ස්වාමියාගේ ආදායම පමණක් බලා නොසිටි දිරිය කතක්


''මහත්තයාගෙන් ලැබෙන දෙය විතරක් බලාගෙන හිටියොත් කාන්තාවකට හොඳ ජීවන තත්ත්වයක් ගොඩනගාගන්න බෑ. ඒ නිසාම තමයි මම උම්බලකඩ ව්‍යාපාරය ආම්භ කළේ'' යැයි වල්ගම්එළිය ජී. ප්‍රියන්තිකා රෝහිණී  මහත්මිය පැවසුවාය.

“එකවර බලයෝ, ලින්නෝ සහ බෝල්ලෝ මාළු කිලෝ 1000ක් ගේනවා. මාළුවාගේ බඩේ ඉවත්කරලා දැල් කවරවල දමලා මාළුවෝ  තම්බනවා. වතුරට ලුණු දමලා මාළු කටු ඉවත් කරලා මැස්සක දමා වේලනවා. මේ ටික වේලනකොට තවත් මාළු කිලෝ 1000ක් ගෙනල්ලා මේ විදියටම වේලනවා. ලින්නෝ දින තුනක් හොඳටම වේලනවා. බලයෝ දවස් හතරක් වේලනවා.

මේ සඳහා මට සහායට දෙදෙනෙකුගෙන් සේවය ලබාගන්නවා. ඇත්තටම සතුටුයි ඉතාමත් සාර්ථකව අපි උම්බලකඩ වේලීමේ කර්මාන්තයේ නිරතව සිටිනවා. කොරපොතු කටු ඉවත් කරගන්න රයිසි කර පිහියක් යොදනවා. අනෙක් සෑමදෙයක්ම අතින් කරන්නේ. කොළඹ ගිනිහින් උම්බලකඩ අලෙවි කරනවා. සාර්ථකත්වයට මහත්මයාගෙන් ලැබන ශක්තියත් ලොකු දෙයක්'' යනුවෙන්ද ඇය පවසා සිටියාය.

කිරම - ඩබ්.ඒ. නෙල්කා

u1 u2 u3 u4



Recommended Articles