I proudly state my name Zozibini Tunzi, Miss Universe 2019


මගේ වගේ සමක් සහ කොණ්ඩයක් තිබෙන, මා වැනි කාන්තාවන් කිසිදාක ලස්සනයි කියා සලකපු නැති ලෝකයක තමයි මම හැදී වැඩුනේ. එය අදින් නවතිනවා කියා මා සිතනවා* මෙසේ පැවසූයේ 2019 වර්ෂයේ විශ්ව රූ රැජින ලෙස කිරුළ පැලඳූ දකුණු අප්‍රිකාවේ සොසිබ්නී ටුන්සිය. 


පසුගිය සතිඅන්තයේ එක්සත් ජනපදයේ ඇට්ලන්ටා නුවර පැවැති විශ්ව රූ රැජින තරගාවලිය සඳහා ලොව පුරා කතුන් අනූවකට වැඩි පිරිසක් සහභාගි වූ අතර, පුවොටෝ රීකෝහි මැඩිසන් ඇන්ඩර්සන් සහ මෙක්සිකෝවේ සොෆියා ඇරගන් පරාජය කරමින් 26 හැවිරිදි සොසිබිනී මෙවර විශ්ව රූ රැජින කිරුළ ජයග්‍රහණය කළාය.

 වර්තමානයේ බාලවියේ පසුවන ගැහැනු ළමුන්ට ඉගැන්විය යුත්තේ කුමක්ද? යන්න අවසන් මහා තරගාවලියේදී ඇයට යොමු වූ පැනය වූ අතර, එයට ඇය දුන් පිළිතුර හේතුවෙන් ඇයව ඉහළින් ඔසවා තැබිණි.
මම හිතන්නේ නායකත්වය. නායකත්වය කියන්නේ දීර්ඝ කාලයක සිට බාල වයසේ ගැහැනු ළමුන් සහ කාන්තාවන් තුළ අඩුවෙන් තිබෙන දෙයක්. එසේ වී තිබෙන්නේ කාන්තාව එසේ විය යුතුයි කියා සමාජය දී තිබෙන ලේබලය නිසයි. නැතුව අපේ ඕනෑකමට නොවෙයි. මම හිතන්නේ කාන්තාවන් තමයි ලෝකයේ ඉන්න බලසම්පන්නම වර්ගයා. අපට සියලුම අවස්ථා ලැබිය යුතුයි කියා මා සිතනවා. බාල වියේ පසුවන ගැහැනු ළමුන්ට අවස්ථා උදාකර ගැනීම පිළිබඳ ඉගැන්විය යුතුයි. යන්න ලොවක් අවධානය යොමු කළ ඇගේ පිළිතුරයි.

Text: Nadeeshani Pathirana

 



Recommended Articles