ඉතිහාසයේ පළමු වරට දුම්බර සංචාර කර්මාන්තයට කතුන් එක්වෙති


ලෝක උරුම දුම්බර වනපෙතේ සංචාර කටයුතු සදහා පැමිණෙන්නන් හට මාර්ගෝපදේශන සැපයීම සදහා කාන්තාවන් පිරිසක් පුහුණුව ලබා ඇත.

දිනපතා දුම්බර වනපෙත නැරඹිමට පැමිණෙන දෙස්විදෙස් සංචාරකයින් වෙනුවෙන් උපදේශන සේවා පසුගියදා (11,12,13) දින වලදි වනසංරක්ෂණ දෙපාර්තමේන්තු දුම්බර වන නිවහනේ දි පැවැත්විණි.

සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් මධ්‍යම පළාත් සංචාරක අමාත්‍යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත‍්‍රික් කාර්යාලය හා දුම්බර මිතුරෝ පරිසර සංවිධානය එක්ව වැඩසටහන සංවිධාන කර තිබිණි.

දුම්බර වනපෙත ආශ‍්‍රිත ගම්මාන වන ඇටැන්වල,ඉළුක්කුඹුර ආදී ප‍්‍රදේශ වල ජීවත්වන සංචාරක කර්මාන්තය වෙනුවෙන් උනන්දුවක් දක්වන පිරිස් අතරින් 45කට ආසන්න පිරිසක් සංචාරක මාර්ගෝපදේශකයින් ලෙස පුහුණුවීම ලැබු බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානය කියා සිටියේය.

ලංකාවේ අතළොස්සක් අතරින් කාන්තාවන් කදු තරණය සම්බන්ධයෙන් උපදේශන සැපයීම සදහා ශ‍්‍රී ලංකාවේ කටයුතු කරන බවත් දුම්බර ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවන් සිවුදෙනෙකු දුම්බර වන පෙතේ සංචාර මග පෙන්වන්නන් ලෙස එක්වීම සුවිශේෂි අවස්ථාවක් බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති ආනන්ද කනහැර ආරච්චි මහතා කියා සිටියේය.

කාන්තා පුහුණුකාරිණියන් අතරින් අදහස් දැක්වු ඉළුක්කුඹුර මාතලේ ලිපිනයේ පදිංචි ශාලිකා කුමාරි මෙනවිය කියා සිටියේ මෙරට කාන්තාවන්ට බියකින් තොරව දුම්බර සංචාරය සදහා පැමිණෙන ලෙසත් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට සිය කණ්ඩායම යුහුසුළුව කටයුතු කරන බවත්ය.

නාඋල - ඉන්දික අරුණ



Recommended Articles