මෙම වසරේ ‘කොළඹ සමරමු' (Celebrate Colombo)’ යන තේමාව යටතේ විලාසිතා හා ඒ අදාළ අනෙකුත් ක්ෂේත්රද එකතු කර ගනිමින් නිර්මාණශීලී ඇසකින් කොළඹ නගරයට නව ජීවයක් ගෙන ඒමට COLOMBO FASHION WEEK බලාපොරොත්තු වේ. මේ සම්බන්ධ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පෙරේදා (06දා) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.
ශ්‍රී ලාංකේය විලාසිතා සංවර්ධනයේ ආරම්භය සනිටුහන් කළ COLOMBO FASHION WEEK සිය 15 වැනි සංවත්සරය මේ වසරේදී සමරනු ලබයි. 2003 වසරේ තැබූ ආරම්භක පියවරත් සමග ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණ ක්ෂේත්රයේ දියුණුවට මෙන්ම නිර්මාණකරුවන් ලෙස කලඑළි බැසීමටත්, ඒ වෙනුවෙන් වාණිජ වටිනාකමක් හිමිකර ගැනීමටත් මේ ඔස්සේ ශ්‍රී ලාංකේය තාරැණ්‍යයට මාර්ගය විවිර විය.
මෙවර COLOMBO FASHION WEEK මෙම මස 19දා සිට 25දා දක්වා පැවැත්වෙන අතර, මෙය කලා නිර්මාණ, චිත්‍රපට, ආහාර, සංගීතය මෙන්ම දැනුම් සම්පාදන වැඩමුළු, ආචාරාත්මක විලාසිතා, නිර්මාණ ප්‍රදර්ශන සහ නැගී එන නිර්මාණකරුවන් හඳුන්වාදීම වැනි විවිධ අංගයන්ගෙන් සමන්විතය.COLOMBO FASHION WEEK සඳහා මෙවර නීත්‍යානුකූල පාර්ශ්වකරු ලෙස දායකත්වය ලබා දෙන්නේ HSBC බැංකුවයි. මේ ඔවුන්ගේ සහයෝගිත්වයේ 10 වැනි වසර වන අතර, එහිදී විලාසිතා සංවර්ධනය අරමුණු කරගත් වැඩසටහන් සමගින් දේශීය විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් ඔවුන් විසින් දායකත්වය සපයන ලදී. මෙම වසරේදී ඔවුන්ගේ දැක්ම ඉදිරි වසර 10 වෙත යොමු වේ.
මේ සඳහා සත්කාරකත්වය Hilton Colombo විසින් සපයනු ලබන අතර, ඔවුන්ගේ එම සත්කාරකත්වය පසුගිය වසර කිහිපය පුරාම මෙම උත්සවය වෙනුවෙන් හිමි විය. ඒ අනුව Hilton සමග වූ සහයෝගිත්වයේ 9 වැනි සංවත්සරය මෙවර සැමරේ.මෙහි නිල රූපලාවණ්‍ය සහකරු ලෙස Ponds BB+ දායකත්වය දක්වයි. නිල රථවාහන සහකරු ලෙස දායකත්වය සපයන්නේ Audi සමාගමයි. පානීය ජලසහකරු ලෙස OLUද, නිල පානීය සහකරු ලෙස Wine world.lkද කටයුතු කරයි.
මේ සඳහා හිසකෙස් හා රූපලාවණ්‍ය සහකාරත්වය ලබා දෙන්නේ රමණී ප්‍රනාන්දු මහත්මිය විසිනි. නිල ඇස් පලඳනා සහකරු ලෙස Vision Care සමාගම කටයුතු කරයි. Hameedia , Leo Burnett Sri Lanka සහ MSLGROUP Sri Lanka නිල මහජන සම්බන්ධතා සහකරු ලෙස කටයුතු කරයි. මෙහි වෙබ් අඩවි සංවර්ධන සහකරු ලෙස We are Designers සහාය දක්වයි. Outdoor Digital Media සහකරු ලෙස Emerging Media කටයුතු කරයි.
COLOMBO FASHION WEEK සඳහා මෙවර දේශීය මෙන්ම විදේශීය නිර්මාණකරුවෝ 30 දෙනෙකුට වැඩි පිරිසක් දින 4ක කාලයක් පුරා සිය නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට සූදානමින් සිටිති.
මෙහි විදේශීය නිර්මාණකරුවන් අතර බිබි රසල්, එමෙරික් ෆ්රැන්කෝසිස්, උර්වශී කෝර් සහ ටරැන් ටහිලියානි යන පිරිස වෙති. දේශීය නිර්මාණකරුවන් අතර දර්ශි කීර්තිසේන, උපේක්ෂා හේගර්, චාරිනී සූරියගේ, මාස්, දිමුතු සහබන්දු, කොන්සයන්ස්, මෙරාකි, සොනාලි ධර්මවර්ධන, ෆවුසල් හමීඩ්, ජයශ්‍රී, අමිලානි පෙරේරා, කැතරින් රෝව්සන්, ලොවී සිලෝන්, නිලංක සිල්වා, අස්ලම් හුසේන්, ඉන්දීවරී යාපා අබේගුණවර්ධන සහ ගිහින් එදිරිවීර සිටිති.