ටින්, බෝතල් ආදිය උපයෝගී කරගනිමින් වෙනස්ම නිෂ්පාදනයන් කරන්නට සමත් වූ කාන්තාවක් පිළිබඳව දකුණු අප්‍රිකාවෙන් අපට වාර්තා වේ. ඇය පිළිබඳ මෙලෙස සටහනක් තබන්නට අප අදහස් කළේ ඇයගේ අමුතු නිර්මාණාත්මක සිතුවිල්ල ඔබටත් ව්‍යවසායිකාවක ලෙස නැගී සිටීමට අදහසක් එක්කරන්නට සමත්වන නිසාවෙනි.
කසළවලට අමුතුම වටිනාකමක් එක් කළ ඇය ලිස්ල් නෟඩේ නමැති සොඳුරු තරුණියකි. දකුණු අප්‍රිකාවේ සුප්‍රසිද්ධ ගෘහ අලංකරණ උපාංග අලෙවි කරන වෙළෙඳ නාමයක් වන %Lilly Loompa^ ඇයගේ ව්‍යාපාරික ස්ථානය වේ.
මීට වසර 15කට පමණ පෙර ඇය විසින් මෙම ආයතනය ආරම්භ කරන්නේ කසළවලට අමුතු වටිනාකමක් එක් කරමිනි. ඇය විසින් නිෂ්පාදනය කරන සියලුම ගෘහ අලංකරණ උපාංග නිෂ්පාදනය වන්නේ ඉවතලන දෑ වලිනි. කසළ ලෙස ඉවතලන දෑවලින් ආභරණ නිෂ්පාදනය කිරීම පළමුව නෟඩේ විසින් සිදුකරනු ලැබූ අතර, පසුව ඇය ගෘහ උපකරණ නිෂ්පාදනය සඳහා යොමුව තිබේ.
මම මටම කියලා ගෙයක් හදලා ඒ ගෙදරට ගෘහ භාණ්ඩ මිලදී ගන්න ගියාමයි මට මේ අලුත් අදහස ආවේ. වෙළෙඳ පොළේ අලෙවි වන සියලුම ගෘහ උපකරණ එකම හැඩයේ ඒවා විදිහටයි මම දැක්කේ. මට ඕන වුණා මගේ ගෙදරට අලුත් දෙයක් කරන්න. ඒ අනුව මම ගෙදරට අවශ්‍ය විදුලි බල්බ ආවරණ, මේස ආදිය නිෂ්පාදනය කරන්න මූලික කටු සටහන් ඇන්දා. මේ වෙලාවේ මගේ හිතට ආවා මේ නිෂ්පාදනයන් ඉවතලන දේවල් භාවිතයට ගෙන සිදුකරන්න තියෙනවා නම් හොඳයි කියලා. ඒ අනුව තමයි මම ගෘහ අලංකරණ උපාංග නිපදවීම ආරම්භ කළේ. මගේ ගෙදරට වගේම මම වගේ තවත් අය ඇති වෙනස් දේවල් හොයන. ඒ නිසා මම නිෂ්පාදනයක් ලෙස වෙළෙඳ පොළට මගේ නිර්මාණ හඳුන්වා දෙන්නට අදහස් කළා.
මගේ නිෂ්පාදන එකෙන් එකට වෙනස් වීම මත වෙළෙඳ පොෙළ් අද හොඳ ඉල්ලුමක් ලැබී තිබෙනවා” යැයි නෟඩේ මාධ්‍ය හමුවේ තමා ගෘහ උපකරණ නිර්මාණ සඳහා ප්‍රවිෂ්ට වූ ආකාරය පිළිබඳව සඳහන් කරමින් පවසා තිබේ .
උත්සව අවස්ථා කළමණාකරණ ආයතනයක මහජන සම්බන්ධීකරන නිලධාරිනියක ලෙස සේවය කර ඇති නෟඩේ 2004 වර්ෂයේ දරුණු රිය අනතුරකට මුහුණදී තිබේ. ඉන්පසු ඇඳකට සීමා වී සිටින කාලය තුළ ඇය ඉවතලන ප්ලාස්ටික් වැනි දෑ භාවිත කරමින් ආභරණ නිෂ්පාදනය කළ බවත්, එය හරහා Lilly Loompa ආරම්භයට අඩිතාලම සැකසුණු බවත් ඇය සඳහන් කරයි.
ව්‍යවසායිකාවක ලෙස ඇය මේ වනවිට දකුණු අප්‍රිකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම ප්‍රසිද්ධියට පත්වී ඇති අතර, විශේෂයෙන් ඉවත ලන සැමන් ටින් උපයෝගී කරගනිමින් ඇය විසින් නිර්මාණය කර ඇති කාර්යාල මේස මත ක්ලිප් රඳවන උපාංගය ආදී නිෂ්පාදනයන් එරට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයන් සිහිවටන ලෙස මිලදී ගැනීමට යොමුව තිබේ.
ඒ හරහා ඇය ලෝකයටම පරිසර හිතකාමී සංකල්පයන් පිළිබඳ අපූරු අදහසක් ලබාදී ඇත. ලොව ජය ගන්නට අදහස් කරන කාන්තාවන්ට සාම්ප්‍රදායික රාමුවෙන් මිදී අලුතින් වෙනස්ම ආරෙකට සිතන්නට ඇය ආරාධනා කරයි.