මාරාන්තික පිළිකා රෝගය පසෙකලා දිවිය දිනූ දිරිය කතක්


මාරාන්තික 'මෙසා බලාස් මෙට බොලිසම්' (කුඩා මොෙළ් පිළිකාව) සෑදීමෙන් පසු මරණය පැරදූ, ඉවත දමන කසළවලින් නිර්මාණ කර සිය ජීවිතයද ජයගත් දිරිය කාන්තාවක් මහනුවර වරාපිටිය කුණ්ඩසාලේ ප්‍රදේශයේ වාසය කරයි. ඇය නමින් ජූඩී හේවගේ මහත්මියයි. 

එක්දරු මවක වන ජූඩී හේවගේ මහත්මිය ඇයට ඇති වූ හිසරදයක් සමග අත්පා පණ නැතිවීමේ අංශභාගය වැනි රෝගයක් හේතුවෙන් කොළඹ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇයගේ මොළේ ගෙඩියක් සෑදී ඇති බවත්, එය සැත්කමක් මාර්ගයෙන් ඉවත් කළ යුතු බවත්ය.

එහිදී ඇයට මාරාන්තික 'මෙසා බලාස් මෙට බොලිසම්' (කුඩා මොළේ පිළිකාව) සෑදී ඇති බව වෛද්‍යවරුන් පවසා ඇති අතර, ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට 2014 මාර්තු මාසයේදී පිළිකා රෝහලේ නේවාසිකව සිටිය යුතු බව වෛද්‍යවරුන් පවසා තිබේ.
වෛද්‍යවරුන් සැත්කම් කිරීමට අවශ්‍ය බව පැවැසූ බැවින් පවුලේ සියලු දෙනාගේ බල කිරීම මත එම සැත්කම් දෙකද කළ පසු අය මරණය පරදා ජීවිතය නැවත ලබාගත් බව අප හා පැවසුවාය.
ඇයට ඒ වනවිට තම දියණිය බැලීමටවත් දරුවා ළඟට පැමිණීමට නොහැකිවූයේ පිළිකාව සඳහා ලබාදෙන රේඩියෝ තෙරපි වෛද්‍ය ප්‍රතිකාරය හේතුවෙන් එහි කිරණ තම දියණියට බලපෑමක් ඇති කරන නිසාවෙන් බව ඇය පැවසුවාය.
මරණය පරදා ජීවිතය ජයගත්තද තම දියණිය තමාට දැකගැනීමට සිදුවූයේ ඈතින් සිට බව ඇය අප හා ප්‍රකාශ කළාය. 

2

මහනුවර පිළිකා නිවාසයේ මාස හතක් ගතකළ ජූඩී මහත්මිය සිය නිවසට රෝහලෙන් 2016 පෙබරවාරි මාසයේදී සතුටින් පිය නැගුවද ඇයට ඊට පසු ජය ගැනීමට තවත් බාධකයක් විය.
ඒ ජීවන ගැටලුවයි. ඇයට පවුලේ සහ අවට ප්‍රදේශ වාසීන්ගෙන් උදවු උපකාර ලැබුණද ඔවුනට බරක් නොවීමට ඇය තීරණය කළාය.

ඒ වනවිට ඇයගේ රෝගයට සිදුකළ ප්‍රතිකාර හේතුවෙන් ඇයට ඇවිදීමට අපහසු වූ අතර, ඇගේ කතා කිරීමට ඇති හැකියාව  හා ඇස් පෙනීමද දුර්වල විය. නමුත් ඇය එය තම ජීවිතය ජය ගැනීමට බාධාවක් නොකරගන්නට තරයේ සිතා ගත්තාය.
මෙම වසරේදී මෙරට කසළ ගැටලුව හේතුවෙන් විශාල ජීවිත විනාශයක් සිදුවීම හේතුවෙන් අපතේ යන කසළවලින් සිය ජීවිතය ජයගැනීමට ඇය සිතුවාය. 

රටේ ඇති කසළ ගැටලුවට විසඳුමක්දී තම ජීවිතය ජයගත් ආකාරයට අනෙක් ජීවිතවලටද යහපතක් වන දෙයක් කිරීමට ඇය තරයේ ඉටා ගත්තාය.
ජූඩී මහත්මිය ඉන්පසු තම හිතවතුන්ගේ නිවෙස්වලින් ඉවත දමන ඝන කසළ වන ප්ලාස්ටික් බෝතල්,පොලිතීන් වැනි අපද්‍රව්‍ය ගෙන ඒ හරහා නිර්මාණ කිරීමට කටයුතු කළාය. 
අනතුරුව ඇයට උදවු කරන අසල්වැසියෙකු සමග උත්සව අවස්ථා ෙමන්ම පොළවල සිය නිර්මාණ ගෙන ගොස් ඒවා විකිණීමට ඇය සමත්වූවාය.

15

මෙමගින් කෙමෙන් කෙමෙන් ඇයගේ ආර්ථිකය ශක්තිමත් වූ අතර, ඉන් පසු ඇය මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කසළ කළමානාකරණ ඒකකයේ නිලධාරීන් හමුවී ඔවුන් හට ලැබෙන ඝන අපද්‍රව්‍ය රැගෙන නිර්මාණ කරන්නට විය.
ඇය මේ පිළිබඳ ලද අත්දැකීම් මත සිය හිතවතියන්ට තමා ලබාගත් දැනුම ලබාදෙන්නට කටයුතු කළ අතර, ඔවුන්ට ඝන අපද්‍රව්‍යවලින් දැකුම්කලු නිර්මාණ කිරීමට ඉගැන්වීය.

ඉන්පසු ජූඩී මහත්මියව මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කසළ කළමනාකරණ ඒකය මගින් විවිධ ප්‍රදේශයන් පුරා පවත්වාගෙන යන පුහුණු පාඨමාලාවල සිසු සිසුවියන්ට  ඝන අපද්‍රව්‍ය ආශ්‍රිත නිර්මාණ කිරීම පුහුණු කිරීම සඳහා තෝරාගත් අතර, ඇය අද වනවිට එම පාඨමාලාවේ පුහුණු නිලධාරිනියක ලෙස කටයුතු කරන්නීය. 

පසුගියදා මහනුවර නගරය තුළ ආරම්භ කරන ලද ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය සඳහා ඇය ගුරුවරියක ලෙසද බඳවාගෙන තිබේ.

24 27 31 36



Recommended Articles