වගේම විලාසිතාකරණය සම්බන්ධ ප්‍රශ්න ඇසුවා. නමුත් මට ඒ කිසිම ප්‍රශ්නයකට පිළිතුරු දී ගන්න නොහැකි වුණා. නමුත් මාව සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගනු ලැබුවා. මොකද බංග්ලාදේශයෙන් මේ පාසලට පැමිණි පළමු ශිෂ්‍යාව මම නිසා. ඉන් පසු මම විලාසිතාකරණය සම්බන්ධ මූලික දැනුම රාත්‍රී පන්ති ඔස්සේ ලබාගත්තා. ඒ නිසා මම මේ පාසලේ පළමු වසරේදී ලොකු කැපවීමකින් අධ්‍යාපන කටයුතුවල නිරත වුණා.
මම 1975 වසර වෙද්දි මගේ උපාධිය සම්පූර්ණ කරන්න හැකි වූණා. මගේ උපාධි උත්සවයෙන් පසුව පාසලේ විදුහල්පතිවරයා මට පැවසුවා ප්‍රසිද්ධ විලාසිතා ඒජන්සියක් පවත්වාගෙන යන Laraine Ashton මට නිරූපණය සඳහා ආරාධනා කළ බව. නමුත් මට ඒ වෙද්දී නිරූපණ ශිල්පිනියක් වෙන්න කිසිම අවශ්‍යතාවක් තිබුණේ නැහැ. නමුත් නිරූපිකාවක් වුවහොත් තව දුරටත් විලාසිතා ලෝකය සම්බන්ධ ඉගෙන ගන්න හැකියාව ලැබෙන බව මට තේරුම් ගියා.
මගේ පළමු නිරූපණය සිදු කළේ ප්‍රසිද්ධ සඟරාවක් වන %Harper’s Bazaar^ වෙතයි. ඉන් පසුව Vogue, Cosmopolitan^ වගේම වෙනත් විලාසිතා සඟරා සඳහා ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණා. මම ඉදිරිපත් වූ පළමු විලාසිතා දැක්ම වූයේ ඉතාලියානු විලාසිතා නිර්මාණ ශිල්පිනියක් වන වැලන්ටිනෝ යටතේයි. මගේ උස 5’10ක් වීම සහ මගේ සමේ වර්ණය වගේම මගේ දිග කොණ්ඩය මේ සෑම දේම ලැබෙන්න එක් හේතුවක් වූවා. ඒ නිසා මට ලොව ප්‍රසිද්ධ සන්නාම වන BMW, Jaguar, Rolls Royce, Toyota වෙත සහභාගිවී සන්නාම ප්‍රවර්ධනය කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මට ඒ හරහා විවිධ රටවලට වගේම විවිධ සංස්කෘතීන් වෙත සහභාගි වෙන්න හැකියාව ලැබුණා.
ඉන් පසුව මම නිවාඩුවට නැවතත් බංග්ලාදේශයට පැමිණෙනවා. එහිදී මම රෙදි වියන්නන් වගේම අත්කම් නිර්මාණ ශිල්පීන් මුණගැසෙන්න ගියා. ඒ අවස්ථාවේදී මට හිතුණා ඔවුන් වෙනුවෙන් යම් කිසි දෙයක් මම කළ යුතුයි කියා. බංග්ලාදේශය ගත්තම සියයට අනූවකට වැඩිය තිබෙන්නෙ ග්‍රාමීය පළාත්. ඒ බොහෝ ජනතාව ජීවත් වන්නෙ ගොවිතැනින් හෝ අත්කම් නිර්මාණ, රෙදි විවීම හරහායි. ඇත්තෙන්ම බොහෝ දෙනෙක් බංග්ලාදේශය හඳුන්වන්නේ දුප්පත් රටක් ලෙසටයි. නමුත් මට කියන්න තියෙන්නේ බංග්ලාදේශය කියන්නේ සුවිශේෂී සංස්කෘතියකින් පොහොසත් රටක්. ඒ නිසා ඒ සංස්කෘතිය තුළින්ම ජාත්‍යන්තරය වෙත රටේ නම ගෙනියන්න වගේම දුප්පත් ජනතාවට ඒ ඔස්සේම සේවයක් කළ යුතුයි කියන අදහස මා වෙත පැමිණියා. ඒ නිසා මම බංග්ලාදේශයට පැමිණිය යුතුයි කියන හැඟීම මා තුළට පැමිණියා. නමුත් මගේ යාළුවෝ හිතුවේ නැහැ මම නැවත බංග්ලාදේශයට පැමිණෙයි කියා. මන්ද ඒ දිනවල මට රඟපෑම සඳහා සම්බන්ධ වන්නටද මට නොයෙක් ආරාධනා ලැබුණා. නමුත් මගේ මනස ඒ වෙද්දී හැදිලා තිබුණෙ මම මගේ ගමන යායුතුයි කියායි. ඒ නිසා මම ඒ සියල්ල අතහැර 1994දී නැවතත් බංග්ලාදේශයට පැමිණෙනවා.
මම බංග්ලාදේශයට පැමිණිය පසු මම මගේ අම්මාට පැවසුවා මට හැන්ඩ්ලූම් ඉන්ඩස්ට්‍රි එක ගැන ඉගෙන ගන්න අවශ්‍යයි කියා. ඒ නිසා අවුරුදු එක හමාරක් ඇතුළත මම බංලාදේශයේ ගම්මාන වෙත ගොස් රෙදි වියන්නන්ගෙන් සහ අත්කම් නිර්මාණශිල්පීන් මුණගැසුණා. ඒ ඔස්සේ මට ලොකු දැනුමක් ඔවුන් තුළින් ලබාගන්න හැකි වුණා. ඇත්තෙන්ම ඔවුන්ගේ ඇඟිලිවලට ඇත්තේ මැජික් බලයක්ද කියා මට සිතුණු වාර අනන්තයි. මන්ද ඒ තරමටම ඒ නිර්මාණ විචිත්රයි. ඒ ලබාගත් දැනුමත් සමග 1995 වර්ෂයේදී මම මගේම නිෂ්පාදන %BIBI Production^ ලෙස ගෙන එන්න හැකියාව ලැබුණා. මම ඒ සඳහා අවශ්‍ය රෙදි බංග්ලාදේශයේ Rajsahai, Comilla, Candina, Kudhtia යන ගම්මානවලින් මිලදී ගත්තා. ඒ හරහා අත්කම් නිර්මාණශිල්පීන් සමග මෙන්ම රෙදි වියන්නන් සමග හොඳ සම්බන්ධතාවක් ගොඩ නගා ගන්නට හැකියාව ලැබුණා. මම අදටත් ඔවුන්ට විශාල ගෞරවයක් දක්වනවා. මොකද මම අද යම් තැනක සිටිනවා වගේම BIBI Production ජාත්‍යන්තරයට ගෙනියන්න අවස්ථාව ලැබුණේ ඔවුන් නිසයි. ඒ නිසා ඒ සියලු ගෞරවය ඔවුන්ටද ලැබිය යුතුයි කියා මා විශ්වාස කරනවා.
මගේ පියා රන්පුර්වල කෙනෙක්. අම්මා ඩකාවල. ඇත්තටම මේ ප්‍රදේශ දෙකම සංස්කෘතික වටිනාකමක් ඇති ග්‍රාමීය ප්‍රදේශ. ඒ ඔස්සේ මට හැකියාව ලැබුණා ෙබංගාලි සංස්කෘතිය හොඳින් හඳුනාගන්න. ඒ මට ලැබුණ සංස්කෘතිය ඔස්සේ මම සෑමවිටම උත්සාහ කරන්නේ සරල ජීවිතයක් ගෙනියන්න. මම හැමවිටම හැදී වැඩුෙණ් තාගෝර් සංස්කෘතියේ වගේම මහත්මා ගාන්ධිගේ දර්ශනය තුළ. ඒ නිසා මම සෑමවිටම දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. මම මේ වෙද්දී මගේ ආයතනය තුළ 30 දෙනෙකුට පමණ රැකියා ලබාදී තිබෙනවා. ඒ ඔස්සේ ඔවුන්ගේ ජීවිතවලට සවියක් දෙන්න මට අවස්ථාව ලැබුණා.
මම ඇඳුම් වගේම බෑග්, වළලු, මාල වැනි දේත් නිර්මාණය කරනවා. මම හැම විටම ස්වාභාවික දේ උපයෝගී කර ගන්නේ. මම ආස නැහැ කෘත්‍රිම දේවල් භාවිත කරන්න. මෙලෙස මම මගේ පළමු විලාසිතා එකතුව මම ඉදිරිපත් කළේ 1995 වසරේදී. අද වෙද්දී මගේ නිර්මාණ සඳහා ලෝකයේ විශාල ඉල්ලුමක් පවතිනවා. මම හැමවිටම මා හැදුණු වැඩුණු සංස්කෘතියේ තිබූ දෑ නව ආරකින් ජාත්‍යන්තරයට ගෙන ගියා. ඇත්තටම මට විලාසිතා නිර්මාණ ශිල්පීන්ට පවසන්න තිබෙන්නේ ඔබ ඔබේ රටේ සංස්කෘතියෙන් ඔබටම උරුම දෙයින් ඔබේ ගමන ආරම්භ කරන්න. එවිට ඔබට වගේම ඔබේ රටත් ජාත්‍යන්තරයට ගෙන යන්න අවස්ථාව ලැබේවි.
ඇත්තෙන්ම බිබි තුළින් අපට ගතහැකි දෑ බොහෝය. ඔබත් ඔබගේ හීන පසුපස යන්න. හීනය හැබෑ වනතුරු උත්සාහය අත් නොහරින්න. බිබි සෑමවිටම පවසන්නේ &කිසිම විටක ඔබේ හැකියාව ගැන උද්දාම නොවන්න. එවිට ඔබේ ගමන කෙටි වේවි. ජීවිතයේ ලබන සෑම අත්දැකීමක් තුළින්ම ජීවිතයට කියා දෙන්නේ පාඩම්. ඔබ සෑමවිටම එය සිහි තබා ගන්න* යනුවෙනුයි.