ලෝකයේ විවිධ රටවල ඒ ඒ රටවලට ආවේණික රසයන්ගෙන් යුත් විවිධ ආහාර වර්ගයන් සකස් කරයි. එම ආහාර අතර ප්රණීත බව අනුව ඒවාට ඇති ඉල්ලුමත් වෙනස් වීම දැකගත හැකිය. ලොව පුරා සංචාරය කරන, ආහාර රසයන්ට ප්රිය කරන්නන් රස බැලීමට අමතක නොකරන ලොව හොඳම නැතහොත් ප්රණීතම ආහාර ලැයිස්තුවක් මෙලෙස අන්තර්ජාලයේ පළකර තිබිණි. 2011 වර්ෂයේ මේ අයුරෙන් සකස් කළ ආහාර ලැයිස්තුවේද මෙහි ඇතැම් ආහාර ඇතුළත් වී තිබිණි.
මසාමන් කරි (Massaman curr)
මෙම කරි දීසිය රජ බොජුනක් ලෙස හඳුන්වයි. එසේම සියලුම කරි වර්ග අතර ඉස්තරම්ම කරි වර්ගය ලෙසද මෙය හඳුන්වා දී ඇත. කටට සැර බවක්, පැණි රසක්,තුනපහ මිශ්ර රසයක්, කිරි රසයක් මෙම කරියේ අඩංගු යැයි සඳහන්වේ. තායිලන්තයේ සංචාරයේ යෙදෙන කවුරුත් මෙහි රස බැලීමට අමතක නොකරන්නේ එහි ඇති රසය නිසාවෙන්මය.
සුෂී ( Sushi)
අමු මාළු හා බත් මිශ්ර මෙම ප්රණීත ආහාරය ජපන් ජාතිකයන්ට විශේෂ වූ ආහාරයකි. ජපානයේ සංචාරය කරන්නන් %සුෂී^ රස බලන්නට අමතක නොකරන්නේ එහි ඇති සුවිශේෂී බවත්, රස හා ගුණවත් බවත් නිසාමය.
පෙනන්ග් අසැම් ලක්සා ( Penang assam laksa)
මැලේසියානු ආහාර වර්ගයක් වන මෙම ආහාරය නූඩ්ල්ස් සමග ආහාරයට එක් කර ගැනීම වඩාත් ජනප්රියය. ප්රණීත රසයකින් මෙන්ම දිව පිනායන සුවඳකින්ද යුක්ත මෙම ආහාරය සැකසීමට මැකරල් මාළු, සියඹලා, මිරිස්, මින්ට්, සැල්දිරි, ලූණු, අන්නාසි ආදිය යොදා ගනී.
ටොම් යම් ගුන්ග් (Tom yum goong)
ලොව හොඳම ආහාර 10 අතරට එක්වන තවත් එක් තායි ආහාරයක් වන මෙම ආහාරය සඳහා ලොකු ඉස්සන්, බිම්මල්, තක්කාලි, සැල්දිරි, දෙහි කොළ, උකු පොල්කිරි ආදිය යොදාගනී. මෙහි රසය ලුණු මිශ්ර තුනපහ රස හා පැණි රස මුසුවී ඇති බවට පැවසේ
හැම් බර්ගර් (Hamburger)
ලොව වෙසෙන්නන් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 20කට අධික මුදලක් %බර්ගර්^ මිලදී ගැනීම සඳහා වියදම් කරන බවට පැවසේ. මෙම %බර්ගර්^ වර්ග අතර %මෙක්සිකානු බර්ගර්^වලට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. ඒ එම 'බර්ගර්' අනෙක් රටවල නිෂ්පාදනය කරන 'බර්ගර්'වල රසයන්ට වඩා රසයෙන් ඉහළ නිසාවෙනි.
අයිස් ක්රීම් (Ice cream)
ලොකු කුඩා කොයි කවුරුත් වයස් ෙභ්දයකින් තොරව රස බැලීමට කැමැති ආහාරයක් ලෙස අයිස්ක්රීම් සඳහන් කළ හැකිය. විවිධ රසයන්ගෙන් යුතු අයිස්ක්රීම් සමග මාෂ්මෙලෝස්,චොක්ලට් සෝස් මෙන්ම විවිධ කජුවර්ග මිශ්ර කර රස බැලීමටද අයිස්ක්රීම් ලෝලීහු ප්රිය කරති.
චිකන් මෞම්බා (Chicken muamba)
ගැබෝනාවේ ප්රණීත ආහාරයක් වන මේ සඳහා රටකජු හා බටර් යොදාගනී. තවද සැරෙන් අධික මිරිස්, සුදු ලූනු, තක්කාලි, ගම්මිරිස්, ලුණු, බණ්ඩක්කා, ආදිය යොදා මෙම කුකුළු මස් වෑංජනය සකස් කර ගනියි. අප්රිකානු බටර්වල රසය එක් කරන මෙම ආහාරය ලොව හොඳම ආහාර අතරට එක්ව තිබේ.
මෙක්සිකානු චොකලට් (Chocolate)
ලොව අස්සක් මුල්ලක් නෑර ජීවත්වන්නන් ප්රිය කරන ආහාරයක් ලෙස චොකලට් නම්කළ හැකිය. මේ අතරින් කිරි මිශ්ර මඳක් තිත්ත රසයක් හා ප්රණීත රසයක් ඇති මෙක්සිකානු චොක්ලට්වල ඇත්තේ අමුතුම ආකාරයේ රසයකි. මේ හේතුවෙන්ම මෙක්සිකානු චොක්ලට් ලොව රසවත්ම ආහාර අතරට එක්ව තිබේ.
පෙකින්ග් ඩක් (Peking duck)
පෑන් කේක්, බෝංචි ඇට වැනි ආහාර සමග මෙම පිළිස්සූ තාරා මස් ආහාරයට ගනී. උඳුනක සෙමින් පුළුස්සා ගන්නා තාරා මස් මත %maltose^ නමැති සිරප් වර්ගයක් තවරා ගැනීම මෙම පිළිස්සූ මස්වල අමුතු දිලිසෙන ස්වභාවයට හේතු වී තිබේ. මේවා ආහාරයට ගැනීමට චීන ජාතිකයන් මෙන්ම චීනයේ සංචාරයේ යෙදෙන්නන්ද මහත් සේ ප්රිය කරන බවට පැවසේ.