සෙයිනබ් අමාරාෆ් හා ෆර්හාන් අමානුල්ලාහ් එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකා නැගී එන ආධුනික විලාසිතා නිර්මාණ ශිල්පීන්ගේ තරගාවලියේ අවසාන මහා තරගය නොවැම්බර් මස 30 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී නිමාවට පත්විය.
එහිදී ශ්‍රී ලංකාවේ නැගී එන ආධුනික විලාසිතා ශිල්පිනිය ලෙස කිරළු පැලඳීමට තේරා සිරිවර්ධන සමත්විය. අවසන් මහා තරගය සඳහා තරගකරුවන් 19 දෙනෙකු ඉදිරිපත්ව සිටි අතර, තරග අංශ 07ක් යටතේ ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග හා සහතිකපත් ප්රදානය කෙරිණි.
ශ්‍රී ලංකාවේ නැගී එන විලාසිතා නිර්මාණ ශිල්පී අංශය යටතේ දෙවැනි ස්ථානය රුෂිනි පෙරේරාටත්, තෙවැනි ස්ථානය ශානිකා පෙරේරාටත් හිමිවිය. මෙම විලාසිතා තරගාවලියට මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දැක්වූයේ විජය පුවත්පත් සමාගමයි.
වසරේ නැගී එන ආධුනික විලාසිතා නිරූපණ ශිල්පිනිය
තේජා සිරිවර්ධන - පළමු ස්ථානය
රුෂිනි පෙරේරා - දෙවැනි ස්ථානය
ශානිකා පෙරේරා - තෙවැනි ස්ථානය
The Best Evening Wear රුෂිනි පෙරේරා
The Best Sport Wear මලීෂා රුෂානි
The Best Casual Wearතේජා සිරිවර්ධන
The Best Show Stopper Wear ශානිකා පෙරේරා
Most Dedicated Designer ofthe Year නුස්ති නයීම්
Fan Most Favourite Award අලීෂා ස්මයිල්
ඡායාරූප ඉසුරු පෙරේරා