සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයන් ලෙස නමක් දිනා සිටින Volvo සමාගම ළදරුවන්ගේ ආරක්ෂාව වඩාත් සුරැකෙන අයුරේ අසුනක් සහිත මෝටර් රථයක් වෙළෙඳ පොළට හඳුන්වාදීමට අදහස් කර තිබෙනවා. මෙම නවතම ළදරු ආරක්ෂිත අසුන නිපදවා ඇත්තේ බොත්තමක් එබීමෙන් ඉහළට හෝ පහළට එසවීමට, දිගාවීමට හා කරකැවීමට හැකිවන අයුරිනි. එසේම දරුවන්ගේ නැපි, බ්ලැන්කට් හා අනෙකුත් අවශ්‍ය දෑ ගබඩා කිරීමේ පහසුකම්ද මෙහි සලස්වා ඇති බවත් වාර්තා වෙනවා. අවුරුදු 04 ට අඩු කුඩා දරුවන් ඉතාමත් සුරක්ෂිත අයුරින් වාහනයක රැගෙන යා හැකි ලෙස මෙය නිපදවීම පිළිබඳව ඔවුන් දරන්නේ මෙවැනි අදහසක්.
“කුඩා දරුවන්ගේ මාංශ පේෂීන් ශක්තිමත් නොවීම, විශේෂයෙන් ගෙල ප්‍ර‘දේශයේ මාංශ පේෂීන් ශක්තිමත් නොවීම නිසා ධාවනය වන වාහනයක් ඇතුළත ඔවුන් අනාරක්ෂිතවීමට ඉඩක් පවතිනවා. ඒ නිසා ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකිරීමට වැඩිහිටියන්ට වඩාත් පහසු වන ලෙස මෙම අසුන හඳුන්වා දුන්නා.*
මෙම නව අසුන හේතුවෙන් දරුවා කෙරෙහි වැඩිඅවධානයක් යොමු කිරීමටත්, කෑම කැවීම, නැපි මාරුව ආදිය ඉතා ආරක්ෂිත අයුරින් සිදු කිරීමටත් වැඩිහිටියන්ට අවස්ථාව ලබාදෙනවා. XC90 නාමයෙන් වෙළෙඳ පොළට හඳුන්වාදීමට නියමිත මෙම නව අසුන සහිත මෝටර් රථය ඉතා ඉක්මනින් වෙළෙඳ පොළට නිකුත් කිරීමට Volvo සමාගම අදහස් කර නැතත්, ඇමෙරිකානු ඩොලර් 49,895 ක මුදලකට එහි ආදර්ශ මෝටර් රථ විකිණීමට ඇති බවද සඳහන් වෙනවා.