පසුගිය අවුරුදු 30 පුරා කාන්තා ශ්‍රම බලකාය ගෝලීයව, සියයට 75 වැනි පුරුෂ ශ්‍රම බලකායට සාපේක්ෂව, සියයට 52 සිට සියයට 49 දක්වා පහත වැටී තිබේ.
කාන්තාවන්ට පූර්ණකාලීන රැකියා සඳහා යොමුවීමට ඇති හැකියාව පිරිමින්ට වඩා හරි අඩක් වන අතර, එසේ නිරතවීමෙන් කාන්තාවකට උපයාගත හැකි මුදල පිරිමින්ගේ වැටුපෙන් තුනෙන් එකක් දක්වා අඩුකළ වැටුපකි.
ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී හෝ රැකියාවකට යොමු වීමේදී බොහෝ විට කාන්තාවන්ට නීතිමය බාධාවන්ට මුහුණදීමට සිදුවී තිබේ. කාන්තාවන්ගේ අයිතීන් උදෙසා ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති කාන්තාව, ව්‍යාපාරය සහ නීතිය 2018^ වාර්තාව මගින් වැඩකරන කාන්තාව පමණක් නොව, නීතිය වෙනස් කිරීම තුළින් සමස්තයක් වශයෙන් මුළු මහත් සමාජයේ වෙනසක් සිදු කරන්නේ කෙසේ දැයි අවබෝධ කරදෙයි.
මෙවර මෙම වාර්තාවෙන් රටවල් 189ක් ආවරණය කර ඇති අතර, පළමු වරට නීතියේ සාධාරණත්වය ක්ෂේත්‍ර හතක් ඔස්සේ විමසා බලන ලදී. ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ අවස්ථා සහ කාන්තාවන්ගේ ආර්ථික අපේක්ෂාවන් වැඩි දියුණු කර ගැනීමේ අවස්ථාවන් පිළිබඳව එමගින් අවධාරණය කර තිබේ.
හොඳම රටවල් 20 අතුරෙන්, එක්සත් රාජධානිය, නවසීලන්තය හා ස්පාඤ්ඤය සියලු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටියද කිසිම රටකට මුළුමනින්ම ප්‍රතිඵලය අබිබවා යෑමට නොහැකි විය.
සමීක්ෂණයට අනුව කාන්තාවන් සඳහා තවමත් නීතිමය බාධක පවතින බව වාර්තා වෙයි. නිදසුනක් ලෙස රටවල් 18ක ස්වාමි පුරුෂයන්ට තම බිරින්දෑවරුන් රැකියාවක් කිරීම වැළැක්වීම සඳහා නීතිමය අවසරය ලැබී තිබේ. පවුලේ යහපත උදෙසා වැඩ කිරීමට අවසර ලබාදීම හෝ නොදීම තීරණය කරනු ලබන්නේ ස්වාමි පුරුෂයා විසිනි.
බොහෝ පොදු සීමාවන් පාස්පෝර්ට් අයදුම්පත සමග සම්බන්ධ වේ. කාන්තාවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම හෝ අලුත් කිරීම සඳහා රටවල් 37ක් අවසර නොදෙයි. ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ නායක %නිලූෆර් අර්ඩලාන් ^ හට ශූරතා තරගාවලිය සඳහා තරග වැදීම වැළැක්වීම මෙයට කදිම නිදසුනක් විය. තම බිරිඳ රටින් පිටවීම වැළැක්වීමට සිය අයිතිය ඉල්ලා සිටිමින්, ඇගේ සැමියා විසින් බිරිඳගේ ගමන් බලපත්‍රය අලුත් කිරීමේ පත්‍රිකා සඳහා අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. ස්ත්‍රීන්ව ආරක්ෂා කිරීම හා ඔවුන්ගේ ප්‍රජනන කාර්යයන් සඳහා ඇති කැමැත්ත මෙම ප්රවණතාවට හේතු වී ඇත.
ස්ත්‍රීන් පුරුෂයන් මත රඳා පැවතිය යුතු බව එම රටවල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවධාරණය කර ඇති අතර, කාන්තාවන් උවදුරුවලින් වැළැක්වීම සඳහා නීතිරීති පනවා තිබේ. මෙම නීති එක්සත් ජනපදය විසින් ව්‍යවස්ථා විරෝධී බව පිළිගෙන ඇතත්, සෑම කලාපයකම රටවල් 104ක් කාන්තාවන්ට යම් විශේෂිත රැකියාවල නිරතවීම වැළැක්වීමට නීතිරීති පනවා තිබේ.
ආර්ජන්ටිනාවේ කාන්තාවන්ට වීදුරු ඔප දැමීමේ රැකියා තහනම් කර තිබේ. යුරෝපීය රටක් වන බෙලාරුස්හි කාන්තාවන්ට මගීන් 14කට වඩා වැඩි බස් රථ ධාවනය කිරීම තහනම් කර තිබේ. බටහිර අප්‍රිකානු රටක් වන %ගිනි^ රටේ කාන්තාවන්ට යම් නිශ්චිත වර්ගවල මිටි භාවිත කිරීම තහනම් කර ඇත. කම්කරු නීතිවල පවතින මෙම අසමානතාවන් හමුවේ වුවද කාන්තාවන් රැකියාවන් කරන අතර, ඔවුන් පිරිමින්ට සාපේක්ෂව අඩු වැටුපක් ලබයි.
එහෙත් කාන්තා සහභාගිත්වය තුළින් ආර්ථික වර්ධනය වේගවත් වේ. රටකට එවැනි ආර්ථික වාසි ලබාගැනීමට අවශ්‍ය නම් මෙම බාධා ඉවත් කිරීම පමණක් නොව ශ්‍රම බලකාය තුළට කාන්තාවන් ඇතුළත් කිරීමට දිරි ගැන්වීම් පිරිනැමීමද අවශ්‍ය වේ. රැකියාවේදී ලිංගික හිරිහැර කිරීම් තහනම් කළ යුතු අතර බලය අයුතු ලෙස භාවිතා කිරීම, ලිංගික හිංසනය, කාන්තාවගේ ආර්ථික බලගැන්වීම හා වෘත්තීය අපේක්ෂාවන් වළක්වනු ඇත.
කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳීම සඳහා රටවල් 59ක් තවමත් ක්‍රියාත්මක වී නොමැති අතර, එවැනි නීති සම්පාදනය කරමින් කාන්තාවන් ඍජු ලෙස ආර්ථික ක්‍රියාවලිය සඳහා ඇතුළත් කරගන්නේ නම් ස්ත්‍රී හිමිකාරිත්වය සහිත ව්‍යාපාර ශීඝ්‍රයෙන් වර්ධනය වනු ඇත.
මෙම සොයා ගැනීම් මත ප්රගතියේ යම් ප්‍රමාදයක් පෙනෙන්නට තිබුණද, බොහෝ රජයන් විසින් කාන්තා සේවා නියුක්තිය හා කාන්තා ව්‍යවසායකත්වය තිරසාර සංවර්ධනය උදෙසා යොදා ගැනීමේ ක්‍රම පිළිබඳව සලකා බලමින් සිටී. %කාන්තාව, ව්‍යාපාරය සහ නීතිය 2018^ අවසන් වාර්තාව නිකුත් වීමෙන් අනතුරුව රටවල් 65ක් විසින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සඳහා ප්‍රතිසංස්කරණ 87ක් සොයාගෙන තිබේ.
ලෝකය පුරාම රැකියා සීමාවන් අහෝසි කිරීම, ණය ලබා ගැනීමේදී වෙනස්කම් කිරීම තහනම් කිරීම, නීති ආධාර ලබා දීම සහ ළමා ආරක්ෂණ සේවාවන්ට සහාය දීම ඇතුළු වෙනස්කම් හා අනෙකුත් වෙනස්කම් රැසක් සමග සෑම තැනකම වැඩ කරන කාන්තාවන් සඳහා නීතිමය රාමුව හැඩගැස්වෙන අතර, පිරිමින් සහ කාන්තාවන් අතර පරතරය වැසීම තුළින් ගෝලීය ප්‍රජාවට ප්රතිලාභ සැලසෙනු ඇත.
කාන්තාව, ව්‍යාපාර සහ නීතිය 2018 වාර්තාව තුළින් පැහැදිලිවම අපට පවසන්නේ කාන්තා සේවා නියුක්තිය සහ කාන්තා ව්‍යවසායකත්වය සඳහා නීතිය බලපෑම් කරන බවයි. ඉහළ ලකුණු සහිත රටවල්වල කාන්තා සේවකයන් වැඩි සංඛ්‍යාවක් සිටින අතර, සමාජය සමාන වන විට, ආර්ථිකයන් වඩාත් ප්‍රබල වන බව පෙන්වා දෙයි.
රටවල්වලට මෙහි වැදගත්කම පෙන්වා දෙමින් කාන්තාව, ව්‍යාපාර සහ නීතිය තම කැපීපෙනෙන කාර්යභාරය අවධාරණය කරමින් ප්‍රතිපත්තිමය වශයෙන් සාකච්ඡා කිරීම සඳහා කටයුතු කිරීමට කැපවී සිටී. ප්රගතියේ සහකාරියන් ලෙස කාන්තාවන්ගේ අද්විතීය භූමිකාව අප හඳුනාගත යුතුය. ස්ත්‍රීන් හා පුරුෂයන් පූර්ණ හා සමානව සහභාගි වීමෙන් සෑම රටකම, ප්‍රජාවට සහ ආර්ථිකයට එහි හැකියාවන් විශිෂ්ට ලෙස සපුරාගත හැකිය.
මූලාශ්‍රය : (එල්.එස්.ඊ. බිස්නස් රිවිව් ඇසුරෙනි)