Being a high profile jeweler was hard work, but it got me to where I am now


රැකියාව නිසා ඇතිවූ ආතතිය හා කාංසාව ඇයව ගොවිතැනට යොමු කරන්නේ මීට වසර කිහිපයකට පෙරයි. මේ වන විට ඇය එදා ආභරණ මෝස්තර නිර්මාණකරණයේ ඉහළින් සටහන් කර තිබූ ඇගේ නාමය වගා බිමේද ඉහළින් සටහන් කර ඇත. 


ඇය එදා හොලිවුඩයේ සුපිරි තරු වන රිහානා, ලේඩි ගාගා, කයිලි ජෙනර්, ජෙනිෆර් හඩ්සන් වැනි ජනප්‍රිය චරිත වෙනුවෙන් ආභරණ නිර්මාණකරණයේ යෙදුණු ලුසී ස්ටාර්ට්ය.

ලී, ලෝහ හා සෙරමික් මාධ්‍යයෙන් ආභරණ නිර්මාණකරණය පිළිබඳ උපාධියක් හැදෑරීමෙන් පසු ලුසී සුප්‍රසිද්ධ මෝස්තර නිර්මාණකරුවෙකු වන එරික් බීමන් යටතේ ආභරණ මෝස්තර නිර්මාණකරණයේ නිරත විය. ඉන්පසුව ඇය ලෝක ප්‍රසිද්ධ වෙළෙඳ නාමයන් වන Accessorize හා  M&S වෙනුවෙන් ආභරණ මෝස්තර නිර්මාණය කරනු ලැබීය. පසුකාලීනව තමන්ගේම විලාසිතා සන්නාමයක් යටතේ මෝස්තර නිර්මාණකරණයේ යෙදුණු ඇය 2013 වර්ෂයේ විලාසිතා ලෝකයෙන් සමුගන්නේ මවක් ලෙස තමන්ගේ රැකියාව තුළ පැවැති ආතතියෙන් මිදීම උදෙසාය. විශේෂයෙන් ඇය රැකියාවේ පවතින ආතතිය නිසා ඇතිවන Chronic Fatigue Syndrome (CFS/ME) නිසා පීඩාවට පත්ව සිටියාය. අවසානයේ ඇය විලාසිතා ලෝකයේ ඇය තබා තිබූ ජනප්‍රියතාවය පිළිබඳ හා ලද ආදායම් තත්ත්වයන් සියල්ල අමතක කර කාබනික වගාව වෙත පියමැන්නාය. 

මම එළවළු හා පලතුරු වගාකරන්න වඩාත් කැමතියි. එය විනෝදජනක මෙන්ම ඉතාම  සරල හා සතුට උපදවන කටයුත්තක්. මම ශිෂ්‍යයෙක්ව සිටින කාලයේත් මගේ ජනේලය මත ලස්සන බඳුන් තබා වාගා කරනු ලැබුවා. මට හමුවන කුඩා ඉඩක වුණත් කුමන හෝ පැළයක් වගා කරන්නයි මම උත්සාහ කළේ* ඇය පවසන්නීය.

අවුරුදු 26ක්ව සිටියදී ලුසී තමන්ගේම විලාසිතා සන්නාමයක් යටතේ ජනප්‍රිය තරු වෙනුවෙන් ආභරණ නිර්මාණකරණයේ නිරතව සිටි අතර, ඇයගේ මෝස්තරවල පැවැති සුවිශේෂත්වය නිසාම ලන්ඩන් හා පැරිස් විලාසිතා සති වෙනුවෙන්ද ආභරණ නිර්මාණකරණයට අවස්ථාව උදාකර ගත්තාය.

&මගේ රැකියාව ඉතාම ඉහළ මට්ටමේ තිබුණත් එය මට මානසික වශයෙන් ආතතියට ලක්වන තරමටම අවිවේකී තත්ත්වයට ගෙන ගියා.* ඇය සඳහන් කළාය.
මේ හේතුව නිසාම ඇය විලාසිතා ලෝකයට සමුදී කලාකාරිනියක හා නිවාස අලුත්වැඩියාකරණයේ නියැලෙන්නියක ලෙස කටයුතු කරන්නට යොමු වූවාය. එම කාලය තුළ ඇය මවු පදවිය ලබන අතරම 2018 වර්ෂයේ ඇය පූර්ණකාලීනව ගොවිතැනට යොමු වන්නීය. ඇයගේ ගොවිතැනේ විශේෂත්වය වන්නේ කෘෂිකර්මාන්තයෙන් ඈත්ව ගිය සොයා ගැනීමට අපහසු භෝග වර්ග වගා කිරීමය. මේ වෙනුවෙන් ඇය විශේෂ අධ්‍යයනයක් සිදුකර ඇති අතරම ගොවිතැන පිළිබඳ පාඨමාලාවන්ද හදාරා ඇත. ඒ අනුව ඇය ඇයගේ ගෙවත්ත භෝග වලින් පිරී ඉතිරුණු භූමියක් බවට පත්කරගෙන තිබේ. 

ඇය මේ වන විට දුර්ලභ භෝග වල බීජ සංරක්ෂණය කරන  Garden Organic's Heritage Seed Library හී තානාපතිනියක ලෙස පත්ව ඇත්තේ වඳවී ගෙන යන භෝග වර්ග සංරක්ෂණය වෙනුවෙන් ඇය සිදුකරන සේවය වෙනුවෙනි. ඇය වගාකරන මෙම ඉපැරණි එළවළු හා පලතුරු යොදාගෙන විවිධ ආහාර සකස් කරන ආකාරය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් ඇය යූටියුබ් චැනලයක් පවත්වාගෙන යන අතර, එහි අනුගාමිකයන් 50000ක් පමණ ඇය සමග එකතුවී සිටියි.


 



Recommended Articles