කාන්තාවන්ට ඉතාමත් ප්‍රයෝජනවත් මෙන්ම ආරක්ෂිත නිය ආලේපනයක් සැකසීමට උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ සිසුහු 4 දෙනෙක් සමත් ව සිටිති. ඒ අනුව යම් කාන්තාවකට ලබා දෙන පානයක මත් ද්‍රව්‍ය අඩංගු කර තිබේ නම් සුළු මොහොතක් තුළ ඇයට හඳුනා ගැනීමට හැකියාව ලැබේ.
ඒ තම නිය ආලේපන ගැල්වූ ඇඟිල්ලක් පානය සහිත බඳුනට දැමූ විට එහි මත් ද්‍රව්‍ය අඩංගු වේනම් එසැණින් එම නිය ආලේපනය කළු පැහැගැන්වෙනු ඇත. මෙම නිෂ්පාදනය මත්ද්‍රව්‍ය මිශ්‍රකොට කාන්තාවන් මත් කිරීමෙන් පසු සිදු වන බොහෝ අපරාධයන්ගෙන් ආරක්ෂාවීමට කාන්තාවන්ට අවස්ථාව සලසා දෙනු ඇත.