අලංකාර සාරි නිර්මාණය කරන නදීකා


බලන්ගොඩ පින්නවල උඩගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන නදීකා දිල්රුක්ෂි සිය ජීවන වෘත්තිය ලෙස තෝරා ගන්නේ සාරි වැඩ දැමීමය. තමන්ගේම නිර්මාණශීලීත්වයෙන් %Nd designs^ නමින් ස්වයං ව්‍යාපාරයක් ලෙස මෙය සිදුකරන මෙම දිරිය තරුණිය අප සමග මෙලෙසින් කතාබහකට එක්වූවාය.


සාරි නිර්මාණකරණයට යොමුවීම පිළිබඳ මුලින්ම කතා කළොත්?

මට හිතුණේ මගේම දෙයක් රැකියාවක් විදිහට කරන්න තියනවා නම් ගොඩක් හොඳයි කියලා. එහෙත් මොකක්ද කරන්නේ කියලා අදහසක් තිබුණේ නැහැ. පසුව මම සිසිර අමරබන්දු මහතාගේ ආයතනයක සේවය කරන්න ගියා. එහිදී සාරි නිර්මාණකරණය තමයි කරන්න තිබුණේ. ඒ වැඩ කරන ගමන් ඒ ගැන ඉගෙන ගත්තා වගේම සිසිර අමරබන්දු මහත්තයත් මට මේ ගැන බොහෝ ගුරුහරුකම් දුන්නා. 
ඒ අත්දැකීම් දැනුම උපයෝගී කරගෙන මගේම ව්‍යාපාරයක් කරන බලාපොරොත්තුව ඇති වුණා. ඒ බලාපොරොත්තුවත් එක්ක පොඩි ප්‍රාග්ධනයක් යොදලා තමයි මේ ව්‍යාපාරය මම ආරම්භ කළේ. මේ වනවිට මාගේ වැඩකටයුතු 67/1, පරණ කොට්ටාව පාර, පන්නිපිටිය ස්ථානයේ පවත්වාගෙන යනවා.

ඔබ වෙත එන පාරිභෝගිකයන්ට ලබාගත හැකි සේවාවන් පිළිබඳ කතා කළොත්?

මුලින්ම මම පාරිභෝගිකයාගේ අදහස් දැනගන්නවා. අපි ඔවුන්ගේ අවශ්‍යතාවයයි සැපිරිය යුත්තේ. අපේ අවශ්‍යතාව අනුව ඔවුන්ට සාරි ලබා දීම නෙමෙයි කළ යුත්තේ. ඔවුන්ගෙන් ලබාගන්නා අදහස් අනුව තමයි මම සාරි නිර්මාණයන් සිදුකරන්නේ. මම වැඩි වශයෙන් මනාලියන් සඳහා  සාරි නිර්මාණයන් සිදුකරනවා. එවිට ඇයගේ අදහසුත් එක්ක වඩා හොඳ සාරි නිමැවුමක් ලබාදීම තමයි මගේ එකම අපේක්ෂාව බවට පත්වෙන්නේ. මෙම ආයතනය මගින් අවශ්‍ය පරිදි සාරි නිමැවුම් සිදු කරගත හැකිවීම සුවිශේෂීයි. කෙනෙක් ලස්සනට ඉන්නවා දැකීම තමයි අපේ සතුට.

ඔබගේ ඉදිරි වෘත්තීය බලාපොරොත්තු මොනවද?

මෙය ව්‍යාපාරික වශයෙන් තවත් දියුණු කර ගැනීම තමයි මගේ බලාපොරොත්තුව. මේ වනවිට සාරි නිර්මාණකරණය ගත්තත් පවතින තාක්ෂණය, දැනුම එක්ක අලුත් වෙනවා. වෙනස් වෙනවා. ඒ නවීන හොඳ දේවල් අවස්ථානුකූලව ගැළපෙන පරිදි සාරි නිමවුම් කරන්න යොදා ගන්නවා.

මේ ගමන තරුණියක් ලෙස ඔබට තනිව එන්න අපහසු වෙන්න ඇති?

ඔව්. මේක අභියෝගාත්මක ගමනක්. ගොඩක් ප්‍රශ්න ඇති වුණා. ඒ හැමදේකටම මුහුණදීම තමයි ජයග්‍රහණය. ඒ වගේම මට උදවු කළ බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුනුත් මතක් කළ යුතුයි. මගේ ගුරුතුමා වන සිසිර අමරබන්දු මහතා හා මාගේ ව්‍යාපාරය මේ තරම් දියුණු මට්ටමකට ගෙන ඒමට මග පෙන්වීමක් වගේම ලොකු සහයෝගයක් ලබා දුන්නේ ධම්මි කල්දේරා මහත්මිය. මෙහිදී ඇයට ස්තූතිවන්ත විය යුතුමයි. ඒ වගේම මගේ දෙමවුපියන්, මගේ සහෝදර සහෝදරියන්, වගේම මට උදවු කර හැම කෙනෙක්වම මෙහිදී මතක් කරනවා. ඔවුන් නිසා තමයි මගේ ව්‍යාපාරය මෙතරම් දුර ඇවිත් තිබෙන්නේ.

කිසියම් අයෙකුට නදීකා දිල්රුක්ෂි මෙනවිය දුරකථනය මගින් සම්බන්ධ කර ගැනීමට අවැසි නම්  0776762448 යන දුරකථන අංකය මගින් ඇයව සම්බන්ධ කරගත හැකිය. එසේම %ND DESINGS^ යන මුහුණු පොතේ පිටුව ඔස්සේද ඔබට අවැසි නිර්මාණ ආදිය නැරඹිය හැකිය.



Recommended Articles