රටවල් 84 ක රූමතියන් පරදා 2014 මිහිකත රූ රැජින (Miss Earth) ලෙස අභිෂේක ලැබීමට පිලිපීනයේ ජෙමී හැරල්ඩ් සමත් විය.
මුළු ලොවටම ගැටලුවක්ව තිබෙන ගෝලීය උණුසුම අවම කිරීම වෙනුවෙන් දරුවන් දැනුවත් කිරීම තම අභිප්‍රාය කරගත් මෙම රූමතියගේ වයස අවුරුදු 19 කි. සත්ත්ව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන ඇය ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ උපත ලබා තිබීමද විශේෂත්වයකි.
පිලිපීනයේ ක්වීසොන් සිටිහි පිලිපීන සරසවි ශ්‍රවණාගාරයේදී නිමාවට පත්වූ '2014 මිහිකත රූ රැජින' තරගාවලිය වෙනුවෙන් මෙරට නියෝජනය කළ ඉමායා මහලියනගේ අනු අංශයක් වූ දක්ෂතා එළිදැක්වීමේ තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තාය.
මිහිකත රූ රැජින තරගයේ සුළඟ කිරුළ (Miss Earth Air) ඇමෙරිකානු රූ රැජින වූ ඇන්ඩ්‍රියාටද, ජලය කිරුළ (Miss Earth Water) වෙනිසියුලා රූමතිය වූ මාරියාටද, ගින්දර කිරුළ (Miss Earth Fire) රුසියානු රූමතිය වූ ඇනස්ටේෂියාටද හිමිවිය.