කාන්තාවන් 10ට ඇමෙරිකාව දෙන සම්මානවලින් එකක් ලංකාවට


ඇමරිකාවේ  රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලොව වටා කාන්තාවන් දස දෙනෙකු තෝරා ප‍්‍රදානය කරන ‘කාන්තාවන් දිරි ගැන්වීමේ ජාත්‍යන්තර සම්මානයෙන්’ ශ‍්‍රී ලාංකීය කාන්තාවක්ද ඊයේ (07දා)   ඇමරිකාවේදී බුහුමනට ලක් වූවාය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතාගේ බිරිය වන මෙලනියා ට‍්‍රම්ප් මහත්මිය අතින් මෙම සම්මානය ලබන්නේ මැරිනිද ලිවේරා මහත්මියයි.

අපරාධයට ලක්වූ කාන්තා සහ ළමා වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටින ලිවේරා මහත්මිය ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සභාපතිනය ලෙසද කටයුතුකර ඇත.

ඇය සමගින් බංගලාදේශය, බර්මා,ජිබෝට්ටාව,ඊජිප්තුව, ජොර්දාන්,අයර්ලන්තය, මොන්ටෙනග්‍රෝ, පේරු සහ ටැන්සානියානු කාන්තාවන්ද මෙම සම්මානයට පාත‍්‍රවිය.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාද මෙම සම්මාන උළෙලට සහභාගීවේ.



Recommended Articles