Pacific Person of the Year


පැසිෆික් කලාපීය සඟරාවක් වන %Islands Business Magazine^ මගින් වාර්ෂිකව නම්කරනු ලබන කලාපීය පුද්ගලයා ලෙස මෙවර නම් කරනු ලැබ ඇත්තේ නවසීලන්ත අගමැතිනිය වන ජසින්ඩා ආර්ඩෙන්වය.


 

පැසිෆික් කලාපයෙන් බැහැර පුද්ගලයෙකුගේ නම මේ සඳහා තෝරා ගැනුණු දෙවැනි අවස්ථාව මෙය වන අතර, මින් පෙර මේ සඳහා ඕස්ට්‍රේලියා අගමැති ජෝන් හොවර්ඩ්ගේ නාමය තෝරාගෙන තිබිණි. 
මෙම සඟරාවේ කර්තෘවරයා වන සමිසන් පරෙටි පවසන ආකාරයට පැසිෆික් කලාපය වෙනුවෙන් ඇය විසින් දක්වා තිබුණු විශේෂ සැලකිල්ල නිසාම ඇයගේ නාමය මෙලෙස නම්කිරීම සිදුකර ඇත.
&ඇය තරුණයි. ඇය කාන්තාවක්, ඇය මවක්. පැසිෆික් දූපත් නායකයෙකු තුළ තිබිය යුතු ගුණාංග මෙපරිදි විය යුතු යැයි ප්‍රාර්ථනා කරන සියල්ලක්ම මා සිතන පරිදි ඇය සතුව තිබෙනවා. ඇය සවන් දෙයි, ඇය තීරණාත්මක වන අතර ඇය සැමවිටම උත්සාහ කරන්නේ මිනිසුන් එකට එකතු කිරීමට මිස බෙදීම්වලට නොවේ* යැයි කර්තෘවරයා පවසා සිටී.

මෑතකදී ෆින්ලන්තයේ අගමැති ධුරයට පත් සන්නා මරීන්ට පෙර ලෝකයේ ළාබාලතම අගමැතිනිය ලෙස ජසින්ඩා ආර්ඩෙන් ඉතිහාස ගතව සිටියාය.
“අප ජීවත් වන පරිසරය රැකබලා ගැනීමේ වගකීම අපට ඇත, දේශගුණික විපර්යාසයේ අභියෝගයන් දෙස අපගේ දේශීය දේශසීමාවෙන් ඔබ්බෙන් සිට බැලීමට අවශ්‍යයි. පැසිෆික් කලාපයේ අපගේ අසල්වැසියන් දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම්වලට අද්විතීය ලෙස ගොදුරු විය හැකි බව අපි හඳුනා ගනිමු.* යැයි නවසීලන්ත අගමැතිනිය පැවසූවේ පසුගිය වර්ෂයේ පැවැති එක්සත් ජාතීන්ගේ පාරිසරික සමුළුව අමතමිනි.

 



Recommended Articles