දේශීය ඇඳුම් විලාසිතාකරුවන් ජාත්‍යන්තරයට ඔසවා තැබෙන කොළඹ ජාත්‍යන්තර විලාසිතා සතිය මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.
එළැඹෙන වසරේ වසන්ත කාලය හා ගිම්හාන කාලය වෙනුවෙන් නිර්මාණය වූ විලාසිතා පෙළක් HSBC බැංකුව විසින් සංවිධානය කළ CFW Spring /Summer 17 කොළඹ විලාසිතා සතියේදී මෙලෙස ජාත්‍යන්තර විලාසිතා ලොවට එළිදක්වනු ලැබීය.