රජයේ රැකියාවකට වඩා ස්වයං රැකියාවකට තිබූ ආසාව නිසාම රූපලාවණ්‍ය ශිල්පිනියක බවට පත්වූ යුවතියක පසුගියදා මීගහකිවුල නගරයේදී අපට මුණගැසිණි.
සුජීවා තේජාණි නම් වූ ඇය, මීගහකිවුල නගරයේ 'සැලෝන් තේජා' නමින් රූපලාවණ්‍ය ආයතනයක් පවත්වා ගෙන යන්නීය.
සමාජය සමග ගැටෙමින් කිසියම් රැකියාවක් කිරීමට තිබූ දැඩි ඇල්ම නිසාම පාසලින් සමුගැනීමෙන් අනතරුව මෙම වෘත්තිය තෝරගත් බවත්, ඒ සඳහා තම පවුලේ පිරිසගෙන් විශාල සහයෝගයක් ලැබුණු බවත් ඇය පැවසුවාය.
සිය වෘත්තිය පිළිබඳව අදහස් දැක්වූ ඇය,
''මම වියලුව ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයෙන් අ.පො.ස උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. හැබැයි මම රජයේ රැකියාවකට කැමති වුණේ නැහැ. රජයේ රැකියාවකට ගියාම සීමා මායිම් වැඩියි. ඒ නිසා තමයි නිදහසේ කරන්න පුළුවන් මේ වෘත්තිය තෝරගත්තා. පාසල් වියේ ඉඳලාම මම මේ ක්ෂේත්රයට ආසාවක් තිබුණා. ඒකත් මේකට යොමුවීමට හේතු වුණා.
මම මුලින්ම ප්‍රවීණ රූපලාවන්‍යය ශිල්පිනී සුරංගි අත්තනායක මහත්මිය යටතේ වසරක රූපලාවණ්‍ය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවා.
ඊට පස්සෙ 2015 වසරේදී බදුල්ල කාර්මික විද්‍යාලයේ වෘත්තීය පුහුණු අධිකාරිය මගින් මෙහෙය වූ රූපලාවණ්‍ය පාඨමාලාව හදාරා සිවුවැනි මට්ටමේ සහතිකය ලබාගත්තා. වෘත්තීය පුහුණු අධිකාරිය හා රතුකුරුස ආයතනය මගින් මෙහෙය වූ ප්‍රථමාධාර පාඨමාලාව, කාර්මික විද්‍යාලය මගින් මෙහෙයවූ ව්‍යවසායකත්ව පුහුණු පාඨමාලාව ආදී පාඨමාලා කිහිපයකුත් හැදෑරුවා. මම අද මීගහකිවුල නගරයේ රූපලාවණ්‍ය ආයතනයක් පවත්වගෙන යනවා.
රූපලාවණ්‍ය කටයුතුවලට අමතරව තිරරෙදි දැමීම ආදිය කරල දෙන්නත් මම ඇනවුම් බාර ගන්නවා. මේ රැකියාව මගේ ආදායම් මාර්ගය. මේ ලැබෙන ආදායමින් තමයි මම අද ගෙදර අයට කරදර නොකර මගේ සෑම කටයුත්තක්ම කරගන්නෙ.
මම ඉගෙන ගත්ත හැම උපකරණයක්ම මගේ රූපලාවණ්‍යාගාරයේ නැහැ. ඒ උපකරණවලට යම් මුදලක් අවශ්‍යයි. ඒ හැම දෙයක්ම අරන් දෙන්න පවුලේ අයටත් කරදර කරන්න බැහැ. යම් ආයතනයක් ඉදිරිපත් වෙලා මට උදව්වක් කරනවා නම් ලොකු දෙයක්'' යැයි පවසා සිටියාය.
දුරකථන අංක 071 1 893 220 හෝ 077 3 412 796 කතාකර සේවය ලබාගත හැකි බව ඇය පවසා සිටියාය.
මීගහකිවුල - එන්.කේ. නිශ්ශංක