Glamour Fashion Trends


ක්‍රිශාන් රණසිංහ උත්සව අවස්ථාවලදී අලංකාර විලාසිතාවන්ගෙන් හැඩවී පැමිණියහොත් පැමිණ සිටින්නන් මනමෝහනය කරන්නට හැකියාවක් පවතිනවා. ඒ ඔබේ විලාසිතාවේ පවතින අලුත් බවත්, වටිනාකමෙන් ඉහළ බව නිසාමයි.

සාමාන්‍යයෙන් උත්සව අවස්ථාවකට සාරි විලාසිතාවකින් හැඩවීම නිසාම ඔබ තුළ පවතින සමාජීය වැදගත්කම තවදුරටත් ඉහළ දමාගැනීමට හැකියාව ලැබෙනවා. උදාවී තිබෙන උත්සව සමයේ එලෙස ඔබේ වටිනාකම ඉහළ දමාගැනීමට මෙන්ම ඔබේ සුන්දරත්වය ඉහළ දමාගැනීමට හැකිවන්නා වූ සාරි විලාසිතා කිහිපයක් මෙලෙස අද ඔබට ඉදිරිපත් කරනු ලබනවා. ක්‍රිස්ටල්, මුතු, පබලු, සීක්වීන්ස්, කට්වර්ක්, එම්බ්‍රොයිඩර් ආදියෙන් වැඩ දැමුණු මෙම සාරි විලාසිතා ඔසරියට, ගුජරාටියට, පහතරට සාරි විලාසිතාවට මෙන්ම අලුත් විලාසිතාවන් අනුව හැඩගැන්වීමට රිසි පරිදි යොදාගත හැකියි.

ලේස්, රෝස් සිල්ක්, ලේසර්, සොෆ්ට් සිල්ක්, බ්‍රොකේඩ්, නෙට්, චිකු ලේන් රෙදි වලින් වන මෙම නවතම සාරි, සල්වාරි, මංගල සාරි, ලෙහෙන්ගා සාරි, චෝලි හා සල්වාර් විලාසිතා අද කැමරාවට හසුකර ගත්තේ කොළඹ කොටුව ප්‍රධාන වීදියේ පිහිටි ශ්‍රී විජයාන් ප්‍රදර්ශනාගාරයේදීයි. කාර්යාල ගමනට ගැළපෙන සාරි විලාසිතා රුපියල් 500 සිට ඉහළටත්, මනාලියන්ගේ සාරි විලාසිතා හා උත්සව අවස්ථාවන්ට ගැළපෙන විලාසිතා මෙන්ම සාමාන්‍ය ගමනට විලාසිතා කුඩා දරුවන්ගේ ඇඳුම් පැලඳුම්, පිරිමි අය සඳහා විලාසිතා ආදී සියලුම රෙදිපිළි අවශ්‍යතා ශ්‍රී විජයාස් වෙතින් මිලදී ගැනීමට හැකියාවක් තිබෙනවා.

ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ 



Recommended Articles