Miss Sri Lanka 2019


ස්කයිවීව් ප්‍රඩක්ෂන් ආයතනය මගින් සංවිධාන කළ ‘‘මිස් ශ්‍රී ලංකා 2019’ තරගයේ අවසන් මහා තරගය ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අතිඋත්කර්ෂවත් අයුරින් පසුගියදා ගලධාරි හෝටලයේදී පැවැත්විණි.

මෙහිදී ආශි ද සිල්වා ප්‍රථම ස්ථානයත්, දිල්කි රණතුංග දෙවැනි ස්ථානයත්, නිශාලා කේ. නිශ්සංක තෙවැනි ස්ථානයත් හිමිකර ගැනීමට සමත්විය. මෙම තරගයේ ජයග්‍රාහිකාව වන ආශි ද සිල්වා චීනයේ පැවැත්වෙන miss tourism world තරගාවලිය නියෝජනය කිරීමට නියමිතය. 

මෙහි ජයග්‍රාහිකාවට ට්‍රැවල් රවුටර් ඉන්ටර්නැෂනල්^ ආයතනය මගින් චීන සංචාරයක්ද, කළුබෝවිල චීන කටු සායනය සහ පී.ඩී. එන්ටර්ටේට්මන්ට් ආයතනය මගින් සිංගප්පූරු සංචාරයක්ද ලබාදී තිබුණි, ඊට අමතරව Seven Seas, Stone & String, Uptown Liberty, Amora Lagoon, Beuty Mail Spa, Kanton Garment, Sansudi Fashion යන ආයතනයන්ද මේ සඳහා අනුග්‍රාහක දායකත්වය ලබාදී තිබිණි.

නදීශානි පතිරණ/ ජායාරූප - ඒශාන් ප්‍රනාන්දු

 



Recommended Articles