වයිට්නින් ක්‍රීම්වල තත්ත්වය පිරික්සීමට නව නීති


සම පැහැපත් කිරීම සඳහා ආලේප කරන Whitening Cream වල තත්ත්වය පිරික්සීම සඳහා නව නීති සැකසීමට නීති සම්පාදක කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බව විලවුන්, උපකරණ හා ඖෂධ පාලන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ පරීක්ෂක අමිත් පෙරේරා මහතා පැවසුවේය.

ජනාධිපතිවරයාගේ අවධානය හා අධිකාරියේ අධ්‍යක්ෂකවරයාගේ මැදිහත්වීම මෙම නව නීති සැකසීම කෙරෙහි යොමුව ඇති බවත්, එයට හේතු වී ඇත්තේ Whitening Cream සඳහා රසදිය, කැඩ්මියම්, ආසනික් වැනි බැරලෝහ අඩංගු විය යුතු ප්‍රතිශතයට වඩා සියගුණයක් පමණ වැඩියෙන් එකතු කිරීමට නිෂ්පාදකයින් කටයුතු යෙදීම වන බවත්, ඒ මහතා සඳහන් කළේය.

එසේම 2014 මුල් කාර්තුවේදී මෙරට වෙළෙඳපොළේ විකිරණ Face wash, Fairness Cream, Shampoo,Ecos Cream වැනි නිෂ්පාදන පිළිබඳ සමීක්ෂණයක් දිවයින ආවරණය වන පරිදි සිදුකිරීමට කටයුතු සැලසුම් කර ඇති බවද ඒ මහතා පැවසුවේය.



Recommended Articles