රටේ ආර්ථිකයට කාන්තාව දක්වනුයේ අපරිමිත දායකත්වයකි. කුටුම්භයේ ඇති වගකීම් නිසි ලෙස ඉටු කරන ඇය දැන් ව්‍යවසායිකාවකි. නමුත් ව්‍යවසායිකාවක් වූ පමණින් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉදිරියට යා නොහැකිය. ඒ සඳහා විධිමත් දැනුමක් මෙන්ම කළමනාකරණය පිළිබඳ විශේෂඥ හැකියාවක් අනිවාර්යයෙන් තිබිය යුතුය. එවැනි කාන්තා ව්‍යවසායකයන්ගේ වෘත්තීය දැනුම හා න්‍යායික දැනුම පෝෂණය කරන්නා වූ ස්ථානයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායික අධ්‍යයන අංශය හැඳින්විය හැකිය. ඒ තුළින් ලැබූ දැනුම ඔස්සේ අද වනවිට කාන්තා ව්‍යවසායිකාවන් ලංකාව පමණක් නොව ජාත්‍යන්තරයද ජයගෙන අවසානය. ඒ පිළිබඳ අප හා සාකච්ඡා කිරීම සඳහා ආචාර්ය රුක්මල් වීරසිංහ මහතාව 'අද' අප සම්බන්ධ කර ගත්තෙමු. මේ එහිදී ඒ මහතා අප සමග දැක් වූ අදහස්ය.
ආචාර්ය රුක්මල් වීරසිංහ අංශාධිපති ව්‍යවසායකත්ව අධ්‍යයන අංශය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
'ව්‍යවසායක අධ්‍යයන අංශය කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තිබෙන නවතම අධ්‍යයන අංශය. මේ අධ්‍යයන අංශයේ ආරම්භය පිළිබඳ කතා කළොත්, මෙය මුලින්ම පිහිටුවන්නේ 2010 වර්ෂයේදී. රටේ ව්‍යවසායකත්වය නගා සිටුවීම, ව්‍යවසායකයන්ට අවශ්‍ය දැනුම ලබාදීම සහ අවශ්‍ය සේවාවන් ලබාදීමට තමයි මෙය පිහිටවූයේ. නමුත් ඊට කලිනුත් වාණිජ හා කළමනාකරණ අධ්‍යයන අංශය යටතේ ව්‍යවසායකයන් සඳහා නොයෙක් වැඩසටහන්, වැඩමුළු සංවිධානය කළා. අපි තමයි මෙවැනි දෙයක් පිළිබඳ මූලාරම්භය ගත්ත පළමු අධ්‍යයන අංශය වෙන්නේ. දැන් අපේ විශ්වවිද්‍යාලයේ පමණක් නොවෙයි වෙනත් විශ්වවිද්‍යාලවලත් මෙවැනි පාඨමාලා පවත්වාගෙන යනවා.
අපේ මුල් කාලයේ අරමුණ වූයේ ව්‍යවසායකයන් සඳහා සහතික පත්‍ර පාඨමාලාවක් හඳුන්වාදීම. ඒ යටතේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියැළී සිටන අයට විශ්වවිද්‍යාලය හරහා මේ පිළිබඳ විධිමත් දැනුමක් ලබාදීමට අපට හැකිවුණා. ඔවුන් ඇවිත් මේ පිළිබඳ හදාරනකොට අපට අවබෝධ වුණු දෙයක් තමයි ඔවුන්ට අවුරුද්දක් පමණ දෙන මෙම පාඨමාලාව ප්‍රමාණවත් නොවන බව. එනිසා ක්‍රමක්‍රමයෙන් ඔවුන්ගේ ඉල්ලීම් පරිදි සහතික පත්‍ර පාඨමාලාව, ඩිප්ලෝමා පාඨමාලාව යනාදී වශයෙන් පාඨමාලා අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරලා හඳුන්වා දුන්නා. ඒ හඳුන්වාදීමත් සමගම අද වනවිට ඔවුන්ට පශ්චාත් උපාධියක් දක්වා ඉහළට ව්‍යවසායක අධ්‍යයනය හදාරන්න පුළුවන්. අද වනවිට අපි අවුරුද්දකට 200ක් පමණ පිරිසකට ව්‍යවසායකත්වය විධිමත්ව හදාරන්න ඉඩකඩ විවර කරදී තිබෙනවා. තමන්ගේ ව්‍යාපාර කරන ගමන් සති අන්තයේ විශ්වවිද්‍යාලවලට ඇවිත් අධ්‍යයන කටයුතු කරන අය රැසක් මේ අතර සිටිනවා.
අපි 2010 වර්ෂයේ මේ සම්බන්ධව අභ්‍යන්තර උපාධි පාඨමාලාවක්ද ආරම්භ කළා. කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම මේ පාඨමාලාව හදාරන්න පුළුවන්. ඔවුන්ගේ විශේෂත්වය වෙන්නේ ඔවුන්ට අවසන් වසර වනවිට තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. ඒක මෙම පාඨමාලාවේ අනිවාර්යය දෙයක්. ඇතැම් අයට මේ සම්බන්ධව අධ්‍යාපනයෙන් වුණත් ඉදිරියට යන්න පුළුවන්. අද වනවිට නොයෙක් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදුකරන ආචාර්යවරු පවා අප අධ්‍යයන අංශයෙන් බිහිවෙලා තියෙනවා. ඔවුන් අද බොහෝ ශිෂ්‍යන්ට මේ පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලබාදෙනවා. ව්‍යවසායකයෙක් කියන දෙයින් මිදිලා මේවැනි අධ්‍යාපනික දේවල වුණත් නිරත වීමේ හැකියාව මේ යටතේ උදාවෙලා තිබෙනවා. ඒ නිසා අපි දැන් හරි දියුණු වෙලා තිබෙන්නේ.
එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමි නොවුණු කෙනෙකුට වුවත් මේ පාඨමාලා මගින් විධිමත් අධ්‍යාපනයක් හදාරන්න හැකි අතර, විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූවෙකුට වුවත් තමන්ගේ ව්‍යාපාරයක් කිරීමට අවශ්‍ය වෘත්තීය මාර්ගෝපදේශනය මේ යටතේ ලබාගැනීමට හැකි වෙනවා.
අධ්‍යාපන දේවලදී පමණක් නොවෙයි අපි ව්‍යාපාරික දේවල්වලදී වුවත් ඔවුන්ට හැකි සෑම උපකාරයක්ම කරනවා. කාන්තාවක් හෝ පිරිමි ඕනෑම ව්‍යවසායකයෙක්ට යම් ගැටලුවක් ඇති වු විට අපේ අධ්‍යයන අංශය මගින් අවශ්‍ය මාර්ගෝපදේශනය ලබාදෙනවා. ඒ සඳහා අපි මෑත කාලයේ කළ වැඩසටහන ලෙස %සෞභාග්‍යා^ නමැති වැඩසටහන හඳුනාගන්න පුළුවන්. මෙම වැඩසටහන කිරීමේ ප්‍රමුඛ අරමුණ වන්නේ ව්‍යවසායකයන් දියුණු කිරීම සහ ඒ සඳහා පුහුණු කිරීමයි.
මෙම පාඨමාලාව සඳහා සහාභාගි වු ව්‍යවසායකයන්ගෙන් බහුතරයක් මේ වනවිට අපේ අධ්‍යයන අංශයත් සමග එකතු වෙලා සිටිනවා.
අපි කාන්තා ව්‍යවසායක සංගම් සමග එකතුවෙලා ඔවුන්ගේ ව්‍යවසායකත්වය නංවන්න යම් යම් දේවල් කරනවා. මොනරාගල වැනි දුෂ්කර පැතිවල සිටින ඒ කාන්තා ව්‍යවසායිකාවන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලායට ගෙනවිත් ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබාදී තිබෙනවා. ඒ අනුව කුමන හෝ ආයතනයක් ඔවුන් යටතේ සිටින ව්‍යවසායකයන්ට ව්‍යාපාර කිරීම සඳහා විධිමත් දැනුමක් ලබාදෙන මෙන් ඉල්ලීමක් කළොත් අපි ඒ පහසුකම් ලබාදෙනවා. ඇතැම් සමාගම් විශාල ලෙස ජාලගතව ක්‍රියාත්මක වෙනවා. ඒවායේ බොහෝමයක් වැඩ කරන්නේ කාන්තාවන්. ඔවුන්ගේ ව්‍යවසායක හැකියාව වර්ධනය කිරීම සඳහා අපෙන් ඉල්ලීමක් කළොත් අපි අනිවාර්යයෙන්ම ඔවුන්ට අවශ්‍ය දැනුම ලබාදෙනවා.
ව්‍යවසායකත්වය තුළ කාන්තාවට ගොඩාක් ලොකු කාර්යභාරයක් තිබෙනවා. කාන්තාවන් දරුවන් සමග හෝ නිවසේ වැඩකටයුතු සඳහා යොදවන කාලයෙන් වැඩි කොටසක් තිබෙනවා නම් එය ව්‍යවසායකත්වය සඳහා යොදාගන්න පුළුවන්. අනෙක් කාරණය තමයි කාන්තාවන් ස්වාධීන විය යුතුයි. කාන්තාවටත් යම්කිසි අයුරින් ඉපයීමේ හැකියාවක් දක්ෂතාවක් තිබෙනවා. ඒ නිසා ඔවුන්ද පවුලේ ආර්ථිකයට යම් දායකත්වයක් දක්වන්න ඕන. එවැනි කාරණාවලදී කාන්තාව ආර්ථික කටයුතුවල නියුතු වීම ඉතා හොඳ දෙයක්.
ඒවගේම කාන්තාවක් වීම තුළම ඔවුන්ටම සුවිශේෂී ලෙස කරන්න පුළුවන් හැකියාවන් රැසක් තිබෙනවා. ඔවුන්ට කරන්න පුළුවන් ව්‍යවසායක කාර්යභාරයක් තිබෙනවා. එවැනි දේවල්වලට පිරිමි පාර්ශ්වය කරනවට වඩා කාන්තාවක් කරන එක ඉතා හොඳ දෙයක්. අද ලෝකයේ කාන්තා පිරිමි වශයෙන් ෙභ්දයක් නැහැ. ඒ නිසා ඕනෑම රැකියාවක් මේ දෙපාර්ශ්වයටම කරන්න පුළුවන්. මෙවැනි අයුරින් ව්‍යාපාර කිරීමට ඇල්මක් දක්වන කාන්තාවන් දිරිගන්වන එක රටක ආර්ථිකයට ඉතාම වැදගත් වෙනවා. තායිලන්තය වැනි රටවල සංචාරය කරාම අපට වැටහෙන දෙයක් තමයි සමාජ පන්තියෙන් පහළම සිටින කාන්තාවන් අපතේ යන දේවල් හොඳ වෙළෙඳ නිෂ්පාදන භාණ්ඩයක් බවට පත්කරන එක. ඇත්තෙන්ම ඔවුන් රටේ ආර්ථිකයට ශක්තියක්. ගසකින් වැටෙන වරකා ගෙඩිය අපේ රටේ නම් නිකම්ම අත්හැර දමනවා. නමුත් තායිලන්තයේ කාන්තාව එය නගරයට ගෙනත්, ලස්සනට සකස් කර මිනිස්සුන්ට කෑමට දෙන්න ඇසුරුම් කර තිබෙනවා. අපි සිතන්නෙවත් නැතිව අපතේ හරින බොහෝ දේ ඔවුන් ඉතා අලංකාරව සකස්කරලා වෙළෙඳ පොළට ඉදිරිපත් කරනවා. සියඹලා ටික සුපර් මාර්කට් එකේ තිබෙන්නේ සීනි දාලා හොඳට සකස් කරලා. එවැනි ස්වාභාවික දේ තමයි ඔවුන් පරිභෝජනය කරන්නේ. අපි ටොෆි චොකලට් කනකොට ඒ රටේ මිනිස්සු ස්වාභාවික දේවල් කනවා.
අපි කෘෂිකාර්මික රටක් නිසා කාන්තාවට මේ සම්බන්ධව විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ නිසා කාන්තාවට ගමේ තියෙන ගොරකා, සියඹලා, වැනිලා ටික සකස් කර කාලයක් තබාගත හැකි පරිදි වෙළෙඳ පොළට ගේන්න හැකි නම් ආර්ථිකයට ලොකු දායකත්වයක් ලබාදෙන්න පුළුවන්. කෘෂිකර්මය පමණක් නොව ඉන් එහාට ගොසින් අපි ඒ ගැන සිතිය යුතුයි. වගාකරලා ඒ සඳහා වෙළෙඳ පොළක් නොමැති බව අපේ ගොවියෝ ප්‍රකාශ කරන එක දෙයක්. කෘෂිකර්මයෙන් කරන දේ වෙළෙඳ පොළට ගේන්න හැමෝම උත්සාහ කරන්න අවශ්‍යයි. ඒවගේම එය දියුණු කරන්න ඕන. කල්තියා ගන්න ඕන. සියඹලා ටික ගහෙන් වැටෙනවා කියලා එක අහුලලා පැත්තකින් තියලා හරියන්නේ නැහැ. ඒක විකුණන්න පුළුවන් තැනකට ගේන්න අවශ්‍යයි. ඒකට තමයි අපි ව්‍යවසායකත්වය කියන්නේ. සුපිරි වෙළෙඳ සැල්වලට හැමදේම එනවනම් ඒ කාලේ තිබුණු වෙරළු අච්චාරු ටික, සියඹලා ටික කාන්තාවට සකස් කරලා ගේන්න පුළුවන්. අච්චාරුවලට වුණත් දැන් තියෙන්නේ හරිම ජනප්‍රිය වෙළෙඳ පොළක්. මේ නිසා කාන්තාවට මූලික පියවරේදී ඉතා කුඩා පරිමාණයෙන් ආරම්භ කරන්න හැකියි. ඇතැම් විට කාන්තාවන්ගේ සැඟවී ඇති දක්ෂතා වුවත් මේ තුළින් ප්‍රදර්ශනය කළ හැකියි. කාන්තාවගේ ව්‍යවසායකත්වය කියන්නේ මහා අමුතු දෙයක් නෙමෙයි. කාන්තාව දන්න දේ තමන්ගේ පරිසරයේ තිබෙන දේ තමයි ව්‍යවසායකත්වය ලෙස හරවන්න අවශ්‍ය. ඇතැම් විට පිරිමි කෙනෙක් මේ සඳහා මැළි වෙන්න පුළුවන්. නමුත් කාන්තාවකට ළමයින් බලාගන්නා අතර තුර මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. මෙවැනි දේවල් තවතවත් වර්ධනය වුවහොත් අපේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් කාන්තාවගෙන් ලැබෙන්න ඉඩකඩ තිබෙනවා.
අතීතයේ අපට තිබුණේ රැකියා පිළිබඳ ගැටලුවක්. අපි එකල සීයට පනහ පනහා තමයි රැකියාවට තරග කළේ. මම නම් කියන්නේ රැකියාවට නොවෙයි මෙලෙස තරග කළ යුත්තේ ව්‍යවසායකයෙක් වෙන්නයි. ඒ අනුව 50෴ක ව්‍යාපාරවල හිමිකාරිනියන් කාන්තාවන් වෙන්න ඕන. ඉතින් අපේ රටේ ඇතැම් කාන්තාවන් මෙවැනි දේවල් කළ හැකි බව ඔප්පු කරලා තිබෙනවා. අලුත් අදහස් හා තාක්ෂණයත් එක්ක අලුත් ව්‍යවසායිකාවන් බිහිවෙනවා. විශ්වවිද්‍යාලවල සිටින ගැහැනු ළමුන් පවා සාම්ප්‍රදායිකව හිතන, කාර්යාලයක රස්සාවක් කරන තැන ගැන සිතන්න හොඳ නැහැ. ඒ වගේම ගමේ ඉන්න කාන්තාවන් වුණත් ළමයි බලාගන්න නිසා මට රස්සාවක් කරන්න බැහැ කියලා උකටලී වෙන්න අවශ්‍ය නැහැ. මොනවා හරි තමන්ටත් කරන්නට පුළුවන් දෙයක් තිබෙනවා. ඒ කරන දේ මොනවද කියන එක තමුන් හරියට හොයලා, හොඳ වෙළෙඳ පොළ ඉල්ලුමත් බලලා, මේ දේ වෙළෙඳ පොළේ නැහැ අපි ළඟ තියෙනවා කියාලා හිතලා කරන්න අවශ්‍යයි. අපි කනබොන කෘත්‍රිම දේවල් ගොඩක් අපිට ඉවත් කරන්න පුළුවන් ගමේ තියන දේවල් වෙළෙඳ පොළට ගෙන ආවොත්. ඉන්දුනීසියාව තුළත් කාන්තා ව්‍යවසායිකාවන් ගම්වල පවා එක්රැස් වී කටයුතු කිරීම දැකගන්න පුළුවන්. %ටෝෆු^ නම් ආහාරය ඒ රටේ ඉතා ජනප්‍රියයි. කාන්තා සංගමයක් තමයි මෙය සිදුකරන්නේ. ඒවා හදන මැෂින් එක නිපදවලා තිබෙන්නේත් කාන්තාවක්. ඇය දැන් ඉන්දුනීසියාවේ සෑම ප්‍රදේශයකම සිටින කාන්තාවන්ට අවශ්‍ය ටෝෆු යන්ත්‍ර බෙදාහරින්නියයි. දැන් ඔවුන් මේ සම්බන්ධයෙන් ජාලගත වෙලා සන්ධානයක් සේ කටයුතු කරනවා.
අපිටත් ඕනම වෙළෙඳ පොළක් ඉතා ඉක්මනින් ග්‍රහණය කරගන්න පුළුවන් එවැනි ක්‍රමයක් අනුගමනය කළහොත්. අපේ ව්‍යවසායිකාවන් විධිමත් ලෙස ව්‍යාපාර නොකරන නිසා තමයි අපි මෙවැනි පාඨමාලා පවත්වන්නේ. එයින් විධිමත් ලෙස ව්‍යාපාරයක් කරන්න පිළිගත් ව්‍යවසායකයෙක් වෙන්න කළමනාකරණ දැනුම භාවිත කරන්න හැකියාවක් ලැබෙනවා.
අපේ මෙම පාඨමාලාව හදාරා දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් තමන්ගේ ව්‍යාපාරයෙන් ඉදිරියට ගිය කාන්තාවන් රැසක් ෙම් වනවිට සිටිනවා. ඒ වගේම අලුත් අදහස් තිබෙන තවමත් අධ්‍යයන උපාධිය හදාරන තරුණියන් පිරිසක්ද සිටීම අනාගතේ ලංකාවේ කාන්තා ව්‍යවසායකත්වය දියුණු කරන්න එක හොඳ ප්‍රවේශයක්. නැවත මාර්තු මාසයේ මේ සඳහා අපේක්ෂකයන් බඳවාගන්න කටයුතු කරලා තියෙනවා. මෙවැනි පාඨමාලාවක් හදාරා ඔබගේ ව්‍යවාසායික දැනුම වර්ධනය කරමින් ව්‍යාපාරය දියුණු කිරීමට අවශ්‍යයි නම් අප හා එක්වෙන්න පුළුවන්*.
මේ පිළිබඳව වැඩිවිස්තර ලබාගැනීම සඳහා 011 2758807/ 011 2758823 අමතා හෝ http://mgt.sjp.ac.lk/ent/ වෙබ් අඩවියට පිවිස ලබාගත හැකියි.