කටට රසට කෑමට බීමට අපි කවුරුත් කැමතියි. ඒත් අපි ආස කරන කෑමක් තනියම හදා ගන්න ගියාම ළඟ පාතක අම්මා නැත්නම් කාගෙන් අහන්නද? ඉතින් අද තාක්ෂණික දියුණුව නිසාම අපි කවුරුත් රස කෑමක් හදන්න දන්නෙ නැත්නම් යූ ටියුබ් එකට ගිහින් වීඩියෝ එකක් බලලා උයන්න උත්සහ කරනවා.
විදියට හරිම ළෙන්ගතුව අපිට අපේ අම්මා උයන්න කියලා දෙනවා වගේම ආදරෙන් කටට රසට උයන්න කියලා දෙන අම්මා කෙනෙක් තමයි අනෝමා විජේතුංග කියන්නේ. ඇය අනෝමාස් කිචන්^ (Anoma’s Kitchen) යන යූ ටියුබ් චැනලය හරහා ලංකාවේ මෙන්ම පිටරට සිටින ප්‍රේක්ෂකයන්ට ආහාර පිසීම පිළිබඳව කියාදේ. මේ වනවිට ඇය කා අතරත් ජනප්‍රිය වීම හේතුවෙන්ම ඇය සමග දොඩමලු වීමට %අද^ අපි සිතුවෙමු. ඇය යූ ටියුබ් ජාලයේ වැඩිම සබ්ස්ක්‍රයිබ් හිමිකමට Silver Creator Award දිනාගෙන තිබේ.
ඔබ සූප ශාස්ත්‍ර කලාවට යොමු වුණේ කොෙහාමද?
මම කොන්වන්ට් එකක ඉගෙන ගත්තේ. ඉතින් නිවාඩුවට ගෙදර ආවාම අම්මා අපිව කුස්සියට උයන්න දානවා. මොකද අම්මටත් හොඳට උයන්න පුළුවන්. ඒ නිසා පුංචි කාලේ පටන් උයන්න පුරුදු වුණා. මට නංගිලා පස් දෙනෙක් ඉන්නවා. ඒ කාටත් උයන්න පුළුවන් වුණා අම්මාගේ මේ හැකියාව නිසා.
අපේ ගෙදර නිතරම උයන පිහින ගෙදරක්. අම්මා නිතර කේක් හැදුවා. පුඩිං හැදුවා. ඒ වගේ පරිසරයක තමයි මම හැදුෙණ්. මට මතකයි අම්මා කේක් හදන්න ගියාම ඉස්සෙල්ලාම දෙන්නෙ බෝල් එක අල්ලන් ඉන්න. ඊළඟට ඒක හොලවන්නේ නැතිව අල්ලන් ඉන්න පුරුදු වුණාම බිත්තර සුදු මද, කහ මද බීට් කරන්න කියලා දුන්නා. ඊට පස්සෙ කේක් ක්රේ එක හදන්න ඉගැන්නුවා. ඊට පස්සෙ තමා තනියම හදන්න දෙන්නේ. ඒ වගේ ටික, ටික එක එක කෑම වර්ග හදන්න අම්මා පුරුදු කළා.
කොහොමද ඔබ යූ ටියුබ් එකේ කටට රසට උයන්න පුරුදු කරන්න යොමු වුණේ?
මට උයන්න පුළුවන් නිසා මගේ යාළුවෙක් දවසක් ඇහුවා පිටරට ටීවි චැනල්වල වගේ තනියම කියව කියව උයන්න කැමති නැද්ද කියලා. තනියම කතා කරනවා කිව්වම මම ඇත්තටම ආස නැති වුණා. නමුත් එයා එහෙම කිව්වම මගෙ හිතේ බීජයක් පැළ වුණා වගේ දෙයක් වුණා. සමහර වෙලාවට මම උත්සහ කරලා බැලුවා මට මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවට මගේ කටහඬ මටම ඇහෙද්දී මේ වැඩේ හරි යන්නේ නැහැ කියලා හිතුණා. නමුත් මම දවසක් දුවට කිව්වා දුව අපි යූ ටියුබ් එකට වීඩියෝ එකක් කරලා බලමුද කියලා. දුවත් ඒ දේට ගොඩක් කැමති වුණා. අපේ ගෙදර ජනප්‍රියම කෑමක් තමයි පොල් සම්බෝල. ඒ නිසා පළවැනි වීඩියෝ එක ලෙස පොල් සම්බෝල හදන විදිහ මගේ ෆෝන් එකෙන් වීඩියෝ කළා. පළමුවැනි වීඩියෝ එකට ගෙදර හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබුණා.
පළවෙනි සතියේ මෙය සීයක්වත් බලලා තිබුණේ නැහැ. මම හිතන්නෙ වීව්ස් දහක් වැටෙන්නත් මාස හයක් විතර ගියා. නමුත් ඊට පස්සෙ හරි ඉක්මනට මෙය පැතිරුණා. නමුත් මේ තරම් සබ්ට්රයිබර්ස්ලා ගණනක් එකතු වෙයි, මේ තරම් පිරිසක් මගේ වීඩියෝස් බලයි කියලා කවදාවත් හිතුවෙ නැහැ. මුලදී මම කතා කරන විදියට බය වුණාට මම කතා කරන විදියට තමා ගොඩක් අය කැමති වෙලා තියෙන්නෙ කියලා ප්‍රතිචාර බලපුවාම තේරුණා. දැන් ගොඩක් තරුණ දුවලා පුතාලා උයන්න දන්නෙ නෑනෙ. ගොඩක් තරුණ අය මගේ වීඩියෝස් බලලා උයනවා. ඇත්තටම මට ඒක ලොකු සතුටක්.
අපි ගොඩක් හිතනවානේ ඉවීම අමාරු දෙයක් කියලා. නමුත් මම නම් හැමවෙලේම කියන්නේ එය ගොඩක් ලේසියි කියලා. එතකොට ඒ අය පටන් ගන්නෙම ලේසියි කියන තැනින්. මට අවශ්‍ය කරලා තියන දේ දැන් වෙනවා. මට අවශ්‍ය කරලා තිබුණෙ තරුණ දරුවන්ට උයන්න පුරුදු කරන එක සහ අපේ කෑම බීම මෙතනින් නැති වෙන එක වළක්වන්න.
රස කෑම වේලකට පවුලේ සමගිය වැඩි කරන්න පුළුවන් කියන කතාව ඇත්තක්ද?
ඇත්තෙන්ම ඔව්. කෑමෙන් පුළුවන් පවුලක සමගිය වැඩිකර ගන්න. ගෙදර රස කෑම තියෙනවා නම් ළමයින්, සැමියා පිටින් කන්න බලන්නෙ නැහැ. ඒ සඳහා ගෙදර එනවා. අපි හැමවෙලේම ආදරෙන් උයන්න ඕන. ඒක කරදරයක් කියලා කිසිම දවසක හිතන්න එපා. අපිට පුළුවන් කෑම වේලකින් ගෙදර කට්ටියම එකට එකතු කරන්න. මගේ ගෙදර ගත්තම අපේ අම්මා හැම වෙලේම උත්සහ කළේ ගෙදර කට්ටිය එකට එකතු කරන්න. හරිම සමගියි. ඉතින් මමත් විවාහ වුණාම උත්සහ කළේ ඒ වගේ පවුල් ජීවිතයක් ගෙනියන්න. ඉතින් ඒ වගේ හොඳ පුරුදු දෙමව්පියෝ කළාම දරුවො නිකන්ම ඒ වගේ ජීවත් වෙන්න පුරුදු වෙනවා.
ඒ වගේම මෙන්න මේ දේත් කියන්න ඕන. කරුණාකරලා කෑම මේසෙ වාඩි වෙද්දී ෆෝන් අරන් එන්න එපා. ගෙදර හැමෝම එකට එකතු වෙන්නෙ එතන. අපි ජංගම දුරකථනය පාවිච්චි කරද්දී දැන ගන්න ඕන යුතුකම් සහ වගකීම් කියන කාරණය. මට නම් හිතෙන්නේ දුරකථන මගින් අපිට වැඩ ලේසි කරනවාට වඩා ජීවිත අවුල් කරන එක තමයි වෙන්නේ.
ඔබ කෑම රසට උයන්න පුරුදු කරනවා වගේම ගෘහණියන්ට නොයෙක් නොයෙක් වැඩ පහසු කර ගන්න දේවලුත් උගන්වන්න අමතක කරන්නෙ නැහැ. ඉතින් මොනාද මේ ඔබ කියාදෙන කිචන් ටිප්ස්?
ගොඩක් ගෙවල්වල මුළුතැන්ගෙය අපිරිසුදුයි. ඒ ගැන හිතන්නේ නැහැ. සින්ක් එක හෝදන එක ගැන හිතන්නේ හරි ලොකු වැඩක් කියලා. ඇත්තටම සින්ක් එක හැමදාම සෝදන්න ඕන.
අනිත් කාරණය තමයි ගොඩක් අය එකම ස්පොන්ච් එකෙන් ඉඳුල් හෝදනවා. ඒ ස්පොන්ච් එකෙන්ම වීදුරුත් හෝදනවා. එතකොට වීදුරු ගත්තම හරිම පිළී ගඳයි. ඒ නිසා හැම වෙලේම ඉඳුල් සෝදන්න එක ස්පොන්ච් එකක්, වීදුරු සෝදන්න තව ස්පොන්ච් එකක් වගේම බඩු සෝදන්න වෙනම ස්පොන්ච් එකක් පාවිච්චි කරන්න ඕන.
අනිත් කාරණය තමයි කටින් බෝඩ් එක. අපි එකම කටින් බෝඩ් එකේ පලතුරු කපනවා. එළවළු කපනවා. මස් මාළු කපනවා. නමුත් එකම කටින් බෝඩ් එක පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒකෙන් වෙන්නෙ අපි දන්නෙම නැතුව විස බීජ කෑමට එකතු වෙන එකයි.
අනිත් කාරණය තමයි ලිප. ලිප අනිවාර්යෙන්ම උයලා ඉවර වුණාට පස්සෙ පිහි දාන්න ඕනෙ. ඒක අපි පුරුද්දක් කර ගන්න ඕන.
ඒ වගේම මගේ වීඩියෝස්වලින් මම ඉගැන්වුවා කොහොමද නන්ස්ටික් භාජනයක් පිළිවෙළකට තියා ගන්නෙ, ඒක කොෙහාමද සෝදන්නේ, කොහොමද ප්‍රෙෂර් කුකර් එක පාවිච්චි කරන්නේ, අවන් එක පාවිච්චි කරන්නේ කොහොමද වගේ දේවල්.
මුළුතැන්ගෙයකට අවශ්‍යම දේ පිළිවෙළයි, පිරිසුදුකමයි. කොහොමද අපි මුළුතැන්ගෙයි පිළිවෙළට පිරිසුදුවට තියා ගන්න ඕන?
මම කියන්නෙ අපි මුළුතැන්ගෙයි තියන බඩු ඒ තැනින්ම තියන්න ඕන. මගේ මුළුතැන්ගෙයි කුළුබඩු තියලා තියන පිළිවෙළ මම කවදාවත් වෙනස් කරන්නේ නැහැ. කරුවලේ ආවත් මම දන්නවා මිරිස් බෝතලේ තියෙන්නෙ මෙතන කියලා.
උයලා ඉවර වුණාම ලිප පිස දාන්න ඕන. ඒ වගේම තුනපහ බෝතල් පිහ දාන්න ඕන. නැත්නම් ඒවායේ ලුණු වගේ දේවල් ගෑවිලා අපිරිසිදු වෙනවා. ඒ වගේම උයද්දී මේසයේ හරි පැන්ට්‍රි ටොප් එකට හරි ඉටි කොළයක් වගේ දාලා උයන්න. ඒ වගේම තේ හදන කොටත් එහමයි. එතකොට ඒ දේවල් අපිරිසුදු වෙන්නේ නැහැ. කහට පැල්ලම් හිටින්නේ නැහැ.
ගැහැනු කෙනෙක්ගේ පිරිසුදුකම මනින්න පුළුවන් මුළුතැන්ගෙයිනුයි, නාන කාමරේනුයි. මුළුතැන්ගෙයි කූඹි ඉන්නවා, කැරපොත්තො ඉන්නවා, මීයො ඉන්නවා කියනවා. අපිම තමයි ඒ දේවල් කර ගන්නේ. අපි උදේට බිම පිරිසිදු කර ගන්නෙ නැත්නම්, සින්ක් එක හෝදන්නෙ නැත්නම් ඒ සත්තු එන එක වළක්වන්න බැහැ. මේ දේවල් පිරිසිදුව තබා ගන්නවා නම් සත්තු එන්නේ නැහැ.
මොකද්ද මේ මෙනු ප්ලෑනින් කියන්නේ?
මෙනු ප්ලෑනින් කියන දේ හොඳම දෙයක්. අපි උයන්න ගියාම ශීතකරණය අරිනවා. එළවළු බාස්කට් එක බලනවා. අායිත් වහනවා. මොනවද උයන්නෙ කියලා හිතනවා. ඒ වගේ වෙලාව ගොඩක් නාස්ති කර ගන්නවා. මම කියන්නෙ සුමානෙකට අපි ඕන කෑම ටික අපි සැලසුම් කරන්න ඕන. කොළයක් අරන් ලියන්න මොනාද උදේට, දවල්ට, රෑට කන්නෙ කියලා. ඉතින් සිකුරාදට මම මාකට් යන කොට ගේන්නේ අර මම ලියපු මෙනු එකට අවශ්‍ය බඩු ටික විතරයි. නැත්නම් අපි ගියාම කරන්නෙ දකින දකින ඒවා ගන්න එක. එහම වුණාම වෙන්නෙ එක්කො වැඩි පුර ගෙනල්ලා සමහර එළවළු වේළිලා, නැත්නම් බණ්ඩක්කා වගේ නම් මෝරලා යන එක. මෙනු එකක් තියෙනවා නම් එහෙම වෙන්නේ නැහැ. මෙයින් කාලය ඉතිරි වෙනවා, බඩු නාස්ති වෙන්නේ නෑ. ඒ වගේම සල්ලිත් ඉතිරි වෙනවා. සමහර විට ඔෆිස් ගිහින් ඔයා එන්න පරක්කු වුණා කියලා හිතමු. ඒත් ඔයා දන්නවා රෑට මොනවාද හදන්නෙ කියලා. අන්න ඒ නිසා මෙනු ප්ලෑනින් හරිම වැදගත් වගේම කාලෙ ඉතිරි කර ගන්න දෙයක්.
අද හැමදෙනාම කාර්යබහුලයි. මේ හේතුව නිසාම උදේට නිවසක මුළුතැන්ගෙය හරියට යුද්ධයක් වගේ. අපි කොහමද එයින් මිදී කාලය කළමනාකරණය කර ගන්නේ?
මෙනු ප්ලෑනින් තමා හොඳම ක්‍රමය. ඒ වගේම පලා සුද්ද කිරීම ගොඩක් වෙලා යන වැඩක්. ඒ නිසා සතියට පලා ගෙනල්ලා හොඳට සෝදලා ටවල් එකක දාලා වතුර ගතිය හොඳට නැති වුණාට පස්සෙ හීනියට කපලා පෙට්ටියක දාලා ශීතකරණයට දාන්න පුළුවන්. මොනවත් වෙන්නෙ නැහැ. දවස් හතරක් විතර තියා ගන්න පුළුවන්.
කරවල ගෙනවාම, හාල් මැස්සො ගෙනාවම හොඳට සෝදලා, මද පවනේ ටිකක් වේලලා, කපලා ශීතකරණයට දාන්න පුළුවන් එයින් ඒවා නරක් වෙන්නේ නැහැ. සෝදලා එළියෙ තිබුණොත් පුස් අල්ලනවා. ඇත්තටම එහෙම කරලා තිබුණම අපිට උයන එක හරිම ලේසියි. ඒ වගේම පොල් අපිට ගාලා ශීතකරණයට දාන්න පුළුවන්.
අනිත් දේ තමයි All in one boll කියන එක. අපිට ඒක හදා ගත්තම හැම වෙලේම ශීතකරණය ඇරලා මිරිස්, තක්කාලි, රම්පෙ, කරපිංචා ගන්න ඕනෙ නැහැ. ඒ භාජනේට හැම දේම දාලා තියෙන්නේ. එතකොට මම ශීතකරණය අරින්නෙ එක සැරයයි. තක්කාලි, දෙහි, අමු මිරිස් හොඳට ස්පොන්ච් කෑල්ලකින් මම සෝදනවා. ඒ බොහෙත් ගහන නිසා. ඉන් පස්සෙ මම ඒවා මේ බෝල් එකට දානවා. එතකොට වැඩ කරන්න හරිම ලේසියි. එතකොට මට කිසි දෙයක් එකින් එකට සෝදන්න අවශ්‍ය නැහැ. ඉන් පස්සෙ තුනපහ දාලා, කිරි මිරිකලා දාලා උයන්නයි තියෙන්නේ. එවිට හරිම ඉක්මනට උයලා ඉවර කරලා පිරිසුදු කරන්න පුළුවන්. වැඩට යනව නම් රෑට ඒ දේවල් ලෑස්ති කරන්න පුළුවන්.
අද ගෘහණියන් නගන මැසිවිල්ලක් තමයි ගෙදර ඔක්කොම වැඩ තනියම කරන්න ඕනෙ කියන එක. කොහොමද අපි මේ වැඩවලට සැමියාව සහභාගි කරව ගන්නේ?
ලංකාවේ ගොඩක් සැමියෝ බිරිඳට උදවු කරන්නේ නැහැ. හිතන්න දෙන්නම වැඩට යනවා. දෙන්නම මහන්සි වෙලා ගෙදර එන්නෙ කියලා. ගෘහණිය කෑම උයන්න ඕන. ළමයින්ගේ පාසල් වැඩවලට උදව් කරන්න ඕන. ඇත්තටම අපි ඒ ක්‍රමේ වෙනස් කරන්න ඕනෙ.
හිතන්න දුවෙකුයි පුතෙකුයි විවාහ වෙනවා කියලා. ඒ දෙන්නම අම්මලාගේ රත්තරන් දුවයි පුතයි. ඒ නිසාම සමහර පුතාලට කිසිම දෙයක් කරන්න දන්නෙ නැහැ. මම ඒ නිසා මගේ පුතාට කියන්නෙත් පුතා ඔයා වගේම කාර්යබහුල කෙනෙක් සමග තමා ඔයාට විවාහ වෙන්න සිදු වෙන්නේ. ඒ නිසා මම කැමති නැහැ මගේ පුතා තවත් ගැහැනු කෙනෙක්ට වදයක් වෙනවට කියලා. ඒ නිසා මම පුතාට කියන්නේ උයන්න ඉගෙන ගන්න කියලා. ඉතින් අම්මලට මම කියන්නෙ පුතාලට උයන්න පුරුදු කරන්න කියලා. මොකද පුතාට හම්බෙන දුවත් ඒ වගේම ආදරෙන් බලා ගත්ත දුවක් තමයි. ඒ නිසා ඒ දුවටත් හැමදේම බැරි වෙන්න පුළුවන්.
අනිත් දේ තමයි පුතා දුවට උදවු කරනවා කියලා හිතමු. එතකොට අම්මලා කියන්නෙ පුතාගෙන් වැඩ ගන්නවා කියලා. ඒ වගේම යාළුවො කියනවා බිරිඳට බයයි කියලා. ඇත්තටම පිටරට එහෙම නැහැ. ඒ අය හැමදේම බෙදාගෙන වැඩ කරන්නේ. අපි කරන දේ ඇත්තටම වැරදියි. අපි ඒ දේ ඇත්තටම නතර කරන්න ඕන. ඒ නිසා අපි පොඩි කාලේ ඉඳන් දරුවන්ට වැඩ කරන්න උගන්වන්න ඕන. පොතපතම නෙවේ ජීවිතය කියන්නේ. මේ දේවල් ඉගැන්නුවේ නැත්නම් සමහර විට ඒ අයට අනාගතේදී පවුල් ජීවිතයෙහි ගැටලු ඇතිවෙන්න පුළුවන්.
අද ගොඩ දෙනෙක් පෝෂණය ගැන හිතනවා අඩුයි. කෑම වේල පෝෂණය කර ගන්න විදිය කතා කළොත්?
අපි බත් ගොඩක් කන්න පුරුදු වෙලා ඉන්නවා මිසක් එළවළු ගොඩක් කන පුරුද්දක් නැහැ. ඇත්තටම අපේ තියන ආර්ථික රටාවත් එක්ක මිනිස්සුන්ට එළවළු කන්න කිව්වට එළවළු කන්න බැහැ. ආදායම් මට්ටම අඩු පවුලකට මේ එළවළු මිල දරා ගන්න බැහැ. ඉතින් අපිට තියන විදියට බත් ටිකක් අඩු කරලා එළවළු ටිකක් වැඩියෙන් කනව නම් හොඳයි.
අනිත් දේ තමයි පැණි රස කෑම. මම ඇත්තටම ගෙදර කන්න කෑම හදද්දී හරිම පොඩියට හදන්නේ. අපි හිතමු පොල් ටොෆි කියලා. පොඩි කෑලි කපන්නේ. ලොකු කෑලි කැපුවොත් අපි පැණි රස කන ප්‍රමාණය වැඩි නිසා.
අනිත් දේ තමයි තේ එකට සීනි දාන්න එපා. අපි ලෝකෙටම රස තේ යවන රටේ තේ බොන්නෙ සීනි දාලා. කවදාවත් අපි ඒ තේ කොළ එකේ රස විඳින්නෙ නැහැ. අපි බොන්නෙ සීනි.
ඔබ මේ ඉදිරිපත් කරන වීඩියෝපට සංස්කරණය කරන්නේ ඔබමයි කියන කතාව ඇත්තක්ද?
මගේ නංගිලා පිටරට ඉන්න නිසා මගේ මහත්තයා මට ලැප්ටොප් එකක් ගෙනත් දුන්නා. මගේ දුව තමයි ඉස්සෙල්ලාම වීඩියෝ කළේ. මගේ පුතා මෘදුකාංග ඉංජිනේරුවෙක්. නමුත් එයාගෙන් අපිට මේ දේට සහයක් ලැබුණේ නැහැ ඔහු කාර්යබහුල නිසා. ඉතින් මගේ දුව කිව්වා අම්මා ගැහැනු අපිට බැරි දෙයක් නැහැ. අපි උත්සහ කරලා බලමු කියලා. ඇපල් කම්පියුටර් එකේ අයි මූවි කියන මෘදුකාංගයෙන් හරි ලේසියි වීඩියෝ එකක් එඩිට් කරන්න. එයා යූ ටියුබ් එකෙන් බලාගෙන ඉගෙන ගත්තා. ඊට පස්සෙ දුව මට ඉගැන්වූවා. මම ඒකට හරිම ලේසියෙන් හුරු වුණා. දැන් මේ සියලු වීඩියෝස් එඩිට් කරන්නෙ මම.
ඇත්තටම කාන්තාවක් වුණාම තාක්ෂණය ඉගෙන ගත යුතුමයි. ඒ සම්බන්ධව තිබෙන ඔබේ අදහස මොන වගේද?
ඇත්තටම අපි අම්මලාට පරිගණකය පාවිච්චි කරන්න උගන්වන්න ඕන. මොකද අපිට බිල් ගෙවන්න ලේසියි. රස්තියාදු වෙන්න ඕන නැහැ. අනිත් දේ තමයි වයසට ගියාම මොනා හරි බලලා ලෝකෙ ගැන දැනුමක් ලබා ගන්න පුළුවන්. තමන්ගෙ නෑදෑයො, යාළුවො එක්කත් එකතු වෙන්න පුළුවන්. ගොඩක් අය හිතන දෙයක් තමා කාන්තාවන්ට ඒ දේවල් බැහැ කියලා හිතන එක.
විවාහ වෙන්න සිටින දූවරුන්ට අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන්නෙ මොන වගේ දේවල්ද?
උයන්න ඉගෙන ගන්නම ඕන. සැමියත් එක්ක තියෙන බැඳීම වැඩි කර ගන්න තියෙන එක විදිහක් තමයි කෑම රසට උයන එක. මම හිතනවා ඒ තුළින් අපිට ගොඩක් හදවතට ඇතුළු වෙන්න පුළුවන් කියා. හොඳ රසට කාලා හැදුණ ගෙදරක දරුවෙක් නම් හොඳට උයන්න බැරි වුණොත් සම්පූර්ණයෙන්ම විවාහය කඩා වැටෙනවා.
අනිත් දේ තමයි අපි එකිනෙකාට ගරු කරන්න ඉගෙන ගන්න ඕන. විශ්වාසය තියා ගන්නෙ නැහැ. අපේ හොඳම යාළුවා කර ගන්න ඕන. හැම වෙලේම ගෙදර වැඩ කරද්දී එකතු වෙලා වැඩ කරන්න ඕන. උයද්දි වුණත්. අපි ගෙදර හැමදේම එකට කරනවා නම් අපේ ජීවිත සතුටෙන් ගෙවන්න ඕන. අපි ආදරේ දැනෙන්න හැම වෙලේම ජීවත් වෙන්න ඕන. ඒ දේවල් ක්‍රියාවෙන් පෙන්වන්න ඕන. දරුවන්ට වුණත් එහමයි. අපි ඔයාලාට මේ දේවල් කරනවා කිව්වට වැඩක් නැහැ. දරුවන්ට අවශ්‍ය ඒ දේවල් නෙවේ. ඒ අය ළඟට අරන් හුරතල් කරන්න. කතා කරන්න වගේ දේවල්. නැතිව අපිට සමීප වෙන්නෙ නැහැ.
මගේ දුව කියන කතාවක් තමයි අම්මා මට මගේ දරුවන්ටත් අම්මා වගේ රසට කෑම හදලා දෙන්න ඕන. මට මතකයි අම්මා අපිට රසට කෑම හදලා දුන්න විදිහ. අපි ඉස්කෝලෙ ගියාම අම්මා කන්න මොනවද එවලා තියෙන්නෙ කියලා බලනකම් ඉවසිල්ලක් නැහැ. ඉතින් ඒ වගේ මතකයක් අපිට දරුවන්ට, සැමියට දෙන්න පුළුවන් නම් අපි ගෘහණියක්, මවක්, බිරිඳක් විදියට අපි ගොඩක් සාර්ථකයි.