ඔ‍ෙ පෝෂ්‍යදායී ආහාර පිසීමට ගන්නා Non-Stick භාජන ඇත්තටම සුරක්ෂිතද


මේ පිළිබඳව කතාබහ කිරීමට අප ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ කථිකාචාර්ය, ප්‍රවේණි වෛද්‍යවේදී වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතා සම්බන්ධ කර ගත්තෙමු.


මොනවද මේ Non-Stick භාජන කියන්නේ ?

Non-Stick භාජන කියල කියන්නේ ඇලුමිනියම් හෝ වෙනත් ලෝහයකින් තැනූ භාජනයක ඇතුළත ආහාර පිසින කොටසේ ආහාර භාජනයේ පෘෂ්ඨය මත නොඇලීමට /එය මත ලිස්ස යෑමට / ඝර්ෂණය අඩු කිරීමට පොලි-ටෙට්රා-ෆ්ලොරො-එථිලින් (polytetrafluoroethylene (PTFE)), එසේත් නැත්නම් අප බොහෝ දෙනාට අසා පුරුදු ටෙෆ්ලෝන් (Teflon) නම් හයිඩ්‍රො කාබන් තට්ටුවක් ආලේපනය කිරීමයි.

මොකක්ද මේ Teflonවල තිබෙන ගැටලුව?

ටෙෆ්ලෝන් කාමර උෂ්ණත්වයේදී බහු අනුවක් ලෙස පවතින අවස්ථාවේදී ඉතා ස්ථායි අනුවක්. උෂ්ණත්වය 2600C දක්වාම මෙය ස්ථායී ආකාරයෙන් පවතිනවා. කිසිම හානියක් නැහැ. නමුත් උෂ්ණත්වය 2600C ට වඩා වැඩි වූ විගස එය විවිධ ප්‍රතික්‍රියා කිරීමට පටන් ගන්නවා. එය සැකවින් සඳහන් කළොත්,
උෂ්ණත්වය 2600C ට වඩා වැඩි වූ විගස - පොලිමර් වායුන් නිදහස් කිරීමට පටන් ගන්නවා
උෂ්ණත්වය 3500C ට වඩා වැඩි වූ විට(ගෘහස්ථ විදුලි පෝරණුවක සාමාන්‍ය උෂ්ණත්වය) -  පිටවන පොලිමර් වායූන් මගින් අවට සිටින පුදගලයන්ට ශ්වසන අපහසුතා, හිසේ කැක්කුම, උණ වැනි රෝගී ලක්ෂණ පෙන්නුම් කරනවා
උෂ්ණත්වය 3990C - සාමාන්‍ය Non-Stick භාජනයක් විනාඩි 08ක් පමණ නිවසේ ගෑස් උදුනක් මගින් රත්කළවිට ලැබෙන උෂ්ණත්වය
උෂ්ණත්වය 3960C දී - මෙතෙක් වාර්තා වී ඇති Teflon බිඳ වැටීමට පටන් ගන්නා අවම උෂ්ණත්වයි. මේ සම්බන්ධයෙන් පක්ෂීන් යොදාගෙන සිදුකළ පරීක්ෂණයකදී පිටවන වායුන් නිසා එම පක්ෂීන් මිය ගොස් තිබේ.

උෂ්ණත්වය 4270C – Electric coil හෝ Range top උදුන් මගින් නිපදවන උෂ්ණත්වය
උෂ්ණත්වය 5540C දී(බොහොමයක් ගෘහස්ථ විදුලි පෝරණුවල උපරිම  උෂ්ණත්වය)- ඔක්සිකරණය වූ Teflon අනු නිදහස් වීමට පටන් ගන්නවා
උෂ්ණත්වය 6800C දී - විෂ වායුන් නිදහස් වීමට පටන් ගන්නවා. එම වායුන් නම්
%Tetrafluoroethylene^ (TFE) - සතුන් හට පිළිකා කාරකයකි
%Hexafluoropropene^ (HFP) - විෂ සහිත වායුවකි
%Trifluoroacetic acid^ (TFA) - ශාකවලට විෂ සහිතය
%Difluoroacetic acid^ (DFA) - සතුන්ගේ වකුගඩුවලට විෂ සහිතය
%Monofluoroacetic acid^ (MFA) - අඩු සාන්ද්‍රණවලදී පවා මිනිසාට විෂ සහිතය
%Perfluorooctanoic acid^ (PFOA) - සතුන් හට පිළිකා කාරකයකි

උෂ්ණත්වය 8870C දී - SiF4(Silica Tetrafluoride) නිදහස් කිරීමට පටන් ගන්නවා. ආග්‍රහණය කිරීම හෝ ආහාර සමග මුසුවී ශරීර ගතවීම ඉතා විෂ සහිතය
උෂ්ණත්වය 9320C දී - COF2 (Carbonyl fluoride) නිදහස් කිරීමට පටන් ගන්නවා- යුදමය තත්ත්වයන්වලදී  භාවිතා කරන රසායනික අවි සඳහා මෙම වායුව අඩංගු රසායනික පවුලේ විෂ වායූන් භාවිතා කරයි .මෙම වායුව ආඝ්‍රහණය කිරීම මගින් ශ්වසන අපහසුතා, හිසේ කැක්කුම, උණ, උගුරේ වේදනාව උගුරේ දැවිල්ල, පපුවේ වේදනාව වැනි රෝගී ලක්ෂණ පෙන්නුම් කරනවා. එමෙන්ම HF (Hydrogen fluoride) මෙය සම මත තැවරුණු විට පටක විනාශ කිරීමේ හැකියාවක් පවතිනවා

උෂ්ණත්වය 11120C සහ ඉහළ දී  -CF3 (trifluoroacetic acid fluoride), CF4(Carbon tetrachloride) සහ PFB (Perfluorobutane) වායූන් නිදහස් කිරීමට පටන් ගන්නවා. ඇතැම් වායූන් ගෝලීය උණුසුම ඉහළ නැංවීමට එකහෙලා දායක වනවා

Teflon/PETFවලට අමතරව මෙලෙස පිටවන වෙනත් රසායනික ද්‍රව්‍ය මොනවාද ?

PTFE නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එක අමුද්‍රව්‍යක් වන %perfluorooctanoic acid^ (PFOA)Non-Stick භාජනය සීරීමකින් හෝ තුවාල වීමකින් හෝ රත්කිරීමකදී පරිසරයට නිකුත් වෙනවා. මෙම PFOA අනු මිනිසාගේ සහ සතුන්ගේ සිරුරේ හෝර්මෝන පාලනය අඩපණ කිරීම සිදුකරයි. එමෙන්ම මෙම PFOA පරිසර හිතකාමී නොවේ. ලෙහෙසියෙන් දිරා පත් වීමක් සිදු නොවේ. ඒවා මිනිසාගේ ශරීරය තුළ බොහෝ කාලයක් තිබිය හැක. මෙම භාජනවලින් පමණක් නොව ඉඩම් ගොඩ කිරීමට ගන්නා කසළවලින්, කර්මාන්ත ශාලාවලින්, අප ජලය පිරිපහදු කරන ස්ථානවලින් පවා මෙම PFOA ස්වභාවික ජල මූලාශ්‍රවලට එකතු වී මිනිසාගේ ශරීරයට එකතු විය හැකිය. 

2011 වසරේදී සිදුකළ රුධිර සාම්පල පරීක්ෂාවකදී සොයාගෙන ඇත්තේ ඇමෙරිකානු පුරවැසියන්ගෙන් 95%ක ගේම රුධිරයේ මෙම සංඝටකය විවිධ ප්‍රමාණවලින් ඇති බවයි. චීනයේ මතුපිට ජල මූලාශ්‍ර ආශ්‍රිතව සිදුකළ පරීක්ෂණ මගින් එහි ඉතා ඉහළ සාන්ද්‍රණවලින් PFOA ඇති බව තහවුරු කරගෙන තිබේ. 

සතුන් යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණවලදී මෙම සංඝටකය මගින් වෘෂණ කෝෂ, අක්මාව, අග්න්‍යාසය සහ පියයුරු ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවදානමක් පෙන්වා දී තිබේ. එමන්ම සත්ත්ව පරීක්ෂණවලදී එම සතුන්ගේ අලුතෙන් ඉපදෙන කුඩා පැටවුන්ගේ උපන් බර අඩුවීමක් සහ ඉපදී කෙටි කාලයක් තුළදී මිය යෑමේ සම්භාවිතාවක් ඇති බව පෙන්වා දී තිබේ. 
ඇමෙරිකාවේ %National institute of Health ආයතනයේ %U.S. National library for Medicine^ වෙබ් පිටුවෙහි පැහැදිලිව පෙන්වා දී ඇති පරිදි මෙම PFOA මගින් 
රුධිරයේ ලිපිඩ මට්ටම ඉහළ නංවන අතර  

වර්දනය වන කලලයට මෙන්ම මවුකිරි බොන කුඩා දරුවන්ටද බලපෑම් ඇති කරන බව සඳහන් කර ඇත.
එමෙන්ම මේ මගින් දරුවන්ගේ උපන් බර අඩු කිරීමටද, 

තයිරොයිඩ් ග්‍රන්ථිය අක්මාව සහ ප්‍රතිශක්ති කරන පද්ධතිය කෙරෙහි බලපෑමක් එල්ල කිරීමටද හැකි බව සඳහන් කර තිබේ.

Non stick භාවිතයේදී ඔබ සිදු නොකළ යුතු දෑ මොනවාද?

1. සීරුණු Non-Stick භාජන භාවිතයෙන් ඉවත් කරන්න

එමෙන්ම කලක් භාවිතා කිරීමේදී මෙම Non-Stick භාජනවල තැනින් තැන Teflon කවරය ගැලවී /සීරී තිබෙනවා ඔබ දැක ඇති. මෙලෙස Teflon කවරයට හානි වූ භාජන හැකිතාක් ඉකමනින් භාවිතයෙන් ඉවත් කරන්න. මන්දයත් ඒ මගින් නැවත වරක් ඔබ ආහාර පිසින විට / අාහාර පිසීමේදී හැඳි ගාන විට මෙම ඇසට නොපෙනෙන Teflon කොටස්  ගැලවී ඔබේ අාහාරත් සමග ශරීරගත වීමට ඉඩ ප්‍රස්ථාවක් තිබේ. මෙහිදී පැන නඟින ගැටලුව නම් අඩු උෂ්ණත්ව තුළදී Teflon ඉතා ස්ථායි අනුවක් ලෙස ප්‍රකාශ කර ඇතත් මින් ඉහතදී විද්‍යාඥයන් විසින් මිනිස් සිරුරට හානියක් විය නොහැකි ලෙස ප්‍රකාශ කර තිබූ බොහොමයක් රසායනික ද්‍රව්‍ය නැවත සිදුකෙරුණු සමීක්ෂණවලදී මිනිස් සිරුරට අහිතකර බව තහවුරු වී තිබීමය. මෙලෙස තහවුරු කර ඇත්තේ, මිනිස් සිරුරට හානියක් නොමැති බව ප්‍රකාශ කර වසර ගණනාවක් ගතවීමෙන් අනතුරුවය.
2000 වසරේදී ඇමෙරිකාවේ රෝචේස්ටේර් විශ්වවිද්‍යාලයේ Teflon ඉතා කුඩා ක්ෂුද්‍ර අනු(නැනෝ මීටර 16) යොදාගෙන කරන ලද පරීක්ෂණයකදී සොයාගෙන ඇත්තේ Teflon /PETF කුඩා ක්ෂුද්‍ර අනු මගින් ඉතා ඉක්මනින් පෙනහලු හානියට පත් කරන බවයි. මෙලෙස නැනෝ මීටර 16 ට අඩු විෂ්කම්භයක් ඇති PTFE අනු 4860C වැනි උෂ්ණත්වයකදී සාමාන්‍ය Non-stick භාජනයක් රත් කිරීමේදී වාෂ්පීකරණයට  ලක්වන බව සොයාගෙන තිබේ.

එමෙන්ම රසායනාගාර මීයන් යොදාගෙන සිදුකළ පරීක්ෂණයකදී සොයාගෙන ඇති තවත් විශේෂ කරුණක් වන්නේ %PTFE^ සාන්ද්‍රණයක් 50µg/m3ක් ව තිබී,  විනාඩි 15ක කාලයක් අාඝ්‍රහණය කිරීමෙන්, එම වායුව විෂ වීමකට ලක් විය හැකි බවයි. තවදුරටත් එම පරීක්ෂණය මගින් සඳහන් කර ඇත්තේ ක්ෂුද්‍ර අනු සහ දුමාරය දෙකම අාඝ්‍රහණය වීම මගින් ඉතා උග්‍ර විෂ වීමකට ලක්විය හැකි බවයි.

2. භාවිත කිරීමේදී සෑම විටම 2000C ට වැඩ අඩු උෂ්ණත්වයකදී අාහාර පිසීම සිදු කරගන්න. 

මෙය ප්‍රයෝගිකව සිදුකිරීම අපහසු කාර්යක් වන අතර, උදුනේ උෂ්ණත්වය නිවැරදිව පෙන්වන උදුන් භාවිතය මෙයට ඇති එක් විසඳුමකි. 
ඉහත සඳහන් කළ රසායනික වාෂ්ප /වායුන් අප %Non-Stick^ භාජනය රත්කරන උෂ්ණත්වය මත රඳවා පවතී. නිවසේ භාවිත වන විවිධ ගෑස් හෝ විදුලි උදුන් මගින් 1620C -8000Cක උෂ්ණත්වයක් ඉතා පහසුවෙන් උදා කරගත හැකිය. මෙලෙස භාවිත කිරීමේදී පාලනයකින් යුතුව උෂ්ණත්වය ඉහළ දැමීම සිදුකළ යුතු වුවද එය ප්‍රයෝගිකව සිදුකළ නොහැක. මන්දයත් දැනට ලංකාවේ නිවෙස්වල භාවිතා වන බොහොමයක් උදුන්වල උදුනේ ඇති උෂ්ණත්වය ඉලක්කමින් ප්‍රදර්ශනය කළ නොහැකි බැවිණි. 
නමුත් දැනට වෙළෙඳ පොළේ ලිපෙහි උෂ්ණත්වය පාලනය කළ හැකි උදුන්ද මිලදී ගැනීමට ඇති අතර, සාමාන්‍ය උදුනකට වඩා එය මිලෙන් වැඩිය.

3. ආහාර පිසීමේදී කලවම් කිරීම සඳහා යකඩ / ලෝහ හැඳි භාවිතා නොකරන්න

මෙලෙස ලෝහ හැඳි භාවිතා කිරීමෙන් Teflon කවරය ඔබටත් හොරෙන් තුවාල වී විෂ ද්‍රව්‍ය පිටවීම වේගවත් කෙරේ. මේ සඳහා non-stick භාජන සඳහාම නිපද වූ හැඳි වර්ග භාවිතා කරන්න.

4. ගබඩා කිරීමේදී එකිනෙක වැදීම වළක්වන්න

මේ සඳහා භාජන දෙකක් අතරට කඩදාසියක් / කඩදාසි සර්වියට් (Paper serviette ) එකක් දමන්න.

5. පිරිසුදු කිරීම සඳහා කිසිදු රළු ද්‍රව්‍යක් භාවිත නොකරන්න

මෙලෙස රළු ද්‍රව්‍ය(Steel wool) භාවිතා කිරීමෙන් Teflon කවරය සීරි යා හැකිය.  එමෙන්ම මෙම භාජන පිඟන් සෝදන යන්ත්‍ර මගින් පිරිසුදු කරගැනීමෙන් වැළකිය යුතුය. පිරිසුදු කිරීම සඳහා රෙදි කැබැල්ලක් හෝ ස්පොන්ජයක් භාවිත කිරීම වඩා සුදුසුය. 
Steel wool/පොල් කොහු බුරුසු භාවිතා නොකරන්න

6. පහසුව උදෙසා පිස ඉතිරි ආහාර Non-stick භාජනවලම තබා පසුවට ගැනීම සඳහා ශීතකරණයේ තැබීමෙන් වළකින්න

මෙහිදී ආහාරවල ඇති ආම්ලික ද්‍රව්‍ය භාජනය පලුදු වී ඇති තැන්වලින් කාන්දු වී ලෝහය සමග ප්‍රතික්‍රියා කර විෂ රසායනික නිපදවිය හැකිය. එමන්ම මෙලෙස ගබඩා කිරීමේදී සිදුවිය හැකි හානියද වැඩිය.

7. දේශීයව නිපද වූ මැටි භාජන සහ පොල්කටු හැඳිවලට මාරු වන්න

ලිපේ තියා රත්කිරීමෙන් Non stick  භාජන වලට වඩා වැඩි කාලයක් ගතවන බව සැබෑය. ඔබ ගෑස් උදුනක් භාවිතා කරන්නේ නම් වෙනදට වඩා ගෑස් භාවිතය මදකින් ඉහළ යනු ඇත. නමුත් මෙම දේශීයව නිපදවූ මැටි භාජන සහ පොල්කටු හැඳි මගින් ඔබ මහන්සි වී උපයාගත් මුදලින්ම,  ඔබම මුදල්දී පිළිකා කාරක සංඝටක නිකුත් කළ හැකි භාජන මිලදී ගෙන නිස්කාරණයේ රෝගියෙකු වීම වළක්වයි.  

නඳුන් ශ්‍යාමාල්



Recommended Articles