වසරක් පාසා යුරෝපා රටක පැවැත්වෙන මිස් ශ්‍රී ලංකා ඉන් යුරෝප් 2018 තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්විණි. පසුගියදා ගාලු මුවදොර හෝටලයේ පැවති මෙම විලාසිතා දැක්ම ශ්‍රී ලංකා ප්‍රංශ මිත්‍ර සංවිධානය විසින් සංවිධානය කළ අතර මින් ලැබෙන ආදායම මහරගම පිළිකා රෝහලට මෙන්ම මහනුවර පිළිකා වාට්ටුවට ආධාර වශයෙන් ලබාදෙන බව එහි සංවිධායකයෝ පැවසූහ.
මීට අමතරව වකුගඩු රෝගීන් වාර්තා වන ප්‍ර‘දේශවලට ජල පෙරණ ලබාදීමත් මෙයින් ලැබෙන ආධාර මගින් සිදු කිරීමට නියමිතය. යුරෝපයේ විවිධ රටවලින් පැමිණි 250ක පමණ පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූ අතර, එරික් බතික් විලාසිතාවෙන් සැරසුණු නිරූපණ ශිල්පිණියන් මෙහි දැක්වේ.
ක්‍රිශාන් රණසිංහ / ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු