ළබැඳියාවේ සෙවණැල්ල ඔබේ රෝහලෙත් ක්‍රියාත්මකද?


දරු ප්‍රසූතියකදී ළබැඳියෙකු නැත්නම් සහයට අයෙකු තබා ගැනීමට අවස්ථාව ලබාදීම මගින් ප්‍රසූතියේදී මවකගේ සිතේ ඇතිවන බිය අඩු කරගත හැකිවීම මගින් ප්‍රසූති අවස්ථාවේදී සිදුවෙන ඇතැම් හදිසි තත්ත්ව වළක්වා ගැනීමට හැකි බවට වෛද්‍යවරුන් හඳුනාගෙන තිබේ.

මේ වනවිට ඒ සඳහා පහසුකම් සපයන ලෙස වෛද්‍යවරුන්ට, රෝහල් කාර්යමණ්ඩලයට දැනුම් දෙමින් චක්‍රලේඛ නිකුත් කිරීමක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකර තිබෙන බවට වාර්ථා වූයේ පසුගියදා 'පරාජන්මීය විශේෂඥ වෛද්‍යවරැන්' විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව ඉදිරියේදී දරු ප්‍රසූතියට මුහුණදෙන මවකට ප්‍රසූති අවස්ථාවේදී සහයට තමන්ගේ ළඟම ඥාති කාන්තාවක රඳවා ගැනීමට හැකිවනු ඇත. මෙය සියලුම රෝහල්වල සිදුකිරීමට පහසුකම් නොමැති වූවද, හැකි සෑම රෝහලකම සිදුකිරීමට සහය ලබාගැනීම මෙම වෛද්‍ය සංගමයේ අපේක්ෂාව වී තිබේ. 

safdsfsg

ඒ පිළිබදව තවත් වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා අප පරාජන්මීය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතාගෙන් කෙටි විමසීමක් සිදු කළෙමු. මේ ඒ මහතා ඒ පිළිබඳ දැක්වූ අදහස්ය.

''මේ වනවිටත් ප්‍රසූතිකාගාර පවතින රෝහල්වල ඇතැම් වාට්ටු තුළ මවගේ සහයට ප්‍රසූති අවස්ථාවේ ඥාති කාන්තාවක තබාගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදී තිබෙනවා. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් චක්‍රෙල්ඛයක් යොමුකරලා තිබෙනවා  මෙම පහසුකම් ලබා දෙන්න කියලා. නමුත් ඇත්තටම අවශ්‍ය වන්නේ මේ සඳහා වෛද්‍යවරුන් අතරත් ප්‍රවණතාවක් නිර්මාණය වීමයි.

එහෙම නැතිව අපිට හැම විශේෂඥ වෛද්‍යවරයෙකුටම මෙම පහසුකම් ලබාදෙන්න කියලා බල කරන්න හැකියාවක් නැහැ. මොකද හැම රෝහලකම මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න අපහසුයි. දැනට රෝහල්වල ප්‍රසූතිකාගාරවල පවතින ඉඩකඩ සීමිතයි. මේ නිසා අපිට මවගේ සහයට දරුවාගේ පියාව නම් කොහොමටත් තියන්න බැහැ.

ඒ වගේම තමයි ඇතැම් අවස්ථාවක ඇතැම් රෝහලක මේ අවස්ථාවේ තවත් කාන්තාවකට ඉන්නට ඉඩ ලබාදෙන්න තරම් ඉඩක් නැති වෙන්න පුළුවන්. නමුත් අපි බලාපොරොත්තු වෙනවා වසරක් වැනි කාලයක් තුළ මේ පහසුකම් ලංකාවේ සෑම රෝහලකින්ම ලබාදෙන්නට.

දැනට අපි මුළු ලංකාවේම තිබෙන රෝහල්වල මේ සම්බන්ධයෙන් මහජනතාව හා රෝහල් කාර්යමණ්ඩලය දැනුම්වත් කිරීම සඳහා පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර තිබෙනවා. මේ හරහා අපි මහජනතාව තුළ මෙම පහසුකම්  ඔවුන්ගේ රෝහල් තුළ ඉල්ලීම වෙනුවෙන් පෙළඹීමක් ඇති කරන්නට බලාපොරොත්තු වෙනවා.

අපි පෝස්ටරයේ අවසානයේ සටහන් කර මහජනතාවගෙන් අසන්නේ මෙය ඔබේ රෝහලේත් ක්‍රියාත්මකද? යන්නයි. ඒ හරහා අපි මහජනතාවගේ ඉල්ලුමට අනුව අදාළ පහසුකම් සපයන්නට හැකිවන ආකාරයේ පරිසරයක් ගොඩනැගීමට බලාපොරොත්තු වෙනවා.'' 

BXP67799h_1 Doula_with_family maternity_ward_labor_delivery_49[1]



Recommended Articles