Lake Forest Hotel Anuradhapura


අනුරාධපුරයේ අලුතින්ම නිර්මාණය වූ සංචාරක හෝටලයක් වන ලේක් ෆොරස්ට් හෝටලය (Lake Forest Hotel) ගැනයි අපි අද කතා කරන්නේ. විශේෂයෙන්ම පාසල් නිවාඩු කාලයේ දුවා දරුවන් සමග විනෝද චාරිකාවක් යන ඔබට මෙය අතිශය සුන්දර අත්දැකීම් එක්කරන සුඛෝපභෝගී නවාතැන් පහසුකම් ලබාදෙන සංචාරක හෝටලයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. 

විශාල අවකාශයකින් යුත් කාමර නිර්මාණය වී තිබීම මෙහි ඇති සුවිශේෂී අංගයක් වන අතර, එය Double Rooms 16කින් සහ Family Rooms 6කින් සමන්විත වෙයි. සෑම කාමරයකටම බැල්කනිය හරහා තිසා වැව හෝ ගහකොළවලින් වටවූ හරිත පැහැය දර්ශනය වීම චමත්කාරජනකයි. නිවාඩු කාලය නිසා වැඩිහිටියන් දෙදෙනෙකු සඳහා වන කාමරයක් (FB Double) රු. 22,000/-කට සහ වැඩිහිටියන් හතර දෙනෙකු සඳහා වන කාමරයක් (FB Family Room) රු. 24,000/-කට ලබාදීම මෙවැනි නවීන සුඛෝපභෝගී හෝටලයකින් ලැබෙන හොඳ අවස්ථාවක්. 

මීට අමතරව තිසා වැව අද්දරින් නිමැවුණු පිහිනුම් තටාකය කුඩා දරුවන් සේම වැඩිහිටියන්ටද නිදහසේ කල් ගෙවීමට කදිම ස්ථානයක්. මෙම හෝටල් පරිශ්‍ර‘යේ ඇති ආකර්ෂණීයම අංගය නම් හෝටලයේ සිට නරඹන විට තිසා වැවේ එහා ඉමෙන් ජේතවනාරාමය, රුවන්වැලිසෑය, මිරිසවැටිය, අභයගිරිය සහ මිහින්තලය ඇස් මානයෙන් එක එල්ලේ දර්ශනය වීමයි. 

ගෘහ නිර්මාණ ශිල්පී රවීන්ද්‍ර අතුකෝරළගේ හිමිකාරීත්වයෙන් යුත් ලේක් ෆොරස්ට්හි ප්‍රණීත ආහාරපාන සඳහා වන අවන්හලක්ද තිසා වැව පෙනෙන මානයේ වෙයි. එමෙන්ම මංගලෝත්සව ආදී විවිධ උත්සව සඳහා අමුත්තන් 300කට පමණ එකවර සංග්‍රහ සත්කාර කිරීමට අවශ්‍ය උත්සව ශාලාවක්ද ලේක් ෆොරස්ට් සතු වෙයි.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 0252030300 යන දුරකථන අංකයෙන් සහ www.lakeforesthotel.com වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

සටහන හා ඡායාරූප - මාලක වැලිගොඩපොල

 



Recommended Articles