ෆෙමිනා රූමතියෝ අදට කතා කරති


‘ෆෙමිනා මිස් ඉන්ඩියා 2014’ රූ රැජින තරගාවලියේ අවසන් වටයට තේරුණු ඉන්දීය රූමතියන් 25 දෙනෙකුට ශ‍්‍රී ලංකාවට පැමිණීමට  පසුගිය සතියේ අවස්ථාව උදාවිය.

සිනමන් හොටෙල් ඇන්ඩ් රිසෝට් සහ ඉන්දියාවේ ටයිම්ස්  ඔෆ් ඉන්දියා  මාධ්‍ය ආයතනය මැදිහත්ව මෙම අවස්ථාව ඔවුන්ට ලබා දී ඇත.

මන්සි ග්‍රෙවෝල්

උතුරු ඉන්දියාවේ චන්දිලාර්හි පදිංචි 21 හැවිරිදි යුවතියකි.  ඇයට  සොයුරන්  දෙදෙනෙකි. ඇය  එරට විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යාව  පිළිබඳ උපාධියක් හදාරන අවසන් වසරේ සිසුවියකි. අනාගතයේදී වෛද්‍ය සායනයක් ආරම්භ කිරීම ඇය බලාපොරොත්තුවයි. ඇය ෆෙමිනා මිස් ඉන්ඩියා තරගාවලියට සහභාගී වී ඇත්තේ විනෝදාංශයක් ලෙසය.

 

ජතාලිකා මල්හෝත‍්‍රා

මුම්බායි නුවර පදිංචි  19 හැවිරිදි යුවතියකි. ඇයට එක් සොහොයුරෙක් සිටියි. ඇය මුම්බායි  විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධිය හදාරන දෙවැනි වසරේ සිසුවියකි. ඇගේ සිහිනය ලෝක රූ රැජිනවීම සහ කලාකාරිනියක වීමයි.

ලෝපාමද්‍රා රවුට් 

මහාරාෂ්ට්‍රයේ නාග්පූර්හි පදිංචි 22 හැවිරිදි යුවතියකි.  ඇයට එක් සොහොයුරියක් සිටියි. ඇය  එරට විශ්වවිද්‍යාලයක  විද්‍යුත් ඉංජිනේරු  උපාධිය හදාරන අවසන් වසරේ සිසුවියකි. ඇගේ බලාපොරොත්තුව  ඉන්දියානු රූ රැජින ලෙස ඇගේ රටට කිර්තියක් අත්කරදීමයි. අනාගතයේදී නිළියක වීමටද ඇය සිහින මවයි.

සෝනල් රිහානි

21 හැවිරිදි වියේ පසුවන විශ්වවිද්‍යාල සිසුවියකි. ඇය කල්කටාවේ පදිංචිකාරිනියකි.   මුම්බායි සරසවියේ කාබනික රසායනය පිළිබඳ උපාධියක් සොනාල් හදාරයි. ඇගේ අනාගත බලාපොරොත්තුව කථිකාචාර්යවරියක වීමයි.

ජන්ති හසාරිකා

20 හැවිරිදි යුවතියකි.  බැංගලෝරයේ පදිංචිකාරියක වන ඇය බැංගලෝරයේ  ‘වෝග් කොලේජ්’හි මෝස්තර  නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධි පාඨමාලාවක් හදාරයි.

සාහිත්‍යා ජෙගනාදන්

24 හැවිරිදි යුවතියකි.  චෙන්නායිහි උපත ලද ඇයට එක් සොහොයුරෙක් සිටියි. ඇය 2009 වසරේ චෙන්නායි රූ රැජින ලෙස කිරුළු පැලඳි යුවතියකි.ඇය ජනමාධ්‍ය සහ පුස්තකාල සේවා පිළිබඳ උපාධියක් හදාරයි. ලෝක ජන මාධ්‍ය කර්මාන්තයට එකතුවීම ඇගේ බලාපොරොත්තුවයි.  

අමර්ජෝති කොවුර්

24 හැවිරිදි යුවතියකි.  චන්දිගාර්හි පදිංචි  ඇයට බාල සොයුරෙක්  සිටියි. ඉන්දියාවේ ‘ඉන්ෆොසිස්’ සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස  සේවය කරන ඇය මෙම රූ රැජින තරගාවලියට ඉදිරිපත් වී ඇත්තේ සමාජ සේවා කිරීමට මින් ලැබෙන ජනප්‍රියත්වය පිටුවහලක් වන බැවිනි. ඇගේ අනාගත බලාපොරොත්තුව සමාජ සේවා වැඩ කටයුතු කිරීමත්  දරුවන්ට රැකවරණය සැලසීමත්ය.

කෝයල් රානා

21 හැවිරිදි යුවතියකි.  දිල්ලි නුවර පදිංචි ඇයට සොහොයුරෙකු සහ සොහොයුරියක  සිටියි.   දිල්ලි විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරන ඇය එහි තුන්වැනි වසරේ සිසුවියකි. ඉන්දීය රූ රැජින වීමට පෙරුම්පුරන ඇය අනාගතයේදී තමන්ගේම ව්‍යාපාරයක් කිරිමට බලාපොරොත්තු වෙයි.

අර්පිතා කොවුර්

20 හැවිරිදි යුවතියකි. බැංගලෝරයේ පදිංචි ඇය පවුලේ එකම දරුවා වෙයි. ‘ඉන්ටිරියල් ඩිසයිනර්’ පාඨමාලාවක් හදාරන ඇය නේපාලයේ විශ්වවිද්‍යාලයක දෙවැනි වසරේ ශිෂ්‍යාවකි. ඇය  නිව්යෝර්ක්හි ඒ හා සම්බන්ධ ලොව විශාලතම සමාගම හා එක්වීමට බලාපොරොත්තුවෙන් සිටියි.

යොෂිකි සින්දර්

23 හැවිරිදි තරුණියකි.  උතුරු ඉන්දියාවේ පදිංචි ඇයට වැඩිමහල් සොහොයුරෙකු සහ හොහොයුරියක සිටියි. ඇය වෘත්තියෙන් ඉංජිනේරුවරියකි. ගායිකාවක ලෙසත්, මෝස්තර නිරූපන ශිල්පිනියක ලෙසත්  කටයුතු කරන ඇගේ බලාපොරොත්තුව මිස් ඉන්ඩියා තරගයෙන් ජයග‍්‍රහණය කර ලෝක රූ රැජින තරගයට එක්වීමයි.

සංජනා ගනේෂන්

22 හැවිරිදි තරුණියකි.  බාල සහෝදරියක පමණක් ඇයට සිටියි.  පරිගණක  ඉංජිනේරුවරියක ලෙස කටයුතු  කරන ඇය ඉන්දියාවේ දක්ෂතම නිරූපණ ශිල්පිනිය වීමට පෙරුම්පුරයි.

දීප්ති සැට් 

විසිහතර හැවිරිදි තරුණියකි.  මුම්බායි පදිංචි ඇය පවුලේ එකම දරුවා වෙයි. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධි පාඨමාලාවක් හදාරා ඇති ඇය ඉන්දියානු රූ රැජින වීමට බලාපොරොත්තුවෙන් සිටියි. ඇයගේ එකම සිහිනය වන්නේ කෙදිනක හෝ ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ මාධ්‍ය ජාලයේ විධායක නිලධාරිනිය වීමයි.

ඉර්ෂිකා මෙහෙරෝත‍්‍රා

22 හැවිරිදි තරුණියකි.  හයිද්‍රාබාද්හි පදිංචි ඇය මූල්‍ය කටයුතු සහ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හදාරන දෙවැනි වසරේ  විශ්වවිද්‍යාල සිසුවියකි. ඉන්දියානු රජයේ පරිපාලන තන්ත්‍රයට එක්වීමට බලාපොරොත්තු වන ඇය ඉන්දීය රූ රැජින වීමට අපේක්ෂා කරයි.

නිඛිලා නන්දගෝපාල්

18 හැවිරිදි තරුණියකි. බැංගලෝරයේ පදිංචි ඇය එහි උසස් බාලිකා විදුහලක දොළොස්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරයි. බේරුවල ‘සිනමන් බේ’ හෝටලයේ පැවති ‘මිස් ඇක්ටිවිටි’ අභියෝගාත්මක තරගයෙන් ප්‍රථම ස්ථානය හිමි කරගනිමින්   ෆෙමිනා මිස් ඉන්ඩියා රූ රැජින තරගාවලියේ එක් අංගයක් වන  ‘මිස් ඇක්ටිවිටි’ වීමේ භාග්‍යය ඇය උදාකරගත්තාය. ඇගේ අනාගත බලාපොරොත්තුව මෝස්තර නිරූපණ සමාගමක් ආරම්භ කිරීමයි.

ආරාධනා නයර්

25 හැවිරිදි යුවතියකි. කේරළයේ උපත ලද ඇය මේ වනවිට දිල්ලියේ වාසය කරයි. ඇයට එක් සොහොයුරෙකු සිටියි. ගුවන් සේවිකාවක ලෙස කටයුතු කර ඇති ඇය මේ වන විට එන්.ඩී.ටී.වී. මාධ්‍ය ආයතනයේ ජනමාධ්‍යවේදිනියක ලෙස සේවය කරයි. 

සිම්රන් කන්ද්වාල් 

18 හැවිරිදි යුවතියකි. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇයට වැඩිමහල් සොහොයුරියක් සහ බාල සොහොයුරෙක් සිටියි. ඇය වාණිජ  අංශයෙන් අධ්‍යාපනය ලබන අතර, දොළොස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. සමාජ සේවය කිරීමට බලාපොරොත්තු වන ඇය ඉන්දීය රූ රැජින තරගයට ඉදිරිපත්ව ඇත්තේ එමගින් ජනතාවට ළංවීමට අවකාශය ලැබෙන බැවිනි.

අදිති වොට්ස්

21 හැවිරිදි යුවතියකි. උතුරු ඉන්දියාවේ ජායිපූර්හි පදිංචිකාරියක වන ඇයට වැඩිමහල් සහෝදරයෙක්  සිටියි. පුනෙයිහි නීති විද්‍යාලයේ තුන්වැනි වසරේ සිසුවියක වන ඇය නිළියක් වීමට බලාපොරොත්තු වෙයි.

වර්ෂා ගෝපාල්

බැංගලෝරයේ පදිංචි 19 හැවිරිදි යුවතියකි. ඇගේ වැඩිමහල් සහෝදරයා ලන්ඩනයේ පදිංචි බව ඇය කීවාය. ඇගේ බලාපොරොත්තුව වරලත් ගණකාධිකාරිනියක වීමයි. ඇය බැංගලෝරයේ විශ්වවිද්‍යාලයක ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරයි.

ගේල් ද සිල්වා

ඉන්දියාවේ ගෝවේ පදිංචි 21 හැවිරිදි යුවතියකි. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් හදාරන ඇය දෙවැනි වසරේ විශ්වවිද්‍යාල සිසුවියකි. ඇගේ බලාපොරොත්තුව දක්ෂ මෝස්තර නිරූපණ ශිල්පිනියක වීමයි.

ටී.ජේ. භානු

උතුරු ඉන්දියාවේ රායිපූර්හි පදිංචි 21 හැවිරිදි යුවතියක වන ඇයට සොයුරන් දෙදෙනෙකි. රායිපූර්හි විශ්වවිද්‍යාලයක වෙළෙඳ දැන්වීම් ප‍්‍රකාශනය පිළිබඳ උපාධියක් හදාරන ඇය එහි දෙවැනි වසරේ සිසුවියකි. ඇගේ බලාපොරොත්තුව නිළියක වීමයි.

අරීෂා ඛාන්

ඉන්දියාවේ මුම්බායි නුවර පදිංචි 19 හැවිරිදි යුවතියකි. ඇයට එක් සහෝදරියක පමණක් සිටියි. මුම්බායි විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ  අධ්‍යාපනය ලබන සිසුවියක වන ඇය මාධ්‍ය පිළිබඳ උපාධියක් හදාරයි. චිත‍්‍රපටි නිෂ්පාදිකාවක සහ නිළියක වීම ඇගේ එකම පැතුමයි.

අස්වතී රමේෂ්

කේරළයේ අන්ද්‍රා ප‍්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණියකි. ඇයට බාල සොහොයුරෙක් පමණක් සිටියි. ඇය බැංගලෝරයේ විශ්වවිද්‍යාලයක ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධි පාඨමාලාවක් හදාරන දෙවැනි වසරේ සිසුවියකි. ඇය මූල්‍ය සමාගමක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙයි.

මේදිනී ඉගූර්

බැංගලෝරයේ පදිංචි 21 හැවිරිදි යුවතියකි. පවුලේ එකම දරුවා වන ඇය බැංගලෝරයේ විශ්වවිද්‍යාලයක ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධියක් හදාරයි. ඇය එහි හතරවැනි වසරේ සිසුවියකි. තමන්ට රඟපෑමට නොහැකි බව  පැවසූ ඇය ගෘහ නිර්මාණ ශිල්පිනියක ලෙසත්, මෝස්තර නිර්මාණ ශිල්පිනියක ලෙස කටයුතු කිරීමට කැමත්තෙන් පසුවෙයි.

මාලතී කහේර්

අග‍්‍රාහි පදිංචි 23 හැවිරිදි තරුණියකි. ඇයට බාල සහෝදරයෙක් පමණක් සිටියි. ඇය ලක්නව්හි උසස් අධ්‍යාපන ආයතනයක මෘදුකාංග ඉංජිනේරු  උපාධිය හදාරයි. ව්‍යාපාරික කාන්තාවක වීමට බලාපොරොත්තු වන ඇය ඉන්දීය රූ රැජින සහ ලෝක රූ රැජින වීමට බලාපොරොත්තු වෙයි.

චාමිනී සෙකියුරියා

මුම්බායිහි පදිංචි 22 හැවිරිදි තරුණියකි. හෝටල් කළමනාකරණ උපාධියක් හදාරා ඇති ඇය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට බලාපොරොත්තුවෙන් සිටියි. ඉන්දීය රූ රැජින කිරුළ හිමිකරගැනීම ඇගේ එකම බලාපොරොත්තුවයි.

 



Recommended Articles